IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තොටළඟ විරෝධය අවසන්

තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන් අරඹා තිබූ උද්ඝෝෂණය මේ වන විට අවසන් කර ඇතැයි පොලිසිය පවසයි.

පෑලියගොඩ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම හරස් කරමින් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් අඟහරුවාදා සවස සිට විරෝධතාකරුවෝ එහි රැඳී සිටියහ.

ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන්ගේ නිවාස රජය විසින් කඩා දමනු ලැබීම හේතුවෙන් ඊට විරෝධය පා අඟහරුවාදා උද්ඝෝෂණය ආරම්භ කැරිණි. එදින සවස පිරිසක් පැමිණ විරෝධතාකරුවන් පළවා හැරියද නැවත රාත්‍රී කාලයේ ඔවුහු එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

අද (17) පෙරවරුව වනතෙක් ඔවුහු පාලම හා අවට මාර්ග හරස් කරමින් විරෝධතාවයේ යෙදුණු අතර කැලණිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එහි පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර උද්ඝෝෂණය අවසන් කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

තොටළඟ විරෝධය අවසන්

රාවන් Wednesday, 17 February 2016 09:07 AM

නීතිය ,තරාතිරම නොබලා හැම එකාටම ක්‍රියා කරන්න. නැතුව මේ රට හදන්න බැහැ.පසුගිය කාලේ තිබුන කැලේ නීතිය නැති කරලා දමන්න. (බ)

:       0       0

සුදේශ් Wednesday, 17 February 2016 06:03 AM

සංවර්ධනයේදි එක එකාට ඕනේ විදිහට නටන්න දීලා බෑ. දැඩි පියවර ගන්න ඕනේ. නා.සං.අ තව තවත් ශක්තිය ලැබේවා. (බ)

:       0       0

සේපාලි Wednesday, 17 February 2016 05:57 AM

මේ මිනිසුන්ට පිස්සු අනවසර ඉදිකිරීම් අයින් කළා කියල පාරේ යන මිනිස්සු පළිද. මම ඊයේ 4.15 පිටත් වෙලා කඩවතට යනකොට 7.45 . අපි මොනවා කරන්නද. මිනිස්සු මොලේ පාවිච්චි කරන්න ඕනි. (බ)

:       0       0

ඩින්ගිරිරාළ Wednesday, 17 February 2016 06:26 AM

මොවුන් අනවසර පදිංචිකරුවන්ය. රජය නිසි පියවර ගෙන ඇත. (ර)

:       0       0

රවී කනකනම්ගේ Wednesday, 17 February 2016 11:08 AM

වරද රජයේ ඇයි මුලින් ඉඩදෙන්නේ අනවසර ඉදිකිරීම් වලට මේ වරදට දඩුවන් දෙන්න ඕන නාගරික මන්ත්‍රීන්ට කොළොඹ නගරසභාවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site