තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවත් ඒවා අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බවත් මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මිනිස් අස්ථි කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණය පෙර බවද එම නිවේදනයේ දැක්වේ.
මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයේ වසීම් තාජුඩීන්ගේ නම නොතිබූ බවද සයිටම් ආයතනය කියයි.
එම අස්ථි කොටස් වෛද්‍ය ඉගැන්වීම් සඳහා තම ආයතයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ බවත් අදාළ සියලු බලධරයින්ගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ සහතිකයෙන් ලිපි ලේඛන සහිතව ඒවා ලබාගන්නා ක්‍රියාවලිය යටතේ ලබාගත් බවත් කියති.
මේ අතර වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය පවත්වන පර්යේෂණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් සයිටම් ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටපු නැටුමකුත් නැහැ , බෙරෙ පලුවක් නෑ (ම) .
ශාරීරික හානියක් වෙලා කිව්වා ? මොකද පොලීසියේ රාළහාමි ගහලවත්ද (බ)
මෙම සිද්ධිය ගැන චිත්‍රපටයක් කරලා කීයක් හරි හොයාගන්න විතරයි දැන් කරන්න තියෙන්නේ (බ)
මේ ලියලා තියෙන අයගේ කවුරුවත්ම සුදු වෑන් වලින් ගෙනිහින් අතුරුදහන් වෙලා නැතුව ඇති. තාජුඩීනුයි, ලසන්තයි වගේ නිකරුනේ මිනිස්සු මරන්න ආණ්ඩුවට අයිතියක් තියෙනවද.....? දේශපාලකයෝ වගේම නිලධාරින්ද මේවායින් පාඩම් ඉගෙනගනීවි. (නි)
" මාලබේ කියූ කිසිවක් මාලබේ නැති" .ඔප්පු කරන තුරු කිසිවක් ඇත්ත වෙනු නැති. (හේ)
අපි කලින්ම කිවුවා තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ කියල. මොන මෝඩයද ඔතන ඒවා තියන්නේ. (බ)
88/89 කාලවල රටපුරා පාරවල් ගානේ අස්ථි තිබුනේ අපේ කොල්ලන්ගේ. අනේ ඒවත් හොයමුකෝ.(හේ)
චන්න බුවනෙක...ඔබට බොහොම ස්තුතියි.(හේ)
ඉතින් මොකද දැන් කරන්නේ
අනේ මන්දා මේවා කවදා අවසන්වෙයිද කියලා (නි)
මොන රජය යටතේද මේක ආරම්භ කළේ? දන්නේ නැති නිසයි අහන්නේ. එතැන හිටපු ලොක්කා ගැන දැන් හැමෝම සැක කරන්න පටන් ගනීවි. අස්ථි කොටස් හොයන්න ඉස්සර ලොක්කා ගැන හොයලා බලමු නේද (නි)
සරසි පුළුවන්නම් සුදු වැන් වලින් අතුරුදහන් වුන අයගේ නම් 5 කියන්න..තාජුදීන් ලසන්ත විතරක් නෙමෙයි මේ රටේ මැරුනේ..දහස් ගණන් මිනිස්සු පාරේ බෝම්බවලින් මැරුණා..මේ මරණ දෙක විකුණගෙන කන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා දේශපාලන වාසි ලබාගන්න මිසක් වෙන දේකට නෙමෙයි (බ)
දැන් දේශපාලන කතන්දර ගොඩයි. (නි)
දැන් ඉතින් ඊළඟට මොනවා වෙයිද? (නි)
චන්න හරියට හරි. ඒ ඇටකටු කාටවත් වටින්නේ නැද්ද? (නි)
චන්න, බටලන්දේ එහෙමත් ඇටකටු කොච්චර තියෙන්න ඇද්ද? (නි)
සුදු වෑන් සංස්කෘතියක් අපේ රටේ තිබුණේ නැහැ කියලා ගරු ඇමතිතුමෙක් ප්‍රකාශ කළා නේද පාර්ලිමේන්තුවේ. හැබැයි 1988-89 කාලේ තිබුණා වගේ මතකයි (නි)
මම නම් කියන්නේ කියන්නේ ඔය ඇටකටු තියෙන්නේ හිටපු ආණ්ඩුවේ කෙනෙකුගේ ගෙදර වත්තේ වළදාලා වෙන්නත් පුළුවන් කියලා. කවුරු කළත් මේක කරපු අය එෆ් .සී.අයි.ඩී. යට බඳවාගන්න වටිනවා. (නි)
කිව්ව දේ කිසිත් තවමත් අහුවෙලා නැතී... ඔප්පු කරන්නට බැරි දේ නොකියා හිටු සකී... (නි)
හරියට හරි තිලින, ඔයා කියන්න ඕනේ දේ හරියටම කියල තියෙනවා. (ර)
ඉවසීමෙන් බලා ඉඳිමු මොනවද වෙන්නේ කියලා. මොනවා වුණත් එක කාලයක් අපේ ගෞරවයට පාත්‍රවූ මේ වෘත්තිකයා තමන්ගේ මුහුණේ දැලි ගාගෙන කියලයි මගේ විශ්වාසය (නි)
යහපාලනයෙන් ගොඩ ආවේ තාජුඩීනුයි ලසන්තයි විතරද කොහෙද? (නි)
යහපාලනය දන්නේ බයිලා කියවන්න විතරයි කියලා දැන් හිතෙනවා (නි)
මට නම් හිතාගන්න බැහැ අපේ රහස් පොලිසිය ගැන (නි)
රහස් පොලිස් නිලධරයිනි, යමක් කිරීමට පෙර දෙවරක් සිතා බලනු මැන! (නි)
මේ ඇටකටුම පස්සේ යන්නේ වෙන වැඩ නැද්ද මේ ආණ්ඩුවට? දිනකට කොපමණ උද්ඝෝෂණ තියෙනවද? ඒවාට විසඳුම් හොයන්නේ නැද්ද? (නි)