සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික පීඨ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටත රත්නපුර ප්‍රදේශයේ ඉදිකිරීමට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයීය සිසුහු අද (5) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධයක නිරත වූහ.
සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික පීඨ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටත රත්නපුර ප්‍රදේශයේ ඉදිකිරීමට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයීය සිසුහු අද (5) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධයක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට තියෙන්නේ හරිම අමාරුවක්නේ. ඔයගොල්ලන්ට තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගන්න. අපරාදේ අපේ සල්ලි! මේවා මෙහෙයවනේ කවුද කියලා සොයා බලා නිසි පියවර ගැනීමට ඉල්ලන්න අපිටත් අයිතියක් තිබෙනවා. (නි)
එම පීඨය රත්නපුරේ සෑදීමෙන් මේ ළමයින්ට හෝ ඒ ළමයින්ට වෙන නරක කුමක්ද කියා කිව්වොත් අපිටත් පැහැදිලි වේවි. නිදහස් අධ්‍යාපනය ඉහළ නංවන්න පීඨ අලුතෙන් හදනකොට උපාධි අපේක්ෂකයෝ මේ කරන්නේ මොන විහිලුවක්ද කියලා අපිටත් තේරුම් ගන්න පුළුවන් එතකොට. (නි)
පීඨය නගරයේ වෙන තැනක තිබුනහම මොකක්ද ප්‍රශ්නේ? මේ වගේ උද්ඝෝෂණ නොකර ඉගෙනගත්තොත් හොඳ නැද්ද? කියාගෙන යන කියවිල්ලෙන් පේනවා දේශපාලන පක්ෂයකින් වයින් කරලා එවලා තියෙන සෙල්ලම් ගිරවු කියලා. (නි)
ඔව්, ඔව්, පුළුවන් තරම් විරෝධතා දාමු. මොකක්හරි හේතුවක් නැත්නම් හේතු නැති කිරීමට එරෙහිව හරි විරෝධතාවක් දාමු. (නි)
මේ අයට වෙන වැඩක් නැද්ද ? (බ)
මේ කට්ටි උද්ගෝෂණ කර ,කර ඉන්නවට වැඩිය වැඩක් නැහැ නේ කවදද උපාධිගන්නේ. වයසට ගිහිල්ලද . පින්තුරවල හැටියට දැනටත්. වයසයි , රැකියාව ඉල්ලනකොට හැට පැනලා දෙමව්පියෝ දුක් විදලා දුකසේ. මියැදෙනවා (බ)
මෙයාලා ඉතින් මොනදේටද විරෝධය නොපෑවේ? (නි)
රුහුණු විශ්ව විද්‍යාලයේ කරාපිටිය සහ හපුගල පිහිටි පීඨ වලට මුල් කාලයේදී කථිකාචාර්යවරු ගෙන්වා ගැනීම පවා ප්‍රශ්නයක් වුනා. කොළඹට සමීප වීම බාහිර කථිකාචාර්ය වරු ගෙන්වා ගැනීමට පහසුවක්. ඒ වාසිය සබරෙටත් තියෙයි තාක්ෂණ පීඨය රත්නපුරේ පිහිටෙව්වොත්. (බ)
කථිකාචාර්යවරු ගෙන්වාගන්න නම් ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. කථිකාචාර්ය වරු ඉන්නේ කොළඹය කියල එකක් නැහැ මම හිතන්නේ. ලංකාවෙන් ආචාර්ය උපාධිය කරන්න පිටරට යන ගොඩක් අය, අයෙමත් ලංකාවට එන්නේ නැහැ. මමත් දැනට ආචාර්ය උපාධිය හදාරනවා එංගලන්තේ. ඒක නිසා මට ඕක හොදටම පේනවා. මෙවෙනි දේවල් කරනවිට, ගොඩක් සැලසුම් ගැන හිතල කරන්න ඕනි. පටු දේශපාලන අරමුණු නැතුව . අපේ රටේ කිසිම දේකට විශේෂ සෙලසුම් නැහැ මම හිතන්නේ. (බ)
මෙම තාක්ෂණ පීඨය ආරම්භ කිරීමේ කටයුතු සැළසුම් කළේ විද්වත් ආචාර්ය මණ්ඩලයක් විසින්. මෙහි සියලුම පාඨමාලා අපේක්ෂාවන් සකස්කළේ අප විසින්. එය රත්නපුර නගරයේ විශ්ව විද්‍යාලයට අයත් අක්කර 20 ඉඩමේ ඉදිකිරීමට අවශ්‍ය සැළසුම් සකස්කළේ ඒ පිළිබඳව නිපුණත්වය දරන විද්වත් ආචාර්ය මණ්ඩලයක් විසින්. මේකට විරුද්ධව ඔය මොරදෙන උදවියට මේ පිළිබඳව අබමල් රේණුවක වැටහීමක් නැහැ. මා එය වගකීමෙන් කියන්නේ. මේ අය කරන්නේ පටුගාමී දේශපාලනයකට අහිංසක සිසුන්ව කඩේ ගෙනියන එක. (නි)
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පිටයත් මවු විශ්ව විද්‍යාලයෙන් පිටත තිබෙනවා. එය පටු දේශපාලන අරමුණු සඳහා තමය් එහෙම හැදුවේ. මේකේ වැසි අවාසි දෙකම තියෙනවා. පිටයේ මුල් අවුරුදු අටක පමණ කාලයේදී කැන්ටිම, ක්‍රීඩා පිටිය, ජිම් එක, වගේ ගොඩක් පහසුකම් නැතුව තිබුනේ. පිටය පිටත නිසා හැම දෙයක්ම අලුතින් හදවා ගන්න ගොඩක් කාලයක් ගියා. අපිට බොහොම සීමිත පිරිසක් තමා අඳුන ගන්න ලැබුනේ. නමුත් මවු විශ්ව විද්‍යාලයට එන ප්‍රශ්න අවේ නැහැ. ගොඩක් ස්ට්‍රයික් එහෙම අවෙත් නැහැ. නමුත් අපිට විශ්විද්‍යාල සංස්කෘතියක් එච්චරම දෙනුනේ නැහැ. ටිකක් ඉස්කෝලේ යන ගතියක් තිබුන . අඩුම ගානේ ගෙහෙනු ළමයෙක් වත් හොයාගන්න බැරිවුනා. නමුත් හොඳට ඉගෙන ගන්න පුළුවන් පසුබිමක් තිබුණා. තරුණ ලමය් විශ්වවිද්‍යාලය තුල කළ යුත්තේ ඉගෙනීම පමනමද? මෙහි වාසි සහ අවාසි දෙකම තියෙනවා (හේ)