ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් ගේ ඝාතනය අපරාධයක් සේ සලකා සැකකරුවන් දින 30ක් ඇතුළත වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (25) නියෝග කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ හා රජයේ රස පරීක්ෂක වාර්තා ඇතුළු වාර්තා 6 ක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදී ඇත.
2012 වසරේදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී ඔහු ගමන්කළ රථය ගිනිගෙන එතුළ සිටි ඔහු මියගොස් සිටි අතර පසුගිය වසරේදී එම මරණය ඝාතනයක් බව තහවුරු විය.
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර වෛද්‍ය ආචාරධර්මානුකූලව මෙම පරීක්ෂණය සිදුකළාද යන්න සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් සතුටේ බැරුවා. ඉස්සර මේ විදියේ තීන්දුවක් දුන්නාම්... දැන් පේනවා නේද යහපාලනය. ඕක තමයි අපිට ඕනේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වීම රටේ දියුණුවට ඕනෑම දෙයක්, ජයවේවා.! (ර)
වැරදි කලානම් දඩුවම් විදින්න ඕන. (ර)
ඊ ළඟට කවුද ඇතුලට යන්න වාසනාව ලබන්නේ? (ර)
ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුවේ. කාටවත් මිනීමරන අයිතිය නැත. (නි)
ඔව් ඔව් වැරදි කලා නම් ඉක්මනටම ඇතුලට ගන්න. (ර)
ජෙරමි, දේශපාලකයන්ගේ ගුණ්ඩු තවමත් ගිලිනවා නේද? වැරදිකාරයෝ අල්ලන්න උවමනාවක් තිබුණා නම් මේකට මෙච්චර කල් යන්නේ නැහැ (නි)
වැඩේ කණපිට පෙරළෙනවා වගෙයි.ඔහොම යමුකෝ (නි)
ඝාතකයින් හා ඔවුන්ගේ සහාචරයින් සියල්ල අත් අඩංගුවට ගත යුතුය. ඔවුන් කවුරු වුවත් කම් නැත. නීතිය හා අධිකරණයේ උත්තරීත්වය ආරක්ෂා කිරීමට තව තවත් බලපෑම් කල යුතුය. (ර)
මෙයයි අපි බලාපොරොත්තු වූ වෙනස! (නි)
පරක්කු වෙලා අරි දුන්න නියෝගය නියමයි.(ම)
ජෙරමි, මගේ පැතුමත් එයයි. (නි)
මිනීමැරුමක් කරලා හැංගෙන්න ඉඩ දෙන්න එපා. උපරිම දඬුවම් දෙන්න. (නි)
දැන්නම් ඉතින් ගන්න දේකුත් නැතිම තරම් නේද ? (ර)