IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


තංගල්ල හිටපු සභාපති දිගටම රිමාන්ඩ්

තංගල්ලේ නිවාඩු  නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කැර ඔහුගේ සහකාරීය කෙළෙසීයැයි සැකපිට අද අත්අඩංගුවට ගත්  තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප  විදානපතිරණ නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කරන්නැයි රෝහීනී වල්ගම කොළඹ මහාධීකරණ  විනිසුරු නියෝග කළාය.ඇප පිට සිටි  විදාන පතිරණ අසනීප යැයි පවසමින් නොපැමිණි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කැර තිබිණි.

ඔහු විසින්  ඉදිරිපත් කළ වෛද්‍ය සහතික පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.

මාර්තු 27-28 දිනයන්හි නඩුව විභාග කිරීමට දින නියම කැරිණි.

 

 



අදහස් (0)

තංගල්ල හිටපු සභාපති දිගටම රිමාන්ඩ්

ටිකිරි බංඩා Wednesday, 22 January 2014 10:05 PM

මේ වගේ සිද්දි නිසා මුදල් වියදම් කරන සුද්දෝ අපේ රටට දැන් එන්නේ නැහැ. එන්නේ චුන් පාන්කාරයා එනකම් බලන් ඉන්න සල්ලි නැති අය.(නදී)

:       0       0

භානු Wednesday, 22 January 2014 03:33 PM

අන්තිමට කොහොම හරි නිදහස් වේවි. අනික මේ වගේ රට අපකීර්තියට පත් වෙන සිද්ධි සහිත නඩු ඉක්මනට අහන්න ඕන. මාස දෙකක් නඩු අහන්න කල් ගන්නේ පිට රටින් එන සාක්කි කාරයන්ට ගුවන් ගමන් ලැස්ති කර ගන්න ඕන නිසා ද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 22 January 2014 10:08 PM

ඔලුවටම වෙඩි තියලා ලේ විලක් මැද මැරිලා වැටිලා ඉන්න සුද්දගේ ෆොටෝ එක අන්තර්ජාලයේ ලෝකෙටම ප්‍රසිද්ද කරලා ඉවරයි. මේ මිනීමරුවන්ට සහ ස්ත්‍රී දුෂකයන්ට දෙන දඩුවම මොකක්ද කියලා ලෝකෙම බලන් ඉන්නවා.(නදී)

:       0       0

සොබන. Wednesday, 22 January 2014 10:09 PM

ලංකාව ගැන ලෝකයට පෙන්නලා ඉවරයි (අ)

:       0       0

දම් Wednesday, 22 January 2014 03:35 PM

ටෙලි නාටකයට නමක් තමයි නැත්තේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 22 January 2014 10:14 PM

මෙයාව ආයුධ හොයන්න එක්ක යන්නේ නැද්ද? (අ)

:       0       0

මංගල Wednesday, 22 January 2014 10:22 PM

මේ කරපු හරක් වැඩේ නිසා, අපිට මේ රටවල් වල ඉන්න යාලුවෙකුටවත් කියන්න බැහැ ලංකාවට යන්න කියලා. බැංකොක් යනව කියල කවුරු හරි කියනකොටම මම කියන දේ තමයි පලයන් ලංකාවට, එහෙ හොදයි කියලා. උන් කියන්නෙ ඉන්දියාවට වැඩිය හොදයි ඒත් ටිකක් හිතන්න ඕනෙ කියලා. මේ කේස් එක හොදට ඉක්මණට කරලා හරි තීන්දුවක් දින්නොත් රටටත් හොදයි, සාධාරණයි.(නධී)

:       0       0

සැමුවෙල් Wednesday, 22 January 2014 03:44 PM

මේ තරම් රටට අහේනියක් කරපු, මුළු සංචාරක සැවෝමට අපේ රට නරකම රටක් ලෙස නමක් අරන් දුන්නු මේ මිනිහට පියවරක් ගන්න අවුරුදු 3 කට වැඩිය ගියා නේද? (නදී)

:       0       0

ගිම්හානි Wednesday, 22 January 2014 11:09 PM

මේකව නඩුව එවර වෙනතුරු නෙමෙයි මැරෙනතුරු හිරේ යවන්න ඕනේ ,කුපාඩියා (අ)

:       0       0

කුමාර් Wednesday, 22 January 2014 04:12 PM

ඇයි මෙයාල රිමාන්ඩ් කලේ, මෙයාල ලොකු ලොකු අයගේ හොඳ හිතවත්තුනේ.(නදී)

