IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තංගල්ල ප‍්‍රා. සභාපති යළි රිමාන්ඞ්

තංගල්ල මැඩිල්ල නිවාස නිකේතනයේදී 2011 දෙසැම්බරයේ බි‍්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික තරුණියක බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු අට දෙනා ජූලි 29 දක්වා නැවත රිමාන්ඞ් කරන්නැයි තංගල්ලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේ. යු.ඞී. ද සිල්වා මෙනවිය නියෝග කළාය. තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප‍්‍රදීප්  චතුරංග, නෝබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, උඩුවරගේ සම්පත් දේශප‍්‍රිය, මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, එස්.පී. ජානක චතුරංග, එම්. ජී, නුවන් චින්තක, ආර්. චානුක නදීර ඔහුය. බි‍්‍රතාන්‍ය ජාතික එම්. එම්. ඉසෙඞ් සහීර් (32) ඝාතනයට ලක්විය.



අදහස් (0)

තංගල්ල ප‍්‍රා. සභාපති යළි රිමාන්ඞ්

ගජත් Saturday, 07 July 2012 10:46 AM

රමේ ගෞරවය ආරක්ෂා කර ගනිමු

:       0       0

දයා,saudi Saturday, 07 July 2012 10:14 AM

මට පේන විදියට දැන් මුලු දකුණු පළාතම ඉවරයි වගේ.ඇයි දකුණට විතරක් මෙහෙම වුණේ?

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 06 July 2012 01:31 PM

අලුත් ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි...

:       0       0

වරුණ Friday, 06 July 2012 02:10 PM

තව ටික දවසකින් තංගල්ල නාගරික රැස්වීම මේ බන්ධනාගාර මැදිරියේම පවත්වන්න පුලුවන් වෙන විදියට ඉතුරු කට්ටියත් මේක ඇතුළටම එයිද දන්නෑ නේද?

:       0       0

රොශාන් කොඩිකාර Friday, 06 July 2012 02:14 PM

බය වෙන්න එපා කොලුවෝ..තව ටික දවසකින් එළියට එවාවි.

:       0       0

වෙඩිල්ල Friday, 06 July 2012 02:27 PM

අනේ අම්මප මෙයාලගේ ගෙවල්වල ගෑනු නැතුවද???

:       0       0

ටොමී Friday, 06 July 2012 02:05 PM

දැන් ලංකාව මගුල් සක්වලක්.ඇති හැකි අය බාලවයස්කාරියන් දූෂණය කරද්දි නැති බැරි අය ආච්චි කෙනෙක් හරි දූෂණය කරන්නයි බලන්නේ.මේක තමියි ආසියාවේ ආශ්චර්යමත් ලංකාව

:       0       0

ඩිලාන් Friday, 06 July 2012 02:08 PM

මේ කේස් එක දිහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලා ගෙනයි ඉන්නේ

:       0       0

පොතේගුරා Saturday, 07 July 2012 09:36 PM

ආසියාවේ ආශ්චර්යය ඒ පෙත්තෙන් පටන් අරගෙන තියෙන්නේ

:       0       0

නවුෂාඩ් Friday, 06 July 2012 08:31 PM

නොමිලේ මල් කැකුලු තලනු ලැබේ

:       0       0

අචිනි Saturday, 07 July 2012 12:24 PM

@ සමන් ඔබ හරි , පැමිණිල්ලේ කොටස් ටික ටික හැලෙනවා වගයි ...අශ්චර්යට ජයවේව

:       0       0

එටකිච්ච Saturday, 07 July 2012 10:27 PM

තංගල්ලේ ප්‍රාදේශීය සභාව රිමාන්ඩ් ඒක ඇතුලෙම රැස්වෙන්න යනවා වගේ ..!

:       0       0

රුවන්, කැනඩාව Friday, 06 July 2012 10:27 PM

වර්තමාන ජන සමාජය ඉතාම කණගාටු දායක විදියට විනාශ වේගෙන යනවා . බටහිර රටවල් මීට වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.

:       0       0

කේ.කේ. Friday, 06 July 2012 04:11 PM

අනේ මතක ඇතුව මෙයාටත් රජ සැපම දෙන්න හොදේ..........

:       0       0

ජයවීර පැරිස් Sunday, 08 July 2012 03:52 AM

පුඅදුම වැඩක්නෙ කරනතරමක් ජඩ වැඩ කරන්නෙ ප්‍රාදේශිය මන්ත්‍රීලමනෙ..

:       0       0

බටු මුදලාලි Friday, 06 July 2012 04:02 PM

මෙන්න ප්‍රාදේශීය සභාවට අලුත් නමක් ...ප්‍රාදේශීය ස්ත්‍රී දූෂක සභා...

:       0       0

ජේ.හේවා- paris Saturday, 07 July 2012 02:13 AM

මෙහේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරු හරි නරක් වෙලානේ

:       0       0

DS Friday, 06 July 2012 12:19 PM

ජනපති සමාව දීල ළඟ එන පළාත් සභා චන්දෙට ඉල්ලන්න කියමු. මක්ක කලත්. ගමේ කොල්ලනේ ................

:       0       0

රුවන් Friday, 06 July 2012 01:06 PM

ඔවු ඔවු. මක්ක කලත් ගමේ කොල්ලනේ ආයිබෝවන්ඩ

:       0       0

අබරන් Friday, 06 July 2012 12:28 PM

මක්ක කොරත් අපේ ගමේ කොල්ලෙක්නේ මේ...

:       0       0

සමන් Friday, 06 July 2012 12:40 PM

එතකොට ඒ කෙල්ලට අතවර කරා කියන කොටස දැන් නඩුවෙන් හැලිලද?

:       0       0

සීකේ. Saturday, 07 July 2012 09:50 AM

ඒ නඩුවට එයා අතවර කළා කියන කොටස දැන් නැද්ද? මෙයා අතවර කරල තිබ්බනෙ...

:       0       0

පිනිබබා Friday, 06 July 2012 01:53 PM

මක්ක කොරලවත් තාම මෙයා එලියට ගන්න බැරි උනානේ....

:       0       0

ගොවියා Friday, 06 July 2012 01:22 PM

අපේ ලොක්කා තමන්ගේ කමටයි, ගමේ කමටයි මුල් තැන දෙන්නේ. ඒකයි මේක මෙහෙම වුණේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site