(කවීෂා ගරුසිංහ)

තංගල්ල කොඩිගමුව ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස කරා ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ රන්න සිට තංගල්ල බලා ගමන් කරමින් සිටි ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර වෑන් රථයේ සිටි එකම පවුලේ පස් දෙනකු එහි සිට ඇත.

එම පස් දෙනා සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කළ පසු එහි සිටි කුඩා බිළින්දිය ජීවිතක්ෂයට පත් වී ඇත.

බරපතල තත්වයේ පසු වන බිළින්දියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .

ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.