දෙහිවල මුස්ලිම් සුසාන භූමියෙන් පසුගියදා යළි ගොඩගැනුණේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ සිරුර බවට තහවුරු කරගනු වස් ඔහුගේ මවගෙන් ලේ ලබාගෙන ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් කරන බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (22) දැනුම් දුන්නේය.
තාජුඩීන් අභිරහස් ලෙස ඔහුගේ ගිනිගත් රියේ මියගොස් සිටිම සම්බන්ධයෙන් තිස් දෙනකුගේ ප්‍රකාශ ලියා ගත් බවත් ඔහුගේ ඩයලොග් දුරකථනයෙන් තොරතුරු ලබාගැනීමට ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක රහස් පොලිසියට කැඳවාගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඩයලොග් සමාගම පරීක්ෂණයට දෙන සහාය අගය කළ මහේස්ත්‍රාත් නඩුවේදී රහස් පොලිසියට සහාය වන ලෙස ඉල්ලා සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකරම මිනිමරුමක්නේ. කාරෙකක් තාප්පෙක හැප්පුනාම රියැදුරාව අළු වෙනකම් කාරෙක ගිනි ගන්නවා? ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට...(රේ)
මට මතක හැටියට මහා ඡන්දෙට ඔන්න මෙන්න තියලා අපේ කට්ටිය සැකකාරයෝ කවුද කියලත් දැනගෙන හිටියා.මැරුවේ කවුද කියලත් දැනගෙන හිටියා. දැන් මොකද මේ පරක්කුව?අපේ ඇස් පනාපිට මහ පාරවල් වල තිරිසනුන් වගේ මැරිලා ගිය , ඒ දහස් ගණන් තරුණයන්ගේ මළමිනී උඩින් ඡන්දෙ දිනපු එක් කෙනෙක්වත් අද වෙනතුරු ඒ දරුවන්ට වුණ දේ හෝ ඊට වගකිවයුතු මිනිස්සු ගැන හොයන්න අවංක උත්සාහයක් අරගෙන තියෙනවද? (නි)
මිනීමරුවා හොයගත්තා කියමු.ඔහුට දෙන දඬුවම මොකක්ද? එල්ලුම්ගස් යවන්නද? (නි)
විජය කුමාරණතුංග ඇතුළු අනිකුත් මිනිසුන් මරා දාපු හැටි හොයන්නේ නැද්ද? (බ)
විජය කුමාරතුංග ඇතුළු අනිකුත් මිනිසුන් මරා දාපු හැටි හොයන්නේ නැද්ද? (ම)
විජිත්,ඔබ හරියටම හරි. (නි)
විකුම් රංගන, අර එක පුද්ගලයෙක් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරලා හදපු භාවනා අසපුව ගැනවත් පරීක්ෂණ නොකරපු එකේ තවත් විශ්වාසය තියාගෙන ඉන්න අපියි මෝඩයෝ. (නි)
මේකට සම්බන්ධ අය සහ මිනීමරුවන් කවුද කියලා මේ වෙනකොට රටම දන්නවා.අනික ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතාවය ගැනත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
පිටපත ටිකක් වෙනස් වුණාට අන්තර්ගතය නම් සමානයි වගේ. නළුවෝ හැමදාම රඟපා සල්ලි මල්ලකුත් හම්බ කරගෙන සුපර් ස්ටාර්ලා වී වැජඹෙති. මේවා නරඹමින් මුදල් සහ කාලය විනාශ කරගන්නා අපි මෝඩයෝය. මේවා කවදාවත් විසඳෙන්නේ නැත. (නි)
ඩි එන් ඒ අරන් බලන්න. (ර)
සාධාරණයක් කරන එක හොදයි. (ර)
ඇස් ඉදිරිපිටම සාක්ෂි තියෙද්දිත් මොනවාද මේ තවත් වෙන්නේ? මිනීමරුවන්ව නීතිය ඉදිරියට ගෙනෙන්න හැකි ඉක්මණින්. මතක තියාගන්න, මනුස්ස නීතියට බැරිවුණොත් මේ මිනීමරුවන්ට දඬුවම් දෙන්න, ස්වභාව ධර්මයාගේ නීතියෙන් නම් ගැළවීමක් නැහැ නැහැමයි..... (නි)
පුර්ව නිගමනවල රැඳී මෙවැනි සංකීර්ණ ,සංවේදී පරීක්ෂණ පැවැත්වීමට ඉල්ලා සිටීම සදාචාරාත්මක නොවේ. සෑම මිනිසෙක්ම, ගැහැනියක්ම තම හදවතට ඉදිරියෙන් තබා ගෙන ඇති සත්‍යගරුක බව යටපත් කරවීමට අනුබල දෙන්නන් පිළිකුලෙන් බැහැර කරන බව අමතක කරන්න එපා. (බ)
අපරාධකරුවන්ට ඉක්මණින් දඬුවම් දෙන්න (නි)
