අම්පාර මාඔය බෝගමු යායේ තේකක් රක්ෂිතයේ අනවසරයෙන් ඇතුළු වී තේක්ක ගස් අටක් කැපු බවට වරඳ පිළිගත් යුද හමුදාවේ එකොළොස් දෙනකුට දෙහිඅත්ත කණ්ඩිය මහේස්ත්‍රාත් චාමර වික්‍රමරත්න මහතා රුපියල් විසිදහස බැගින් දඩ නියම කළේය.
කඳවුරක් ඉදි කිරීම සදහා මේ තේක්ක ගස් කැපු බව සැකකරුවෝ උසාවියට කීහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කළ ලුතිනන් කියා සිටියේ තමාට උසස්වීමක් ලැබීමට ඇති බවයි.
ඒ අනුව ලුතිනන් රුපියල් ලක්ෂයක ඇප මත මුදාහළ මහේස්ත්‍රාත් මාර්තු හතර වැනිදාට නඩුව කල් තැබීය.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තේක්ක කැපු හමුදාවේ 11 ට දඩ
සත්‍යයා Saturday, 01 February 2014 03:58 AM
නරකද නිකම් ඉන්න මුළු හමුදාවටම හොඳ පුහුණුවක් දුන්නොත් ප්‍රමිතියකට අනුවමේ වගේ වැඩ කරන්න? (නදී)
කුමාර Saturday, 01 February 2014 08:08 AM
කඳවුරු වල ආරක්ෂාවට වෙන්න ඇති ඔය ගස් කපන්න ඇත්තේ.(නදී)
පෙරේරා Saturday, 01 February 2014 09:10 AM
විසිදාහ වගේ කී ගුණයක් මේ අය ලී ජාවාරමෙන් හොයල ඇත්ද???? (දී)
අවන්ති Saturday, 01 February 2014 10:08 AM
කාට කියන්නද මේ දුක (දී)
විජේසිංහ Friday, 31 January 2014 02:09 PM
මේවගේ තමයි, එක්තරා පුවත් පතකට අනුව, නැගෙනහිර ගම් වල හොරකමේ ගිහින් හමුදාවේ කට්ටියක් අහුවෙලා ගමේ අය එයාලට හොදටම තඩි බාලා. හැබැයි සමහරු කිව්වේ නිකන් ඉන්න සෙබළුන්ට ගැහුවා කියල. එතනත් ජාතිවාදේ ඇවිස්සුවා. (නදී)
සෑම් Friday, 31 January 2014 02:29 PM
මේ වගේ වැඩ කරන අයට ලැබෙන උසස්වීම තමා සියලුම වියදම් රජයෙන් ගෙවූ නිවාඩුවක්, වැලිකඩට හෝ බෝගම්බරට.(දිල්)
මිහිරංග Saturday, 01 February 2014 12:30 PM
ගෞරවනීය රස්සාව නැත්තෙන්ම නැත්තට පත්කරන්නේ මෙවන් මිනිසුන් තමයි (දී)
තිලක් Friday, 31 January 2014 05:39 PM
කඳවුරක් ඉදි කිරීම සදහා තේක්ක (දිල්)
දිලාන් Friday, 31 January 2014 07:06 PM
මේ ඔය කතාව ඇත්ත වෙන්න ඕන. මොකද කඳවුරක් හදන්න ලීමෝල් වලින් ගස් ගන්න කියලද කියන්නේ. අනිත් එක හොරකමක් කරනවානම් ඔහොම හොරකම් කරන්නේ නැහැ. ජාතියේ ආරක්ෂාවට ඉන්න හමුදාව ගහක් කපගත්තම මොකද වෙන්නේ .(අ)