බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසූ නඩුවේ සැකකරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරු රෝහිනී වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ අද සාක්කි දුන්හ.
දොස්තර ජේ කේ එච් ජගත් ප්‍රියදර්ශන , දේශානි ධම්මිකා, කේ එල් එස් ද සිල්වා සහ චන්දන ප්‍රියනාත් එම වෛද්‍යවරු වෙති.
දොස්තර ප්‍රියදර්ශන පැවසුවේ පළමුවැනි හා දෙවැනි සැකකරුවන් වන ලහිරු කැළුම් හා සමන් දේශප්‍රිය 2011 දෙසැම්බර 27 වැනි දා පරීක්ෂා කළ බවයි.
‘ලහිරු කැලුම්ගේ තුවාල තිබුණේ නෑ. දේශප්‍රියගේ අල්ල ඉදිමී තිබුණා. ඊට හේතුව වැටීමක් බව ඔහු කීවා. ඔවුන් මත්පැන් බී සිටි බවට ගඳක් දැනුණේ නැහැ.‘
දොස්තර ධම්මිකා පැවසුයේ තමා මාස හයක් අධිකරණ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි බවයි. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විදානපතිරණ හා ප්‍රගීත් චතුරංග පිරික්සූ බවත්, සභාපතිගේ ඇඟේ තුවාල හා ඉදිමීම් දුටු බවයි.
තමා වෙත එන තුවාලකරුවකුගේ තුවාලවල නිධානය නොසොයන බවත්, එය තමාගේ අඩුපාඩුවක් බවත් විත්තියේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමියින් වෛද්‍යවරිය කීවාය.
තෙවැනි විත්තිකරු විදානපතිරණ තුවාල ඉබේ සිදු කර ගත් බව වෛද්‍යවරිය කීවාය. තමා ඔහු පරීක්ෂා කිරීමට පැය 24කට පෙර හෝ පැය 72කට පෙර එම තුවාල සිදුවන්නට ඇතැයි ද ඒවා සිදුවූයේ කවදාදැයි නිෂ්චිත වශයෙන් කිව නොහැකියැයි ද ඇය සඳහන් කළාය.
දොස්තර ජේ එල් එස් ද සිල්වා සාක්කි දෙමින් පැවසුවේ එම් සරත් නම් සැකකරු තංගල්ල රෝහලේ දී පරීක්ෂා කළ බවයි. ඔහුගේ ඇඟේ තුවාල නොදුටු බවත් ඇය කීවාය.
දොස්තර චන්දන ප්‍රියනාත් සාක්කි දෙමින් පැවසුයේ රයන් අකලංක පරීක්ෂා කළ බවයි.
ඔහුගේ ඇඟේ තුවාල 27ක් වූ බවත්, එය මොට ආයුධයකින් පහර දීම හෝ මිට මොලවා පහරදීමෙන් හෝ සිදු විය හැකි යැයි ඔහු කීවේය.
විභාගය අඟහරුවාදාට කල් තැබිණි.
ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලටම හොදම විසදුම කාලය විසින් සපයයි (දී)
දැන් කොහොමත් සිද්ධ වෙන දේවල් ඉබේ තමයි (දී)
ඉක්මනට විසදුමක් සොයන්න. (ස)
ඔබට පිහිටක් නැතිනම් නීතියෙන්,ඔබ ගත යුත්තේ කුමන තීරණයක්ද?අපිට දැන් මේ ගැන හිතන්න සිද්ද වෙලා තියෙන්නේ.නිතිය අතට ගන්න මිනිසුන් පෙළ ගැසෙන්නේ මේ විදිහටයි.භයානකයි! (දී)
තුවාලවල නිධානය සොයන්නේ නැත්නම් කොහොමද කියන්නේ ඉබේ කරගත්තයි කියලා? (නදී)
අහිංසක මිනිසුන්ට තමයි ඔක්කෝම කරදර (ස)
නිකන් අධිකරනයේ කාලය නාස්ති කරන්නේ නැතුව ආයුධ හොයන්න එක්කගෙන යන්න මේ අය. හෝටලේදි උන දේ හැමෝටම පැහැදිලියිනේ (දී)
තුෂාරට කොහේ හරි තවත් මේ වගේ වැඩක් තියෙනවද ? (ස)
2011 වුනු සිද්ධියක් දැන් මේ 2014 වෙනකල් කල් මර මර ඉඳල දැන් මතකද කියල අහන්නේ? මට නම් ඊයේ දවල්ට කාපු දේවල් වත් මතක නැහැ. (දී)
සෙල්ලමට ගිහින් සෙල්ලමට තුවාල කරගෙන! (ස)
මේවාට මරණ දඬුවම දෙන්න ඕනේ (දී)
ඉබේ මේවගේ දේවලුත් වෙනවාද? (දී)
මුසාවාදා වේරමණී සික්කා පදන් සමාදියාමි,.............(දී)
දවසින් දවස කතාව වෙනස් වෙනවා. (ස)
දැන්නම් අවි හොයන්න යන්න වේවි වගේ. (ස)
සොබාව ධර්මයෙන් මේ සැමට නිසි දඬුවම ලැබෙන බව ඒකාන්ත වේ. (ස)
ඉස්සර ඉඳන් පවතින ක්‍රමයක්(ස)
1994 දී සිදු වුනු ඝාතනයක් සදහා උසාවියේ නඩුවේ තීන්දුව ලැබුනේ 2014 දී. අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පැහැදිලි කරගන්න තව සාධක අවශ්‍ය නැහැ..එ්ක හොදටම ඇති.වරදකරු බව දන්නවනම් ඔහු ජිවත් වීම සමාජයට විපතක්නම් හොදම ක්‍රමය ආයුධ පෙන්නන්න එක්ක යන ක්‍රමේ තමයි .(ස)
මේවා තවත් කල් අරින්නෙ නැතුව වැරැදී කරුවන්ට උපරිම දඩුවම් දෙන්න . (ස)
මේ නඩුව දිහා ලෝකයම බලා සිටින නිසා සාධාරණය ඉටු වෙය (ස)
අපි ජීවත්වෙන්නේ කාට ගිය රටක ද ? (ස)
මේ විදියට නඩු කියනවටවඩා හොදනැද්ද දෙගොල්ල සමාදාන කරනෙක මට හිතෙන හැටි (දී)
පුදුමයි !එත් ඇත්තයි! බන්දුල පෙරේරා අද හරි ට්‍රැක් එකට වැටුනා.[හැබැයි අදට විතරයි] (ස)
මෙන්න ඇත්ත තත්වේ. ගිනක් නැතුව දුමක් නගින්නැ ඔතන තව ඕන තරම් සංචාරකයෝ හිටියා නේ ලංකාවේ කෙනෙකුට ඒ රටවල් වලදී දෙයක් වුනාම සාක්‍ෂි දෙන්නවත් කවුරුත් එන්නැ (ස)
ඉක්මනටම මරණ දඩුවම දෙන්න. (ස)
අනේ පොඩිළමයා (දී)
මම හිතන්නෙ පොලිසිය ඉදිරිපත් කරන සාක්ශි හොදටම ඇති අදාල පූද්ගලයන් වෑරදිකරුවන් වෙන්න අධිකරනය සාදාරණ තීන්දුව දෙන්න මුලු ලොකයටම නීතිය එක හා සමාන බව පෙන් වන්න මෙය අධිකරණයේ යුක්තිය වේ (දී)
"අපි ජීවත්වෙන්නේ කාට ගිය රටක ද ?" කීවොත් පලවෙයිද? (නදී)
"මෙන්න ඇත්ත තත්වේ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. ඔතන තව ඕන තරම් සංචාරකයෝ හිටියා නේ ලංකාවේ කෙනෙකුට ඒ රටවල් වලදී දෙයක් වුනාම සාක්‍ෂි දෙන්නවත් කවුරුත් එන්නැ" ඒ මොකද? (නදී)
"මට නම් ඊයේ දවල්ට කාපු දේවල් වත් මතක නැහැ. (දී)" ඕක බොහොම වයසට ගියාම හැදෙන රෝගයක් ඕකට කියන්නේ ඩිමෙන්ශීය කියලා.(නදී)
1997 සිදුවූ නඩුවක දොස්තරගේ වාර්තාව බලලා 2013 දී තීන්දුව දුන්නා එතෙක් නඩුව අවුරුදු 16ක් ඇදගෙන ගියා.(නදී)
සෙල්ලම් දොස්තරලත් ඉන්නවද එතකොට (දී)
මොකද්ද මේ අපබ්‍රංස කතාව කොහොමද තුවාල උනේ (දී)
බලන්ටකෝ ඒකෙත් හැටි අප්පා.... (ස)
බමුණු,ඇත්ත. ඔය සුදු ගැහැණු ළමයා හිටි විදිහෙන් මේ අහිංසක ළමයින්ට දුෂණය කරන්න හිතෙන්න ඇති. ඔය විදිහට ඔක්කොම සංචාරකයෝ හිටියා නම් ඔක්කොම දුෂණය කරන්න හිතේවි.අර තරුණයාට ගුටි කන මූහුණක් තියෙන්න ඇති. ඔන්න ඕකයි ඔයාගේ කතාවේ තේරුම. (නි)
විත්තියේ නීතිඥ උන්නැහේට පින් සිද්ද වෙන්ට කට්ටියම එකතුවෙලා මේ නඩුව "අනනවා" ඊට පස්සේ නොමග යවලා වැඩක් නැති නඩුවක් කරන්න මදනවා. වැඩේ සාදාරණය කරනවා. පාඩුව අසාදාරණයට ලක් උණු අයට.(නදී)
මේ සිදුවීම වෙලා වසර තුනකුත් ඉක්මගොස්. තාමත් සාක්කි සටහන් කරනවා. එම හෝටලයේ නවාතැන් ගත් එක මහතෙක් ඇසින් දුටු සියල්ල පවසා තිබුනා. මුළු රටම දන්නවා මොකද උනේ කියලා. විදේශිකයන් දෙදෙනෙකුට පහරදීලා එක් අයෙකු මරා දමන්න තරම් ඔවුන් කල වරද මොකද්ද මේ අමනයන් හට. යම් අතපසුවීමක් ඔවුන් අතින් සිදුඋනානම් එය විදේශිකයකුට කරන සැලකීමක් වසයෙන් නිරාකරණය කරන්න තිබුනා. මේ අමනයන් දන්නේ නැ පිට රටකදී ඕනෑම කෙනෙක් අසරණ වෙන තරම්. නීතියෙන් දඩුවම් නොලැබෙන මොවුන්ට ස්වභාවිකව හෝ මරණය ලැබිය යුතුයි.(නදී)
සිනමා වේ මහා සක්විති ගාමිණී ෆොන්සේකාගේ " උතුමාණනි " චිත්‍රපටිය සිහියට එනවා. (නදී)
නීතිව වල්වැදුණු රටේ අපිට නම් දැන් මේවා ගැන විශ්වාසයක් නැති තරම්... අපරාදේ කාලය සහ මුදල්! (නි)
තව එක එක දවස් වලට එක එක කතා කියාවි. මාධ්‍යයන් මඟින් අපි ඒවා බලාවි. කල් ගතවේවි. මොකක් හරි තීන්දුවක් ලැබේවි. අන්තිමට අපිට සියල්ල අමතක වේවි (නි)
සභාපති තුමාව අපි කොහෙම හරි බේරගන්න ඕනේ.(නදී)
අනේ පව්. සමහරවිට වැටෙන්න ඇති .... (නි)
අනේ මන්දා, මෙහෙමත් දේවල්! (නි)
තිලක්, අපිට සියල්ල අමතක වුණාට මේක දිහා එන්ගලන්තය බලා ඉන්නවා (නි)
ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ! (නි)
මොකාක් නමුත් වෙලා තියෙන වග නම් පේනවා (දී)