නාගරික සංවර්ධන අධිකාරිය තම ගෙවල් කැඩී යැයි තොටළඟ මහපාර අඟහරුවාදා (16) සිට අවහිර කරමින් උද්ඝෝෂණය කළ සියලු දෙනාට අසල නිවාස යෝජනා ක්‍රම තුනකින් හොඳ නිවාස දී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
පසුගිය 12 වැනිදා වනවිට ඔවුනට එම නිවාස බාරදී තිබූ බවත් ඇමැතිවරයා කීවේය.
ගෙවල්වල පදිංචියට ගිය අය සති අන්තයේ යළි අනවසර මඩුවලට එන බවත් ඇතැමුන් යහළු මිත්‍රයන්ද ඒවායේ පදිංචියට රැගෙන එන බවත් රණවක මහතා පැවසීය.
වර්ග අඩි 500ක ජීවත්වූ අයට නිවාසයක් ද වර්ග අඩි 700ට වඩා ඉඩක සිටි අයට නිවාස දෙක බැගින්ද අලුත් නිවාසවලින් දී ඇතැයි ඇමැති කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ වෙන්න එපා අැත්ත කියන්නෙ අත්දැකීමෙන්ම. මෙි මිනිස්සු මුඩුක්කු මානසිකත්වයෙන් මිදෙන්න කැමති නැහැ. හේතු ගොඩක් තිබෙනවා. මම 95-96 කාලෙදි ඔය ප්‍රදේවල ජීවත්වුණා. (නි)
මට පුදුම වසරකට කොහොමද මෙපමණ මහල් නිවාස කන්දරාවක් හැදුවේ කියලයි. (නි)
මම හැමදාම කියන දෙයක් තමය ලංකාවේ තද නීති නැතුව රට හදන්න බැහැ. බොරු අනුපම්කව ඕනේ නැහැ, ඇඬුඩුවට කමක් නැහැ, තදින් හිටින්න. (ර)
පහුගිය රජය කාලෙ කොළඹ පැල්පත්වාසීන් තට්ටු නිවාස වල පදිංචි කරවන්න යනකොට ඒකට පුලුවන් තරම් අකුල් හෙලපු අය තමයි අද ආණ්ඩුවෙ ඉන්නෙ. දැන් ඒක ඒ අයටම පාරාවළල්ලක් වෙලා. (නි)
තදින් තීරණ ගන්න ඕන තැන තදින් ගන්න ඕනේ. මිනිස්සු කියන්නේ හොද පරමාදර්ශී කිසි වරදක් නැති අය හිතල තමයි මාධ්‍යය සහ සමහර පක්ෂ කතාකරන්නේ. (බ)
මේ නගරය දැන්වත් පිළිවෙලට හැදිය යුතුයි (ම)
ඔය කියන හොද නිවාස දුන්නේ මහින්ද ආණ්ඩුවෙන් නේද ? එකත් මේ ඊයේ පෙරේද මෙයාල හදල දුන්න වගේ කතාකරන්නේ. (ර)
මේ මිනිසුන්ගේ උද්ඝෝෂණය නිසා මගීන් වන අපිට පුදුම කරදයක් වුනේ. මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනේ. දුන් නිවාසත් ආපසු ගන්න ඕනේ. (හේ)
මොන රජයක් තුලින් මේ ක්‍රියාවලිය සිදු කෙරුණත් මොහාන් කියූ දෙය තමයි සිද්ධ වෙන්නේ . හැබැයි ඒක ඔබ කියූ විදියේ මානසිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් නම් නෙමෙයි. මෙතන තියෙන්නේ ජීවත්වීම පිලිබඳ ප්‍රශ්නයක් ,ඔවුන්ගේ ආදායම් මාර්ග තියෙන්නේ අර කලින් පදිංචි ස්ථාන හා බද්ධවයි . අලුත් ස්ථානවල ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියේ ආදායම් මාර්ග තියෙනවා නම් ඔවුන් කීයටවත් මුල් පදිංචි තැනට යන එකක් නැහැ . (ර)
අලුත් ගෙවල් දීපු ගමන් ඇයි පරණ මඩු ඉවත් නොකළේ. ඕක තමියි ප්‍රශ්නෙට මුල. (ර)
නිවසකට වහලක් තිබිය යුතු වුණත් සෑම වහලක් තියෙන ගොඩනැගිල්ලක්ම නිවසක් නොවන බව වටහාගත යුතුයි. මේ අයට අවශ්‍ය නිවසකට තිබිය යුතු පරිසරය මහල් නිවසක දෙන්නේ කොහොමද? නිදහසේ හිටපු අය ගාල්කළ හැම මහල් නිවාස ව්‍යාපෘතියක්ම අසාර්ථකයි. (නි)
මේ කතාව ඇත්ත. මහින්ද මහත්තයට බැණ බැණ නාරාහේන්පිට මිනිස්සු අලුත් ගෙවල් වලට ගියේ. ඔවුන්ට ආපහු එන්න දුන්නොත් දැනුත් එනවා. මේක මිනිස්සුන්ගේ මානසිකත්වය. (ර)
මෙයා අතගහපු එක වැඩක් වත් ඉවර කළාද? බතල කොළ හිටවන්න හරිම සුරයා. (බ)
මම තොටළග ඉන්නේ පුද්ගලයෙක් මේ සිලුදෙනාට ගෙවල් දීල තියෙන්නේ නමුත් ගෙවල් කුලියට දීල නැවතත් එතනටම ඇවිල්ලා ඉන්නවා කුඩෑල්ලා මෙට්ට්ටේ තියන්න බෑ කියන්නේ මේවට තමයි. (ර)