:       0       0

මාලා Thursday, 23 January 2014 12:20 AM

එංගලන්තේදී ලංකාවේ කොල්ලෙක් මරා දමපු උන්ව උසාවිත් දාළ හෙට අනිද්දම තීන්දුව දෙන පාටයි. අපේ රට කොයි තරම් උතුම්ද කියනවා නම් දැන් අවුරුදු 3 කිට්ටු වෙන්ට ඇප දෙනවා අල්ලනවා ඇප දෙනවා අල්ලනවා. කාව රවටන්නද මේ. හැබැයි ඇහුවම කියන්නේ සිංහල ලාංකීය ජාතියේ පුරාජේරුව.(නදී)

:       0       0

අසාද් Wednesday, 22 January 2014 04:18 PM

රෝහීනී වල්ගම කොළඹ මහාධීකරණ විනිසුරුතුමියගේ තීන්දුව විශිෂ්ඨයි.(නදී)

:       0       0

සුභසිංහ Thursday, 23 January 2014 12:22 AM

ඡන්දය ඉවර වෙනකන්.... මානව හිමිකන් සමුළුව ඉවර වෙනකන්... මේ සබාපතියව තොරොම්බල් කර කරා... ඉම්මු.... අන්තිමට ජාත්‍යන්තර කුමන්ත්‍රන කියා සුද්දන්ට බනිමු. දෙදහස් පන්සීය වසරේ පුරාජේරුව වයමු.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 22 January 2014 12:44 PM

කාලෙකින් ඔහොම දෙයක් උනේ! (නදී)

:       0       0

මොහාන් Thursday, 23 January 2014 11:11 AM

සුබසිංහ,,, ඔබ හරියටම හරි. ලජ්ජ්වේ පන යනවා.(අ)

:       0       0

ධම්ම Wednesday, 22 January 2014 12:53 PM

මෙයාලට වෛද්‍ය සහතික දෙන දොස්තරලාට විරුද්ධව නඩු පැවරිය යුතුය. (නදී)

:       0       0

ධනංජය දිසානායක Wednesday, 22 January 2014 01:03 PM

කාලෙකින් ඔහොම දෙයක් උනේ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 22 January 2014 01:07 PM

ඇත්තටම මේ වගේ එක්කෙනෙකුට හරියට දඩුවම් දුන්නා නම් අනිත් අය වැරදි කරන් නැහැ.(නදී)

:       0       0

අමල් Wednesday, 22 January 2014 01:13 PM

මානව හිමිකම් සමුලුව නිමා වෙනකන් මෙහෙම දේවල් තවත් සිදුවිය හැක.(නදී)

:       0       0

මොහාන් Wednesday, 22 January 2014 01:36 PM

කට්ටියට අමතක උනාද දකුණේ ඡන්දෙ එනවා කියලා. මෙයාව එළියේ තිබ්බොත් ආණ්ඩුව පතුරු ගහනවා විපක්ෂය. ඔන්න දැන් ඒකත් නැවැත්තුවා. ඔක්කොම කටවල් වැහිලා දැන් හොද කියනවා. අනේ අපි වගේ ගොන් රැලක්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 22 January 2014 01:55 PM

නිවැරිදි විය යුතුව තිබු දෙයක් මොන ආකාරයකින් හෝ නිවැරිදි වෙලා තියෙනවා. මේ වගේ අපරාදකරුවන්ව ඇප පිට සමාජයට මුදා නොහැරිය යුතුයි. නීති පොතේ තියෙන අඩුපාඩු කාලයට ගැලපෙන සේ සකස් කර ගත යුතුයි. මිනීමැරුම් ළමා අපචාර ස්ත්‍රී දුෂනයන්ට සම්බන්ද කිසිවෙකුට උසාවි මගින් ඇප ලබා නොදිය යුතුයි. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 22 January 2014 02:06 PM

ඇයිද දන්නේ නැහැ වරෙන්තු පිට හිටි කෙනා අත් අඩංගුවට ගත්තේ? (නදී)

:       0       0

චානක. Wednesday, 22 January 2014 02:08 PM

මොවුන්ව ආරක්ෂා කිරීමේ විපාකයන්ට ලෝක ප්‍රජාවගේ ගිලටීනයට පාලකයන්ට මුහුණ දෙන්න සිදුවෙලා.(නදී)

:       0       0

ජෙරාඩ් Wednesday, 22 January 2014 02:16 PM

අනිකුත් දුෂිත දේශපාලකයන්ටද පාඩමක් වනසේ දැඩි දඩුවම් ලබාදිය යුතුය.(නදී)

:       0       0

රනුක පෙරේරා Wednesday, 22 January 2014 02:47 PM

මට නම් එකම දෙයක් පමණයි කියන්න තියෙන්නේ." හොදම වැඩේ". (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 28 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 213 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 267 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 2540 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 642 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 898 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1217 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1508 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site