තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික ලේකම් ද නීතිඥයකු මගින් තංගල්ල පොලිසියට අද බාර විය. දන්කැටියේ පදිංචි ඔහු මෙහෝට්ටිගේ සරත් නොහොත් සහන් බවට හඳුනාගෙන ඇත. පොලිසියට බාර වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අද රාත්‍රි වනතුරුත් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කැර නොතිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කෙළේ ඔහු හා තවත් දෙදෙනකු වෙනුවෙන් පැය 72 සඳහා රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි. මාතර මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර අද රාත්‍රියේ ශ්‍රී ලාංකාවේ බ්‍රිතන්‍ය තානාපති කාර්යාලයයට බාර දීමට නියමිතව තිබිණි. රුසියා ජාතික වික්ටෝරියා ඇලේක්සැන්ඩර් (23) තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිතව සිටියාය. තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පෙලිසිය කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, මේ අපරාදේ කරපු අයට නිසි දඩුවම් දෙන්න. නැත්නම් ලෝකේ අනිත් මිනිස්සු හිතාවි අපේ රටේ ඉන්නේ මිලේජ්ජයෝ කියල. දැඩි පියවරක් නොගත්තොත් ඔබතුමාටත්, අපේ රටටත් විශාල ලැජ්ජාවක් වේවි.ඒ වගේම ඒක සංචාරක කර්මාන්තයටත් ගොඩක් නරක විදිහට බලපාවි.
අනිවාර්යෙන්ම මුලින්ම වෙඩි තියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයා
මේ වගේ අය ප්‍රාදේශීය සභාවල සිටීම පුදුමයක්