ඒ කියන්නේ ගොඩගත් සිරුර පිළිබඳ දැන් සැකයක් මතුවෙලාද? (නි)
විජිත්, ඔබ හරි. ඔය මිනීමැරුම කළ අය ගැනත්, කළේ ඇයි කියලත් මුළු රටම දන්නවා. ඔය මිනීමැරුමට අනුබල දුන් අයට ස්වභාව ධර්මයෙන් ගැළවීමක් නැහැ කවදාවත්. (නි)
ඉක්මණින් සාධාරණයක් ඉටුවේවා! (නි)
රට බේරා ගත් රණවිරුවන් සහ ඔවුන්ට නායකත්වය දුන් රටේ නායකයන්වත් පාවා දෙන්න හදන එකෙකුටවත් සොබා දහමෙන් ගැලවීමක් නැහැ. (බ)
පිවිතුරු යහපාල මහත්තයෝ, හනික ඇවිදින් අරගොල්ලෝ වෙනුවෙන් මොනවා හරි ලියන්නකෝ. නැත්නම් මෙතන අදහස් පලකරන අය තව මොනවා ලියයිද දන්නේ නැහැ.(රේ)
දහම් ඔබ කියන්නේ ඒයා මේ මිනීමැරුමට සම්බන්ධයි කියලද? ඔහෙට පිස්සුද? අපි අහල තියන විදිහට මේක ක්‍රීඩාවක් හා ගැහැණු පරාණයක් සම්බන්ධයෙන් සිදුවූන මිනීමැරුම් ඇක්සිඩන්ට් එකක්ලු. ඒ මැරුණු තරුණයා කාරෙක හැප්පෙන්න කලින් ඔහුගේ පර්ස් එකේ තියන සල්ලි ටික පිච්චෙයි කියල දුප්පත් කෙනෙකුට අහුලා ගන්න පර්ස් එකත් කාරෙකෙන් එලියට විසි කරලාලු. ඒ නිසා ජිනීවා සොභා දහමෙන් පමණක් මිනීමරුවන්ට ප්‍රශ්න ඇති වෙන එකක් නැහ(රේ)
විජිත් සහ රවිඳු, සැම දේවල් දන්නා ඔබලා කියන විදියට මේ ගැන රටම දන්නවනම් තව මොනවාද. ඒ ගැන ඔබලා දන්නා දේවලුත් කියන්න උසාවියට ඇවිත්, මේ අලුතින් පත් වෙච්ච රජය තවමත් නිතිය ක්‍රියාත්මක කරන්න මේ තරම් පම වෙන්නේ ඔබලා වගේ මේ මිනි මරුම ගැන දන්නාවූ බුද්ධිමත් අය සාක්ෂි දීමට එන්නේ නැති හින්ද නොවේද, (බ)
මේ මිනීමැරුමට ස්වභාව ධර්මයෙන් හරි දැඩි දඩුවම් දේවි. අපිට තිබෙන විශ්වාසය එපමණයි. (බ)
ගොඩ ගත්තු මිනියේත් කොටස් අතුරු දහන් වෙලා,ගිනි ගත්තු කාර් එකෙත් කොටස් අතුරු දහන් වෙලා.හරි පුදුමයි නේද? (බ)
මේ තරම් සාක්ෂි තියාගෙනත් මොනවද මේ කරුවලේ අත පත ගාන්නේ. ජීවිතේට නියම මිනීමරුවා අල්ලන්නේ නැහැ කියන එක 100% විස්වාසයි. (බ)
මිනීමරුවා රටිනුත් පැනල ගිහින් කියලයි ආරංචි. (බ)
ඡන්දෙ ඉවරයි (අ)
ඊ ලග ඡන්දෙ එනකම් මිනීමැරුම්,වංචා,දුෂණ ,නිදන් හරිම,මහා බන්ධාගාරයේ රත්තරන් විකිණීම්,ඩුබායි බැංකු වල කෝටි ප්‍රකෝටි ගණනින් තැන්පත් කිරීම......... ගැන පරීක්ෂණ කර කර ඉදපල්ලා.අපිට දැන් හොදටම සනීපයි.(රේ)
නියම මිනීමරුවන්,දුෂිතයන්,නිදන් හොරුන්,පිටරටවල බැංකු පුරවපු හොරු අල්ලන්න කියල සැබැ ඕනෑකමක් තියෙනවනම් රට වෙනුවෙන් යුතුකමක් ඉස්ථ කරන්න සබැ ඕනෑකමක් තියෙනවනම් සියලුම පරීක්ෂණ ජෙනේරල් සරත් ෆොන්සේකාට බාර දෙන්න තිබුන.ජීවිතේට හොරු අල්ලන්නෙත් නැහැ.මිනීමරුවන් අල්ලනෙත් නැහැ.නිදන් හොරු අල්ලනෙත් නැහැ.....(රේ)
කරන්න තියෙන්නේ එකම දෙයයි.මිනීමරුවන් සුන්නද්දුලිම/නැති බන්ගම වෙලා යන්න කියල වස් කවි කියන එකය(රේ)
උපාලි මල්ලි,ඔයාගේ අදහස මම හිස්මුදුනින්ම අනුමත කරනවා. එත් මල්ලි මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව නමැති අපේ රටෙයි.''... මේකයි මගේ අදහස...ඔය සිද්ධියට සම්බන්ධ මොලේ අමාරුකාරයා දැන් ලංකාවේ සිටිනවාද කියලත් විශ්වාස නැහැ.මේ ඊයේ පෙරේදා අපි සැකකරන පුද්ගලයාගේ පියා තවත් දෙස්පාලුවෙක් සමග නිවසකදී පැය 2 ක් විතර සාකච්චාවක් කලාලු.අනිවාර්යෙන් මේ ගැනත් මොනා මොනා හරි කතාවෙන්න ඇති - දරුවාව බේරගන්න ක්‍රමයක් කතාකරන්න ඇති...අපි අසරණයි මල්ලිය(රේ)