රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන ඇමරිකාවේ එෆ්බීඅයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් අධිකරණ විද්‍යා පිළිබඳ විද්‍යාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (5) දැන්වීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය අද (5) අධිකරණය හමුවේ කියා සිටියේ සැකකටයුතු වාහනයක් සීසීටීවී දර්ශනවල ඇතත් එම දර්ශනවල දුර්වල තත්ත්වය නිසාත් තම විද්‍යාගාරයේ තාක්ෂණ සීමා නිසාත් වාහනයේ අංක තහඩුව හඳුනාගත නොහැකි බවයි. නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේදී ගත් බව කියන ඩීවීඩී හා සීඩී තැටි හතරක් පිරික්සූ බවත් සැකකටයුතු වාහනයක් එහි ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අංශය උසාවිය දැන්වීය.
පාරේ ආලෝකයත් වාහන ආලෝකයත් නිසාත් අඳුරේදී මෙම වීඩියෝ දර්ශන ගෙන ඇති නිසාත් අංක තහඩුව පැහැදිලිව හඳුනාගත නොහැකි බව සරසවිය අධිකරණයට දැන්වීය. ඩබ්ලිව්.පී.කේ.යූ - 6543 දරණ සැක කටයුතු වාහනයේ මිනිසුන් සිටීදැයි හඳුනාගැනීමටද නොහැකි බව සරසවි වාර්තාවේ දැක්වේ. එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයට විදේශ විශේෂඥ සහාය ලබාගත හැකි බව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට මීට පෙර දන්වා තිබිණි. වැඩිදුර විභාගය ජනවාරි 7 ට කල් තැබිණි.
තාජුඩීන් ඝාතනය කැරුණේ 2012 මැයි මාසයේදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! ඔය තැටි බාරදෙන්න තිබුනේ ඩුබායි තිලක්ට. ඇහින් දැක්කා වගේ වාහනේ හිටපු මිනිසුන්ගේ ඔළුවල කෙස් ගානත් කියයි. (නි)
ලංකාවේ වෙන අපරාධ නැහැනේ ඉතින් හොයන්න. (නි)
තිලක් ඩුබායි, අනු දහසක් පමණ තරුණ තරුණියන් දෑත් දෙපා ගෙල සිඳ අමානුෂික ලෙස ටයර් උඩ පිළිස්සූ යුගය ඔබට අමතකද? එම අපරාධයට වගකිවයුත්තන් ගැන ඔබගේ මතය කෙබඳුද? (නි)
මේ ගැන පරීක්ෂණ ඉක්මන් කරනවා නම් හොඳයි (නි)
මට තවත් දෙයක් දැන් පැහැදිලියි. මේ පරීක්ෂණය හෙමින්සැරේ යටයනවා නොවෙයි, යටගහනවා වගෙයි. දැනටත් මෘත දේහයේ කොටස් අඩුයිලු නේද? මේ එළිපිටම ඔප්පුවුණ මේ ම්ලේච්ඡ මිනීමැරුම සදාකාලික රහසක් ලෙස පවතීවි. (නි)
එතකොට අර දේශපාලුවෙක් මේ ළඟදි කිවානේද ..ඒ වීඩියෝ වල අරයා හිටියා මෙයා හිටියා, ටි 56 එකකින් අරයා තාජුදින්ගේ හිසට පහරදුන්නා...ආදි දේ..? දැන් කියන විදිහට වාහනයවත් හරියට හඳුනා ගන්න අපහසුයිනේ .. (බ)
60% ලංකාවේ මිනිස්සු තමුන් කරන දේ නොදැන, තමා අතින්ම තම ගෙල සිඳගැනීමට දක්වන උනන්දුවක්! යහපාලනයේ රස දැනේවි 2016 වසර තුළදීම. (නි)
ආණ්ඩුවේ සේවකයෝ විතරද බත් මාළු කන්නේ අැයි උඹට ඡන්දෙ දීපු දුප්පත් අය කන්නේ පස්ද (බ)
කොහොමහරි ඒවා මේවා කරලා කාලය ගන්න හදන්නේ. හැබැයි ඔය කියන තැන්වලට යැවුවොත් නිවැරදිවත් ඉක්මනටත් වාර්තා ලැබෙයි. ඕකට නඩු මස ගණන් කල්දාන්න ඕනෑ නැහැ (නි)
විල්ලාර මොනවද මේ කියන්නේ? (නි)
මේ තරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් මොකට අඳුරේ අතපත ගගා කාලය කා දමනවද මන්දා? (නි)
දැනට තිබෙන සාක්ෂි හොඳටම ප්‍රමාණවත් නේද? (නි)
දැන්වත් සියලු පරීක්ෂණ කරන්න ජෙනරල්ට බාරදෙන්න. රට වෙනුවෙන් ඒ යුතුකමවත් කරන්න. (නි)
ඔය ටික කරන්න අවුරුද්දක් මොකටද? ජනවාරි 9 වෙනිදාම යවන්නනේ තිබුනේ. (නි)
අපේ පැත්තේ කෙනෙක් සුපිරි කාරයක් හොරකම් කරලා මාස ගාණකට පස්සේ හසුකර ගත්තේ 4 වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලයි. සියළු දේ වමාරලා තිබුනා. (නි)
අනේ මන්දා දවසින් දවසම කල්යනවා (නි)
හැබැයි එතෙර වාර්තාව නම් ඉක්මණින් එයි (නි)
මේ රජයෙන් මෙගා දුෂණ, වංචා, මිනීමැරුම් අල්ලනවා කියන එක සිහිනයක් පමණයි. තවත් ඒ සිහින දකින්න මම නම් කැමති නැහැ. (නි)
මිනීමැරුමක් කරලා කාටවත් ගැලවීමක් දෙන්න එපා.ඒ වරද සිද්ධවෙන්න/කරන්න ඉඩ දෙන්න එපා. පැහැදිලි බලයක් දීලත් ඒ යුතුකම රට වෙනුවෙන් ඉටු නොකළා කියලා ඔබලාට මිනිස්සු සාප කරවී. (බ)
ඔය මිනීමැරුම වගේම අර විශ්ව විද්‍යාලයේ අන්තරේ තරුණයන් දෙන්නගේ මිනීමැරුම ගැනත් සොයන්න. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිමරපු මිනීමරුවන්ට දැඩි දඩුවම් කරන්න. (බ)
බයවෙන්න එපා. අයවැයේ උණුසුම යනතුරු මේවා මෙහෙම වේවි. කාට කාටත් ඕනෑ ඔය මහා පුටුවල සැප ලබන්න. අපි පෝලිමේ ඉඳලා කතිරේ ගහනවා (නි)
ඇයි රාජිත මහත්තය කිව්වේ ප්‍රභූ පවුලක් ඉන්නවා එතුමා දැක්ක කියල.. අාපහු මොකට ඕව පිටරට යවනවද මන්ද..කටින් බතල විතරයි... (බ)
බලාගෙන ඩුබායි තිලක්, ඔය ගහපුවත් එලවල අල්ලාවි, කට කට පරිස්සමින් (බ)
අනේ මන්දා, මේකත් ඔප්පු කර ගන්න බැරිවෙයි වගේ. (හේ)
මේ පරීක්ෂණය වහාම ඩුබායි වෙත බාර දිය යුතුයි. (කෞ)