හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්කි වසන් කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය මීට පෙර මොහුගෙන් ප්‍රශ්න කර තිබිණි.
අත්අඩංගුවට ගත් හිටපු ස්ථානාධිපතිවරයා බ්‍රහස්පතින්දා (21) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ දේවල් වල විපාක පස්සෙන් එනවා දැන්.(හේ)
වැරදිකරුවන්ට දැන් ඉතින් හැංගෙන්න තැන් හොයාගන්න වෙයි (නි)
පසුගිය සමයේ දේශපාලන බලය උපයෝගී කරගෙන පොලිසිය නා නීතිය උඩුයටිකුරු කළ අය නීතිය ඉදිරියට ගෙනාවොත් මේ ඝාතනය සොයාගන්න එක මහ දෙයක් නෙමෙයි (නි)
අනුග්‍රාහක දැන්වීම් වැඩි නාට්‍යයක් ලෙසයි අපිට මෙය පෙනෙන්නේ. දැන්වත් නාට්‍යය පෙන්වන්නකො. (නි)
කස කාරයෝ එනවා තව ටික දවසකින් අපිට පෙරහරම බලන්න පුළුවන් වෙයි වගේ , ජය වේවා කිව යුක්තිය පසිඳලන ආයතන වලට , දැන්නම් වෙනස සැපයි වගේ නේද ! (බ)
පුජිත් ඇවිත් දවස් එකයි.. මිනීමරුවෝ අල්ලන්න පටන්ගත්තා.. කොහොමද වැඩ..(බ)
අනේ මන්දා මේක ඝාතනයක් නම් ඇයි තවමත් ප්‍රමාද වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න. නිකන් අරයවයි මෙයාවයි අත්අඩංගුවට අරන් මොකක්ද ඇති පලේ. (බ)
අනේ මෙහෙමත් විකාර. මරපු අය අල්ල ගන්න කොන්ද පණ නැහැ. හංගපු කෙනා අත්අඩංගුවේ. (බ)
මෙම නිලධාරියා විසින් දැන් කළයුත්තේ, තමන් අදාළ මිනීමැරුම සම්බන්ධයෙන් දන්නා සියලු තොරතුරු හෙළිදරවු කිරීමයි. (බ)
මේ, මම දන්නේ නැති නිසා අහන්නේ........ප්‍රභාකරන් පුතත් රටට ගොඩක් වටිනවා ඇති නේ? (බ)
ඔය වගේ අවස්ථාවන් වලදී පොලිසියේ නිලධාරීන් හරිම අසරණ වෙනවා. මොකද බලයේ ඉන්න දේශපාලනය කරන අය කියන විදියට තමයි පොලිසියට වැඩ කරන්න වෙන්නේ. එ දවස් වලත් එහෙමයි , දැනුත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. (බ)
හොඳ වැඩක් (බ)
තාජුඩීන් නැවතත් කරළියට... (ර)
වැරැදිකරුවන් නිදහසේ පැත්තක ඉන්න පොලිස් සේවයේ ඉන්න අය මොකටද රිමාන්ඩ් කරන්නේ. බයවෙලාද (බ)
අනේ අනේ සෙනෙවිරත්න ඔයා ඉන්න තැන. මේ මනුස්සයා අත්අඩංගුවට ගන්න කොට පූජිත් මහත්තයා පුටුවේ වාඩිවෙලා වත් නැහැ. අවිචාරවත් ව කමෙන්ට් දාන්න එපා. ඒක ඔයාගේ ඉමේජ් එකට හොද නෑ (බ)
පොඩ්ඩක් ඉවසලා ඉන්න නීතියට භාර දීලා ඔය කොමෙන්ට්ස් දාන මහත්වරු කියන විදියට පැවති තිබුන පාලනය කරපු අයවගේ ඇදගෙන ගිහින් හිරේ දාන්නේ නැහැ කලට වෙලාවට වැඩ සිදුවේ, මාගේ කිරිල්ලි සොයා එන්නේ මා ඒ කාලේ අපිට මතකයි බලය ඉන්නකොට කරපු දේවල්!! (බ)
සුබ ගමනක පෙර නිමිති පේනවා. අධිකරණයට අත පොවන්න මේ යහපාලනය තුල ඉඩ නැහැ. (බ)
රටකට වටිනා පුතෙක් ඝාතනය කිරීමට සහභාගි වූ සියල්ලටම දඬුවම් දියයුතුය. මෙය යහපාලනයේ සංකේතය වනු ඇත. නව පොලිස්පතිතුමනි, නීතී හරියාකාරව ක්‍රියාත්මක කිරීමට ඔබ හට ධෛර්යය ලැබේවා! සොබාදහම ඔබතුමාව රකිනු ඇති (නි)
මේක මිනි මැරුමක් කියල ඔප්පු වෙලා දැන් කාලයක් වෙනවනේ හරිනම් ඒ කාලෙනේ මෙයාව අත්අඩංගුවට අරන් පරීක්ශන කරන්න ඕනේ.(බ)
මේ කඩවසම් තරුණ ක්‍රීඩකයා ඝාතනය කළේ මොන හිතකින්ද..? ඝාතනයට සම්බන්ධ පොඩි අතු රිකිලි මෙන්ම කිරිල්ලියන්, කුරුල්ලන් වහපු ලොකු අතුද ඉදිරියේදී නීතියේ දැලට හසුකර ගන්නවා නේද..? (නි)
තාජුදින් පමණක් නෙමෙයි ප්‍රබාකරන් මරපු අය ගැනත් පරීක්ෂණයක් කළ යුතුයි. එය යහපාලනයේ වගකීමක්. (බ)
ඒ කාලේ තිබුනේ ආසියාවේ අාශ්චර්යනේ (නි)
නිතිය ක්‍රියාත්මක වෙනවා දැකීම සතුටක්.(බ)
තාජුදින්ගේ මරණය ගැන පරීක්‍ෂණ ශක්තිමත්ව ඉදිරියට ගමන්කරන ආකාරයක් පෙනෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා 2014 වනවිටත් හිතාගෙන හිටියේ ජීවිත කාලයටම තමා ලංකාවේ ජනාධිපති බවය. යම් හෙයකින් රාජපක්‍ෂ ආණ්ඩුව දිගටම තිබුණා නම්, තාජුඩීන්ගේ මරණය සදාකාලිකවම හුදු ‘හදිසි අනතුරක’ කඩතුරාවෙන් වසා දමන්නට නියමිතව තිබුණේය. (නි)
වැරදි කළ ලොකු ලොකු අය කයිවාරු ගහමින් නිදැල්ලේ ඉන්නවා. (නි)
මැටි කතා කියන්න එපා අනුපම, ප්‍රබාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් සහ අහිංසක මිනිස්සු මරපු කෙනෙක්, ඔහුට වෙච්ච දේ අපි ඔක්කොම දන්නවා, ඒකී මෙකී ගලපන්න හදන්න එපා..... (ර)
වැරැද්දක් කළා නම් කාටවුණත් කවදාහරි දඬුවම් විඳින්න වෙනවා (නි)
පරීක්ෂණ කරලා අනෙක් අයත් ඉක්මනටම ගත්තොත් හොඳයි (නි)
තජුදීන් ක්‍රීඩකයා මරුනේ ගෙදර යන ගමන් පාරේදී. ප්‍රභාකරන් ත්‍රස්තවාදියා මැරුණේ යුද්ධ බිමේදී. ඒ අවස්ථා දෙකේ වෙනස් තේරෙන්නේ නැති නම් ඉතින් මොලේ දෙන්නද ? (ර)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
අනිවාර්යයෙන්ම කවුරුහරි උපදෙස් දීලා ඇති ශාක්ෂි වසංකරන්න කියලා. ඇයි ඔවුන් හිතුවේ නැහැ ජනවාරි 8 වෙනිදාට පස්සේ ගෙදර යන්න වෙයි කියලා. රෙජිමයට කත්අදිනවා කියන්නේ රටටම වින කරනවා කියන එකයි (නි)
දැන් මෙයාලගෙන් ගොඩක් තොරතුරු දැනගන්න පුලුවන්වෙයි (නි)
නිල්මිණි මැරෙන තැන අනුවද පාපය තීරණය කරන්නේ ? (ර)