රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීමෙන් පසුව ඔහුගේ කාරයට සිරුර දමා ගිනි තබා ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අවසන් වාර්තාව අධිකරණයට දැනුම් දී ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේ තාජුඩීන් රිය පදවා නැති බවත් ඔහුට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර වම් මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟපාතක එනවද ? (බ)
අපිට අය වැය අමතකයි , මේකට මාධ්‍ය සාකච්ජා (ම)
එදා යුද බිය නැතිවිය බියක් ඇති විය, මෙදා යහපාලනයක් ඇතිවිය එයටද බියක් ඇතිය. (හේ)
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවය.(ම)
දැන් ඉතින් මහජනයාට අයවැය අමතකයි, එකෙන් මිනිස්සුන්ට වෙලා තියෙන අසාධාරණේ අමතකයි, යහපාලන බොරු පොරොන්දු අමතකයි, යහපාලන රැවටිලි අමතකයි.... තාජුඩීන් නාඩගම තියනවනේ... (ම)
දැන් වැරදි කරුවන්ට දඩුවම් දෙන්න (ම)
මේ වගේ දෙයක් තමාට හෝ තමන්ගේ කාට හරි උනානම් තේරෙයි හැමෝටම. (ර)
රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ. අපි ඡන්දෙ දුන්නේ මෙන්න මේක හොයන්න. අපිට බදු මිල වැඩි වුනාට කමක් නැහැ. පෙන්ෂන් නැති වුනාට කමක් නැහැ. මේකේ නඩුව තව අවුරුදු 4 විතර ඇදගෙන යන්න. ඊ ළඟ ඡන්දෙ එනකම්. (ර)
ගරු අධිකරණයේ සාධාරණය ලොවට පෙන්වීමට හොද අවස්ථාවක්, ගෑවුණු හැම දෙනාටම දඩුවම් දිය යුතුමය. (ර)
කීප දෙනෙක් තාම බොරුවට කෑ ගහනවා, අයවැය වහගන්න මේක ආයෙ ගෙනාව කියලා. පරීක්ෂණ ප්‍රථිපල එක පාරටම එන්නෙ නෑ. අනික ඔය කියනතරම්ම අයවැය නරකනම් අර කුරුණෑගල මන්ත්‍රීතුමා ඡන්දෙ දෙන්නවත් ආවේ නැත්තෙ මොකද.? (ර)
මෙවන් අපරාදයක් යළිත් සිදු නොවේවා.(හේ)
අපේ රටේ වාර්තා හදන හැටිත් දැකල තියනවා වාර්තා හංගන හැටිත් දැකලා තියනවා. ඉතින් කොහොමද මෙව්වා විශ්වාස කරන්නේ. (ර)
රට හදන්න නම් රටට ආදරය කරන පාලකයෝ පත් කරන්න ඕනේ.(හේ)
වාස් ගුණවර්ධනට දඩුවම් කළා වගේ මෙම ඝාතනය කළ අයටත්, ඔවුන් බාරව සිටි අයටත්, ඔවුන් අන්යුක්ත කර සිටියේ කාගේ ආරක්ෂාවටද එම පුද්ගලයාටත්, ඝාතනයට නියෝග දුන් අයටත් පෝරකයට හිමිකරදෙන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි (නි)
එතකොට කලින් රජය සමයේ පළකළ වාර්තාවක් ගැන මොකද්ද ගන්න පියවර? (නි)
මේවා අධිකරණ වෛද්‍යවරුන්ගේ තීරණ. නොදන්නාකමට බොරුවට ආණ්ඩුවට කෑගහන්න කලින් අධිකරණ වෛද්‍යවරුන්ගේ තීරණ ලැබෙන ක්‍රමයයි ඒකට යන කාලයයි හොයලා බලන්න. ආණ්ඩුවට පුලුවන්කමක් නැහැ අධිකරණ වෛද්‍යවරුන් තීරණ දෙන කාලය තීරණය කරන්න. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන්නෙ වෙනම කොටස් තුනක් කියලා මතක තියාගන්න (නි)
ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ? (නි)
ඊට පසේ වැරදි කරපු අයට දඩුවම් !!! (ම)
වාර්තාව අමාත්‍යංශයට යවයිද දන්නේ නැහැ . (අ)
ඉතාම කණගාටුදායක සිදුවීමක් වුණත් ඇත්ත එළිවීම ගැන සතුටු වියහැකියි. (නි)
