තොටළඟ ෆර්ගසන් පාර අසල නිවාස කැඩීමට විරුද්ධව එහි වැසියෝ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම හරස් කරමින් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් පෑලියගොඩ අවට දැඩි මාර්ග තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
අඟහරුවාදා පස්වරුවේ එම ස්ථානයේ විරෝධතාවයක නියැලි පිරිස් පළවා හැරි නමුත් යළි එදින රාත්‍රියේ විරෝධතාකරුවන් පාර හරස් කර අද (17) පෙරවරුව වනතෙක් එහි රැඳී සිටියහ.
මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් ඇතිවී තිබිණි. එම ස්ථානය අවට දිගු වාහන පෝලිම්ද දැකිය හැකිවිය.
අද පෙරවරුවේ රාජකාරියට යෑමට පැමිණි බොහෝ පිරිසක් විරෝධතාවය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd