ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අස්ථාන ගතවූ අස්ථී කොටස් සොයා ගැනීම සදහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද (03) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) තුළ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ ලක්ෂිකා අයිරාංගනී ජයරත්න, අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ජීන් පෙරේරා, අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විශේෂඥ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පී. එ්. හේවගේ ද එම වෛද්‍ය කණ්ඩායමේ වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබිණ.
මෙම සිද්ධියට අාළව ඉකුත් 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සදහන් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සිටි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම ලබාගැනීමට දින කිහිපයකට පෙර එම කාර්යාලයේ ඉහළ මාලයේ තිබූ මිනිස් සිරුරුවල අස්ථී කොටස් බහා තිබූ විවිධ ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටි 15ක් 20ක් පමණ පහළ කාමරයකට රැගෙන ගොස් ඇති බවට තොරතුරු ඇති බවයි.
අබේසිංහ ආරච්චිගේ චන්ද්‍රපාල නැමැති පුංචි බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක සේවය කරනු ලබන රියැදුරු විසින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ නියෝග මත වාහනයට පැටවූ අස්ථී කොටස් සහිත පෙට්ටි, මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ සයිටම් ආයතනය වෙත ගෙන ගොස් භාරදුන් දී ඇති බවට හා ඒවා මේ වන විට එම ආයතනයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බවට තොරතුරු ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වනදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද? (බ)
මේ තරම් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් තවම වැරදිකරුවෝ නිදහසේ ඉන්නවා. ලැජ්ජයි. (බ)
ඔය ඔක්කොම ඡන්දෙ වෙනකම් විතරයි මහත්තයෝ.(හේ)
මෙය කවදා ඉවර වෙයිද. (ර)
මේක හරියට චිත්‍රපටියක් වගෙයි .කොහොමහරි තජුදීන්ට සාධාරණයක් වන්නේ නැති පාටයි අනේ .(හේ)
මේ අස්ථි කොටස් හොර රහසේ සයිටම් එකට ගෙනිච්ච කථාව දැන් සති ගානක් තිස්සෙ ෆේස් බුක් එකේ තිබුනා. එච්චර එකේ අධිකරණ නියෝග ගන්න ඔච්චර පරක්කු උනේ මොකද දන්නෙ නෑ . (ර)
සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වැනිදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද? එසේනම් කෙසේද කුරුණෑගල මන්ත්‍රී රාජපක්ෂගේ පුතා ප්‍රතිකාර ගන්න පිටරට යන්න අධිකරණ අවසර ඉල්ලුවේ (බ)
ටිකිරිබණ්ඩා .ඕක ඔච්චර තමයි .බොරුවට බලන අයගේ කාලය .(බ)
මේක තමයි කරන්න ඕනේ.(හේ)
මටනම් ෂුවර් ඔය කේස් එකේ අයව හිරේ යන්නේ නැහැ . මිටි තැනින් විතරයි වතුර බහින්නේ .බැලුවම යහපාලනේ අයත් මෙයාලට බයයි වගේ (බ)
දුවනවා තියා කිලෝමීටර 42ක් පාගමනිකන්වත් යාමට හැකිද දණහිසේ ආබාධිත අයකුට? (බ)
ටිකිරිබණ්ඩෝ - කොහෙද බන් සාක්කි තියෙන්නේ? අපේ එවුන් බින්කුන්ඩෝ වගේ හාරනවා හාරනවා ඡන්දෙට ලකුණු දාගන්න. ඕක කොහොම කළත් ඔච්චර තමයි. (බ)
දැන් මෙතන සිදුවෙන්නේ, මිනීමැරුම යට ගහලා, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සයිටම් ආයතනයෙන් පළිගන්න අලුත් ක්‍රම වේදයක් හොයාගෙන තියනවා. බොරු ඔත්තුවක් දීලා. (බ)
රටම දන්නා මොනර තැන්න . මේ ඔක්කොම සිනමා ...(බ)
අර සූරියකන්දේ ඇටකටු වලට එහෙම මොකද වුණේ? (නි)
එදා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ජනාධිපති කරගන්න නොලැබුණේ අපේ කරුමෙට, උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට කියලා හිතෙනවා. (නි)
අපි මේ ජවනිකා කවදා වෙනතුරු නරඹමුද? (නි)
රාජපක්ෂලා හිතාගෙන ඉන්නේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලා වෙන්න ඇති. (නි)
අපිත් ඉතින් මේවාවත් බලාගෙන ඉඳිමු (නි)
මේවා කවදා කෙරෙන වැඩද මන්දා? (නි)
මේවා සංදර්ශන විතරයි කියලයි මට හිතෙන්නේ. (නි)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) තුළ මේ අස්ථී කොටස් තිබුනා නම්, කොහොමටත් දැන් ඒවා අතුරුදහන් වෙලා ඇති. මිට කලින් මේ අයට සයිටම් එකට යන්න තිබුනේ. (නි)
මියගිය අයට සාධාරණයක් වෙන්න ඕනෑ බව ඇත්ත. නමුත් කිසිම පැහැදිලි සාක්කියක් නැතුව මෙම මරණය මිනීමැරුමක් කියලා ඔප්පු කරන්න යන එක විහිළුවක්. ලංකාවේ ඇසින් දුටු පැහැදිලි සාක්කි තියන මිනීමැරුම් දහස් ගණනක් සිදුවුණා. හැබැයි ඒවා පිළිබඳ මෙතරම් උනන්දු වුණේ නැහැ. මේ විදියට ගිහිල්ලා මහමුහුදේ සාක්කි ඇති කියලා මුහුදත් ඉහින්න ඕනෑ කියයිද දන්නේ නැහැ (නි)
තරුණයෝ දහස් ගණනක් මැරුව අයට මේ නීති නැද්ද? (නි)
ඕවා මේ කපේ සිද්ධවෙන දේවල් නෙමෙයි. මොකද දැන් යහපාලනයත් තිත්තවෙලා මිනිසුන්ට. මුළු රටම දන්නවා කව්ද මැරුවේ කව්ද කිව්වේ කොහෙන්ද දුරකථන ඇමතුම ආවේ කියලා. යහපාලනය සංදර්ශන පවත්වනවා (නි)
නීතිය නමලා හරි ඇටකටු වලටත් කතාවක් ගොතාවි. නැතුව ඉතිරි අවුරුදු 4 කොහොම කරන්නද? කෝ ඡන්ද කාලේ අැහින් දැක්කා වගේ කියපු සාක්ෂි ? (නි)
මේවා දකිනකොට අපිට ලැජ්ජයි. මිනිස්සු ගොනාට අන්දන්න හදන්නේ. මෙන්න ලංකාවේ නීතිය (නි)
නරකම අමානුෂිකම 89 කාලෙ පාරවල්වල ගංගාවල මළ කදන් මතක නැ සමහර අයට කෝ එව කරපු අයට දඩුවම් (ම)