නීතියෙන් දඬුවම් හිමිවුණත් නැතත් ලෝකය පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ දඬුවමෙන් නම් ගැළවෙනවා බොරු. සහගහන අපරාධ මේවා (නි)
මේවා සහගහන අපරාධ! (නි)
අයියෝ මෙහෙමත් අපරාධ! (නි)
දඬුවම් දුන්නොත් කියයි ඔන්න යහපාලනේ වැඩ කියලා. (නි)
රජය වෙනස් වෙනකොට වාර්තාත් වෙනස් වෙනවාද? (නි)
මොනතරම් ම්ලේච්ඡ අපරාධයක්ද? (නි)
රගර් ක්‍රීඩාවට අරක් ගෙන හිටි භූතයෝ ටික කෝ දැන්? (රේ)
අය වැය වහන්න ගෙනාපු අලුත්ම මාධ්‍ය සංදර්ශනය. (රේ)
මෙම නඩුවෙන් කවුරැ වැරදිකරු උනත් නැතත් මෙම පරීක්ෂණ වල ප්‍රගතිය ගැන සතුටු වෙන්න පුළුවන්. (රේ)
චන්ද කාලෙත් මේ ගැන පුළුල් ප්‍රචාරයක් කරා වගේම, අය වැය ජනතාවට අමතක කරන්නත් ආයෙම , මේ දේ ආණ්ඩුවෙන් බොරුවට ප්‍රසිද්ද කරලා ජනතාව නොමග යනවන්න වගේ හදන්නේ. මිට වැඩ කොච්චර ප්‍රශ්න රටේ තියෙනවද? වැඩි උන බදු ප්‍රශ්න නෙවෙයි දැන් බලන් යද්දී , මේක තමයි රටේ ලොකුම ප්‍රශ්නේ. (රේ)
නැතුව නැතුව...දාපු සංදර්ශන වල හැටියට දැන් මේ මනුස්සය හැපිලා මලා කියල කියන්න පුලුවන්ද විලි ලැජ්ජාවක් ඇතුව.දැන් ඉතින් මැරුවම තමයි..එත් ඉතින් මරපු එකානම් යහපාලානේ තියෙන තුරා හොයා ගන්න බැරි වේවි.. (රේ)
නියමයි ඔන්න දැන් අපිට අය වැය අමතකයි.(හේ)
ඔය හෙලි වෙන්නේ අපරාධය සිදු වූ විදිය.(හේ)
අපරාධකරුට දෙන දඬුවම මොකක්ද කියලා ලෝකයම බලා ඉන්නවා. (නි)
අපි නම් ඉස්සර ඉඳලම ඔය ගැන සැකකළා (නි)
කළ පවු පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදිවෙනවා. (නි)
පිරිත් නුලට,මල් වට්ටියට යටවෙලා මොන අපරාධය කළත් පටිසන් දෙන කාලයක් එනවා. ඒක මොන සක්කරයාටවත් නවත්වන්න බැහැ. (නි)
දහම්,පිවිතුරු යහපාල,බන්දුල පෙරේරා, මොකද නිකන් භූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්නේ? නීතියෙන් නැතිවුණත් සොබාදහමින් හෝ දඬුවම් ලැබේවි. (නි)
මේ මරණය ගැන සැකයක් නැහැ කියලා කලින් කියපු අයත් හිටියා නේද? (නි)
නීතිය නම් නීතිය කාටත් පොදු නීතිය වෙන්න ඕන. (ම)
වැරදි කරුවන්ට දඩුවම් දෙන්න (බ)
ඔය වෛද්‍ය පරීක්ෂණ තව කී පාරක් වෙනස් වෙයිද දන්නේ නැහැ (නි)
88-89 කාලේ මේ වගේ අස්ථි කීයක් බිඳිලා ඇත්ත.ඕවා කියලා අයවැය අමතක කරන්න හදන්න එපා. මහ බැංකු හොරකම්, රාජිත, චම්පිකලා අර්ජුන ලාගේ හොරකම් අමතක කරන්න හදන්න එපා. (අ)
සාටකේ යට ඉන්න අයට මේවා පෙනෙන්නේ වැරදිවිදියටමයි (අ)
කෙනෙක් වැරදි කරලා නම් දඩුවම් දෙන්නම ඕන. (ර)
කොමිසන් පරීක්ෂණ පමණක් ඇතිද (බ)
කාන්තාවක් නිසා නොවේද මෙය ඔහුට සිදු වුණේ ? (බ)
කවුද ඉතින් මේක කළේ.(හේ)
තජුදීන්ට වුණ දේ තමා ඉස්සරහට අනිත් අයටත් වෙන්නේ බලා ගන්නාකෝ (අ)
කවුරු කලත් මේවා සහගහන අපරාධ . (අ)
මේවා කරපු අයට දඩුවම් දෙන්න ඔනේ.(හේ)
ඔය දැන් ටික ටික එළි වෙන්නේ.(හේ)
මේ අපරාධයට සම්බන්ධ වුණ හැම කෙනෙකුටම මේ ආත්මයේදීම මේවාට දඬුවම් විඳින්න වෙනෙවා. (නි)