ශල්‍යාගාරවල භාවිත කරන රෙදි ආදිය නොලැබීම නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් රැසක් අද නැවතුණු බව රෝහල් ආරංචි කියයි.
පසුගිය දෙදිනේ පැවැති වැසි නිසා සේදූ රෙදි වියලී නැති බවත්, කළින් දින නියමව ඈත පළාත්වලින් ආ රෝගීන් අපහසුතාවට පත්වූ බවත් දැනගන්නට ඇත.
හදිසි සැත්කම් පමණක් ගැටළුවකින් තොරව සිදු කළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා පැවසුවේ රෝහලේ සැත්කම් සියල්ල නිසි ආකාරව සිදු කළ බවයි. කිසිදු සැත්කමක් කල් නොදැමූ බවත් පද්මසිරි මහතා කියයි.
අවුරුදු නිවාඩුවට දුර බැහැර ගම්වලට ගිය සේවකයන් කිහිප දෙනකු පැමිණීමේ ප්‍රමාදයක් තිබුණු බවට හා මේ තත්ත්වය හෙට දිනයේ ද පැවැතියහොත් සැත්කම් නැවැත්වීමට සිදුවන බවට ප්‍රචාරයක් ගිය බවත්, මේ වන විට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දී ඇති බවත් පද්මසිරි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්තම ඇත්ත. අද මගේ දරුවාගේත් සැත්කම කල්දැම්මා ඉහත ප්‍රශ්නය නිසා.මම සැත්කමට දින ගත්තේ ගිය අවුරුද්දේ.එහෙත් අද සැත්කම කළේ නැහැ. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)
මගේ අක්කගේ පුතාගේ සැත්කම අදට නියමව තිබුන අතර එය ප්‍රමාදයකින් තොරව සිදු උනා. නන්දන සහ චමල් එක්ක මම එකඟ වෙනවා. ඔය නාස්ති කරන මුදල් වලින් ලංකාවේම රෝහල් වලට රෙදි සෝදන සහ වෙලාන යන්ත්‍ර දෙන්න පුළුවන්.(දී)
මෙරටේ දැන් ඉන්නේ මොකවත් නැති සහ හැම දෙයක්ම හොඳටම ඇති අයයි . මැද පිරිස (මධ්‍යම පන්තිය) වඳවී ගොස්ය (දී)
මේ මොන රෙද්දක්ද? එක එක දේවල් කිය කියා සල්ලි කන රටේ, අපිට ලෙඩ වුනාම දෙන්න රෙද්දක් වත් නැද්ද? (දී)
නියම නිදහසට කාරනාව. "වැස්සනිසා රෙදි වේලිල නෑ....." අර කලින් හිටපු අධ්‍යක්ෂක තුමාගේ කාලෙ, වහින්න නැතිව ඇති. (දී)
ගමන මෙහෙමම ගියොත්නමි රෙදිත් නැතිව කාට කාටත් යන්න වෙන දවස වැඩි ඈතක නමි නෙවෙි. (ස)
මේක සම්පුර්ණ ඇත්ත. අද දින මම පුද්ගලිකව අත්විඳපු දෙයක් මේක. නමුත් වෛද්‍ය රොමේෂ් ගුණසේකර මහතාගේ අංක 14 වාට්ටුවේ වෛද්‍ය ජේ. ගමගේ නියම ජිවක පරපුරක උත්තමයෙක් විදිහට අද දින සේවය කළා. මගේ පුතාගේ තිබු ශල්‍යකර්මයක් වෙනත් දිනයකට කල් නොදමා එතුමන් විසින්ම සිදු කිරීමෙන් එතුමා ඒ බව ඔප්පුකළා. රෝහල් වාට්ටුවේ සිටි හෙදි කාර්ය මණ්ඩලයටත් එතුමාටත් මෙය උපහාරයක් වේවා! (නි)
මොනවා කරන්නද බැද ගත්ත බෙරේ ගහමු. (ස)
ලම්බෝගිනි ගෙන්වන, නයිට් රේස් යන මහජන මුදල් වලින් රෙදි වේලන යන්ත්‍ර කීපයක් රෝහල් වලට ගෙනල්ලා දෙන්න බැරි ඇයි? මහජනයා හොඳටම කලකිරිලා ඉන්නේ. (නි)
මේක මහා පුදුම කතාවක්නේ. මිලියන ගණන් වියදම් කර කර නාස්ති කරන රටේ, රුපියල් ලක්ෂ 20ක් විතර වෙන ඩ්‍රයර් එකක් ගන්න බැරිද? (නි)
හැමෝම තම තමන්ගේ ඇඟ බේරගන්න හදනවා. මේ වලින් තැලෙන්නේ පොඩි වෙන්නේ නැති බැරී අපේ රටේ දුප්පත් මිනිස්සුයි. (ස)