තණමල්විල බලහරුව තල්ගහදිගන වන රක්ෂිතයේ ගංජා හේන් දහයක් අඟහරුවාද (5) සවස බුත්තල විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරීන් විසින් වැටලීය. අක්කර දහතුනක, රුපියල් කෝටි පහක් වටිනා ගංජා ගස් ගලවා ගිනි තබා ඇත. සැකකරුවන් පස්දෙනෙකු සමග කොටන තුවක්කු දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! ඇයි ගිනි තියන්නේ? බෙහෙත් හදලා අපනයනය කරන්නකො. මේවායෙන් වැඩක් ගන්න විදියක් බලන්න. (නි)
ලංකාවෙ ගංජ වවන එක නීති විරෝධියි. වවන මිනිස්සු හිරේ දානව දඩ ගහනවා. හැබැයි ඒ මිනිස්සු දඬුවම් විඳිද්දි ඒ වවපු ගංජා බෙහෙත් හදන්න ගන්නවා ඒක මොනතරම් ලැජ්ජ නැති වැඩක්ද? ලංකාවට ඉන්දියාවෙන් ගංජ අවුන්සයක්වත් බෙහෙත් හදන්න ගෙන්නන්නෑ. ඇමතිතුමා හරි. අපේ බෙහෙත් හදන්න ගංජ ඕන නම් වවන්න ඕන (හේ)
මේක අපේ අර ඇමැතිතුමා කියපු එක වෙන්නැති (බ)
ඒ පළාතේ අයට ගංජා බිව්වා වගේ තමයි මේ නඟින දුම වැදුනහම වෙන හානියත්. අපරාදේ ඇයි මේවා විනාශ කරන්නේ? ඇයි යෝජනාවකුත් ගෙනාවා නේද ගංජා වවලා ඖෂධ සංස්ථාවේ ප්‍රයෝජනයට ගන්නවා කියලා. (නි)
මෙච්චර ලොකු වටිනාකමක්? හිතාගන්නත් බැහැ (නි)
අපරාදේ මේ ටික රාජිත මහතාගේ අායුර්වේදෙට දෙන්න තිබුනේ දැන් මේ එය වවන්නයි යන්නේ අපරාදේ ආයේ මුදල් වියදම් කරන්නේ වවන්න මේ අල්ලගන්න ඒවා එකට දුන්නම ඉවරනේ (බ)