රජය තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය අංශය විසින් ලබාදෙන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ සඳහා පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි හා විද්‍යුත් අත්සන් පිළිගැනීමට එකඟවීම අත්‍යවශ්‍ය සාධකයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
විද්‍යුත් අත්සන් පිළිගැනීම හා ‘සින්ගල් වින්ඩෝ‘ ආදී ලොව ප්‍රචලිත පහසුකම් හරහා ආසියාවේ අනෙක් රටවල් බොහෝ වේගයෙන් ඉදිරියට යද්දී ලංකාවට වැරදුණේ කොතැනද, විසඳුම කුමක්ද සහ තවදුරටත් ප්‍රමාදවීමේ ප්‍රතිවිපාක මොනවාද? යන මැයෙන් අද නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී එම ආයතනය මෙම කරුණු ඉදිරිපත් කළේය.
වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මැල්, ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති දිනේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා රේගුව හා මුදල් අමාත්‍යංශය එක්ව දශක දෙකක කාලයක් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වාදීමට උත්සාහ කරන ඉලෙක්ට්‍රොනික සන්නිවේදන පද්ධතිය හෙවත් ‘සිංගල් වින්ඩෝ‘ හි අරමුණ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී රජය සමග කරන ගනුදෙනුවලට ගතවන කාලය හා පිරිවැය අවම කිරීම බවත් පෙන්වා දුන් නිශාන් ද මැල් මහතා කියා සිටියේ නීතිමය හා තාක්ෂණික බාධා නොමැතිවද අදාළ රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි සහ විද්‍යුත් අත්සන් පිළිනොගැනීම හේතුවෙන් වත්මන් සිංගල් වින්ඩෝ ව්‍යාපෘතියෙන් උපරිම පළ නෙළා ගැනීමට ලංකාව අසමත් වී ඇති බවයි.
එබැවින් මෙම ක්‍රමවේදය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේ අවධානය කඩිනමින් අවැසිව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු තාක්ෂණය ගැන දැනගන්න අවශ්‍යනම් අල්ලපු ගෙදර ඇසිලින් අක්කාගෙන් උපදෙස් ගන්න පුළුවනි. (බ)
ඉගෙනගත්ත මොළ රට හැර යනවනේ. (නි)
ගොඩක් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව ඉතා අඩුයි. තවත් පරිගණක ගත කළාට පසු හොර වැඩ කරන්න අමාරුයි. "සජිත් ජොබ් බෙදන න්‍යායෙන්" ඇතුලට රිංගු තවත් සෑහෙන පිරිසක් ගෙදර යන්න වෙනවා. මේ හැම කරණය නිසාම වුවමනවෙනම මෙවැනි ජාල ගත කිරීම් අඩපන කරනවා. (බ)
අපේ හුඟක් අය හිතන්නේ එෆ්බී යන්න, චැට් කරන්න පුළුවන් කියන්නේ පරිගණක ගැන, තොරතුරු තාක්ෂණය ගැන හොඳට දන්නවා කියලා. කිසිත් නොදන්නා බව තේරෙන්නේ හොඳ මොළයකට අහුවුණ වෙලාවට තමයි. (නි) (නි)
තොරතුරු තාක්ෂණය අපට අවශ්‍ය බව ඇත්ත. ඊට පෙර අපේ පාසල් ටික හදාගන්න ඕනෑ. ඔය පාසල් වලින් හරි අධ්‍යාපනයක් දෙනවද? ලංකාවේ අධ්‍යාපන කඩ තිබුනට ඇමෙරිකාවේවත් එහෙම එකක් නැහැ. ඔය තාක්ෂණ විද්‍යාලය කුරුණෑගල හෝ වෙනත් එවැනි ප්‍රදේශයක තිබ්බා නම් ගත හැකි ප්‍රයෝජනය කොපමණද? හැම දෙයක්ම අගනුවර වටා තියන්නේ ඇයි. තාක්ෂණය කියන එක හැමදේකටම ගාවාගන්න ඕනෑ නැහැ. රටේ කර්මාන්ත ඇති කරනකොට ඉබේම ජනතාව ඒ තත්වයට ඒවි. (නි)
ලංකාවේ ඕන තරම් තාක්ෂණික මොළ තියෙනවා වෙලා තියෙන්නේ ඉස්කෝලේ ගිය නැති දේසපලුවෝ රට කරවන තැන ඉන්නකොට මොනවා තිබුණත් වැඩක් නැහැ! (අ)
තොරතුරු තාක්ෂණය නැතිව ලංකාවට ඉදිරි ගමනක් නෑලු එ්කද ඉන්දියාවෙන් අතුආල දමන තොරතුරු තාක්ෂණ ශිල්පීන් ලංකාවට ගෙන්වන්න හදන්නේ (බ)