තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන් අරඹා තිබූ උද්ඝෝෂණය මේ වන විට අවසන් කර ඇතැයි පොලිසිය පවසයි.
පෑලියගොඩ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම හරස් කරමින් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් අඟහරුවාදා සවස සිට විරෝධතාකරුවෝ එහි රැඳී සිටියහ.
ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන්ගේ නිවාස රජය විසින් කඩා දමනු ලැබීම හේතුවෙන් ඊට විරෝධය පා අඟහරුවාදා උද්ඝෝෂණය ආරම්භ කැරිණි. එදින සවස පිරිසක් පැමිණ විරෝධතාකරුවන් පළවා හැරියද නැවත රාත්‍රී කාලයේ ඔවුහු එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.
අද (17) පෙරවරුව වනතෙක් ඔවුහු පාලම හා අවට මාර්ග හරස් කරමින් විරෝධතාවයේ යෙදුණු අතර කැලණිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එහි පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර උද්ඝෝෂණය අවසන් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ,තරාතිරම නොබලා හැම එකාටම ක්‍රියා කරන්න. නැතුව මේ රට හදන්න බැහැ.පසුගිය කාලේ තිබුන කැලේ නීතිය නැති කරලා දමන්න. (බ)
සංවර්ධනයේදි එක එකාට ඕනේ විදිහට නටන්න දීලා බෑ. දැඩි පියවර ගන්න ඕනේ. නා.සං.අ තව තවත් ශක්තිය ලැබේවා. (බ)
මේ මිනිසුන්ට පිස්සු අනවසර ඉදිකිරීම් අයින් කළා කියල පාරේ යන මිනිස්සු පළිද. මම ඊයේ 4.15 පිටත් වෙලා කඩවතට යනකොට 7.45 . අපි මොනවා කරන්නද. මිනිස්සු මොලේ පාවිච්චි කරන්න ඕනි. (බ)
මොවුන් අනවසර පදිංචිකරුවන්ය. රජය නිසි පියවර ගෙන ඇත. (ර)
වරද රජයේ ඇයි මුලින් ඉඩදෙන්නේ අනවසර ඉදිකිරීම් වලට මේ වරදට දඩුවන් දෙන්න ඕන නාගරික මන්ත්‍රීන්ට කොළොඹ නගරසභාවේ. (ර)