තණමල්විල අන්නාසි ගල සිට වැල්ලවාය අයිස්පීල්ල දක්වා කිලෝමීටර් 46ක විදුලි වැටක් ඉදි කර වල් අලින්ගෙන් ගම් බිම් රැක ගැනීමට වනජීවී සම්පත් සංරක්ෂණ ඇමති ගාමිණී විජිත් විජයමුණි මහතා සැරසෙයි.
ඒ සඳහා යන වියදම රුපියල් දෙකේටි තිස් ලක්ෂයකි.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී රත්නායක මහතාද සහභාගී වූ ආරම්භක උත්සවය තණමල්විල කුඩාඔයෙන් ඇරැඹිණි.
විදුලි වැටට සමාන්තරව හණ වැටක් ඉදි කිරීමට ද යයි.
හණ කර්මාන්තය දියුණු කිරීමද එහි එක් අරමුණකි.
ඇමැතිවරයා සිය පෞද්ගලික වියදමින් හණ කර්මාන්තය ගැන අධ්‍යයනයක් ද කළේය.
වැට ඉදි කිරීම සිවිල් ආරක්ෂක බලකායට පැවරේ.
හණ වගාවට චීනයේ මූල්‍ය සම්පත් හා තාක්ෂණ දැනුමත් ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටවල් ගලෝලා කිරිහරක් කැළේට දක්කන අයටත්, දර කඩන්න වැටවල් කඩාගෙන යන අයටත් දඩුවම් කරන්න වේවි වැට ආරක්ෂා කරගන්න (නි)
මේ සිවිල් බලකායෙ නියම කොල්ලො සෙට් එකක්නෙ ඉන්නෙ. දැක්කම බඩ පිරෙනවා (නි)
අපරාදෙන ඔය වැටට දිගට හණ වගාකරන්නේ, ගෝනි මහන්නද? තණමල්විලත් වෙලා වවන්න තිබුනේ ගංජා වැටක්නේ!මොකද අපේ රටට දැන් කැසිනොත් එන එකේ ඔය පැත්තක් ටිකක් දියුනු කළා නම්නේ හොඳ! (නි)
ඔය විදුලි වැටවල් යල් පැනගිය ක්‍රම. අලි දන්නවා මේවයින් පැනල යන්න. හණ වල එතරම් කටු නැහැ.තාක්ෂණය දියුණු කාලයේ මීට වඩා අඩු වියදමින් වැඩක් කිරීමට විදේශ සහාය හා දැනුම උපයෝගී කරගන්නවා නම් වටිනවා! (නි)
ගාමිණී-සිරි, හන ගස් අඩි 10කට වඩා උසට ඝනව වැඩෙනවා. ශක්තිමත්ව කටු විහිදෙනවා. අලින්ට හන වැටක් තල්ලුකරලා එන්න කිසිම ඉඩක් නැහැ. ඊට ආසන්නවම පිටින් විදුලි වැටකුත් තියෙද්දි. මම ටීවී එකේ එහෙම තැනක් දැක්කා. එකම දේ මිනිසුන්ගෙන් මේ දෙකම ආරක්ශා කරගැනීම. (නි)
මේක හොඳයි. හැබැයි නඩත්තුවත් දිගටම් තියාගන්න වෙයි (නි)
අලින් වෙඩි තබා මරනවාට වඩා, අලින් උන්ගේ නීජ භූමි වලින් එලවනවාට වඩා අගය කළ යුතු වැඩක්. ඇමතිතුමා ගැන සතුටුයි. (නි)
අදහස නම් හොදයි. මම අසා තිබෙනවා පැරණි කාලේ ගම්මාන වල ගම්මානය සහ කුබුරු යාය වටා කුකුරුමාන, එරමිණිය වෙනි ස්වබාවික කටු සහිත වැටවල් නිර්මාණය කර තිබු බව. එය සාර්ථකව පවතින්න ඇති ඒ කාලේ අලි මිනිස් ගැටුම් නොතිබීමට.(නදී)
මේක හොද වැඩක්. තව හොද ක්‍රමයක් තමා මී මැස්සන් බෝ කීරීම. අප්‍රිකාවේ මාසි ගෝත්‍රිකයන්ගේ ඉඩමේ හතර කොනේ මී වඩ හි කරලා ඒවාට කම්බියෙන් වටේ එක කර තියෙනවා. අලියා කම්බියේ ගවුනොත් මී මැස්සන් ඌට කරදර කරනවා. අලි මාර බයයි මී මැස්සන්ට හොඩේ දිගේ යයී කියල. (ස)
දැනට අවුරුදු 20 ට විතර කලින් පුත්තලමේ නීල බැම්ම ව්‍යාපාරයේ වනාතවිල්ලුව දක්වා තිබෙන ඇල මාර්ගය දෙපැත්තේ අපි තල් පැල හිටෙව්වා අලින්ගෙන් බේරගන්න. ඊට පස්සේ යන්න බැරි වුණා බලලා එන්නවත්. සාර්ථකද දන්නේ නැහැ. (නි)