ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට හවුල් බව කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන සී.සී.ටී.වී ආරක්ෂක කැමරා සාක්කි රහස් පොලිසිය සතුව ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙහි නියම මිනීමරුවන් කවුදැයි රටටම මෙම සීසීටීවී දර්ශනවලින් බලාගත හැකියැයි ද සේනාරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිටිවි කියල කිව්වට කොහේදී ගත්ත ඒවාද කියල නැහැනේ. සමහරවිට උත්සවයක ඒවා වෙන්න පුළුවන් !!(ම)
මෙයාලට ඔය කේස් එක මතක් වුණේ ළඟදි ජන්දයක්වත් එනවද ? (ම)
කියවනවා විතරය් කරපු දෙයක් නැහැ (ම)
ටියුන් කරනවා විතරයි (ම)
කිව්වොත් බොරුවක් දැන් කොහෙන්ද දන්නෑ ආවේ (ම)
ඕක පරණ කතාවක්නේ. (ර)
නන්ද,ඔය කියන මිනීමරු අය ඇතුළු මුළු පවුලම හිතාගෙන හිටියේ ඒ අය " ප්‍රභූ " වරු කියලා. ඒක මානසික රෝගයක එක ලක්ෂණයක්. " හීනමානය" කියන්නේ එයයි. (නි)
ඔය කතාව ජනවාරි 08 වෙනිදා ඉදන් කියනවා. (ර)
අපරාධ කරුවන්ට දඬුවම් දිය යුතුයි. (ර)
ඔහොම යමු ඔහොම යමු... (ර)
මේ වගේ අයට තවත් ඡන්දය දෙනවද.? (ර)
ඒක ගරු අධිකරණය බලාගනීවි. (ර)
ඔය සාක්කි මෙච්චර කාලයක් කොහෙද තිබුනේ , ඕවා හංගගෙන හිටියේ කවුද.? (ර)
බලනකම් ෂුවර් නෑ. (ර)
ඔය කියන ප්‍රභූ පවුල්වල පුද්ගලයන් ගැන මාද්‍ය වලින් පලවෙන්නේ කවදාද? (ර)
ප්‍රබු පවුල් ගැනනම් කුමන කතාද ? (ර)
තව ඡන්දයක් ළඟද.? (ර)
මිනී මරනවානම් ප්‍රභූ පවුලක් වෙන්නෙ කොහොමද? (ර)
"ප්‍රභූ" යන වචනයේ තේරුම කුමක්ද? එම වචනය මේ වගේ වැඩ කරන ජාතියේ මිනිසුන්ව හැඳින්වීමට යෙදීම හරි ද? "ප්‍රභූ පවුල්වල" අය කරන්නේ "යහපත්", "උසස්" දේවල් නේද? (ර)
මෙයාගේ කතා නම් අහලා එපා වෙලා... (ර)
බජට් බයිලා. (බ)
හදිස්සි වෙන්න එපා යහලුවනේ. (ර)
එතකොට අර චීන නැව් කේස් එකට මොනවගේ පවුලක්ද හවුල්? (බ)
බලමු ඉතිං කවුද මේ ප්‍රභූවරැ කියලා. (ර)
තිර රචකයා කතාව හොදින් දනී (ම)
දැන් බලයට එවිල්ල අවුරුද්දක් වෙනවා. හැමදාම තාජුඩින් අල්ලන් දඟලනවා මෙයාලා (ම)
නන්ද, බොහොම හරි. (ර)
මේ අයගෙ පවුල වගේ තක්කඩි මැර පවුල් තව කොහෙද? (අ)
හා, හා, පුංචි ජන්දේට දැන්ම වැඩ පටන් අරගෙන වගේ. (බ)
මිනීමරන එක උතුම් ක්‍රියාවක් වෙන්න ඇති. සීඝ්‍ර ජනගහන වර්ධනයටත් එක හොඳ පිලියමක්. අනික දක්ෂයින් මරුවාම මෝඩයින් ටික ඉතුරු වෙනවා. ඉතින් ඇත්තටම අපිට ජොලි නැද්ද? (ර)
ලිප ගිනි මොලවනතෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුවෝ දිය කෙලියේ. (ර)
බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. (ර)
තවම කතාව විතරයි. (ර)
මෙයාගේ පම්පෝරිය අහලා දැන් ඇතිවෙලා (බ)
ඉතින්... ඉතින්... තව තව රසකරලා කියන්නකෝ. මේක හරියට හඬකැවූ මෙගා ටෙලියක් වගේ. කුතුහලය රඳවලා නවත්වනවා. (නි)
අසරණ තාජුඩීන් අද ඇවිදින මළමිනියක් බවට පත්ව ඇතිගානයි. අනේ අපේ රටේ දේශපාලනය නිසා සාමදානයේ සැතපෙන්නට පවා අපහසුයි. (නි)
මේවා අයවැය අමතක කරවන්න කියන කතා නොවේවා! (නි)
තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් නම්, සැකකරුවනුත් හඳුනාගෙන නම් සැකකරුවන් කවුරු වුණත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනවා විනා මේ තරුණයාගේ මරණය දේශපාලන වාසි පිණිස යොදානොගත යුතුයි. (නි)
ප්‍රභූ පවුල්වල පුද්ගලයන් යනු සමාජයේ වැරදි නොකරන වැදගත් පුද්ගලයන් නේද? (නි)
සාක්ෂි තියනවනම් ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? (බ)
සාක්කි ඇත්නම් කවර කතාද? නීතියට අනුව කටයුතු කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා නිසි දඩුවම් ලබා දීම තමයි කළ යුතු. සියල්ලන් මේ දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ. (බ)
මෙය පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබිය හැක. (බ)
අධිකරණය ඉදිරියේ විභාග වීමට නියමිත කාරණාවක් ගැන මේ වගේ මෝඩ කතා ප්‍රසිද්ධියේ කීමෙන් මේ අයගේ බුද්ධියේ ප්‍රමාණය කාටත් වැටහෙනවා . කවදා හෝ නඩු විභාගයකදී මේ මෝඩ කතාවල් නිසා විත්තිකරුවන්ගේ පාර්ශවයට හොඳ තර්ක ගොඩනගාගැනීමේ අවස්ථාවක් ලැබෙනවා (බ)
සාක්කි තියන් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නේ උන් ටික රට පනිනකන්ද ? නැත්තම් උන්ට කියල ලොක්කෝ ටික මැරුන් කනකන්ද ? (බ)
මහින්ද රාජපක්ෂව සරත් සිල්වා බේරුවා වගේ මේකත් රනිල් (බ)
කතන්දර ඉවරයක් නෑ.. කවද අත්අඩංගුවට ගනීද? පුතාට තාම සනීප නැද්ද? උසාවියේ පෙනී හිටින්න? කවුරුත් එකයි (බ)
ලබන ඡන්දෙදි වෙන්දේසි කරනවාද ? (බ)
ඔය බොරු සාක්කි තියෙනවානම් අත්අඩංගුවට ගන්න එපායැ. සමහරවිට යහපාලනේ අයත් ඉන්නවාද දන්නේ නැහැ (බ)
අගමැති මහින්ද විශේෂ සාකච්ඡා...? (බ)
ඔහොම කියල වැරදිකරුවෝ ටික රටින් පැනල ගියාම හරි සාක්කි වෙනස් කරාම හරි අල්ලන්න පටන් ගනි (ම)
පුදුමේ කියන්නේ මෙච්චර කාලයක් මෙම සිද්ධියට සිසිටිවි සාක්ෂි තියන බව ප්‍රචාරය වුණේ නැහැනේ. මේක හදිස්සියේමයි මේ සාක්ෂි එන්නේ. (ම)
අනුන්ගෙ දේවල් කියල ප්‍රසිද්ධ වෙන්න කවදත් දක්ෂයි. (ම)