IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට

(කවීෂා ගරුසිංහ)

තංගල්ල කොඩිගමුව ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස කරා ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ රන්න සිට තංගල්ල බලා ගමන් කරමින් සිටි ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර වෑන් රථයේ සිටි එකම පවුලේ පස් දෙනකු එහි සිට ඇත.

එම පස් දෙනා සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කළ පසු එහි සිටි කුඩා බිළින්දිය ජීවිතක්ෂයට පත් වී ඇත.

බරපතල තත්වයේ පසු වන බිළින්දියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 



අදහස් (0)

තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 293 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 816 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1232 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site