අක්මීමන හල්ගස්මුල්ලේ තේ වත්තක් හිමි අඹු සැමි යුවලක් ත්‍රී රෝද රියක කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
සේවකයන් ලවා තේ දළු කඩවා ගැනීමෙන් පසුව මොවුන් මරා දමන්නට ඇතැයිද ඝාතකයන් ගැන තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි.
අක්මීමන හල්ගස්මුල්ලේ තේ වත්තක් හිමි අඹු සැමි යුවලක් ත්‍රී රෝද රියක කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
සේවකයන් ලවා තේ දළු කඩවා ගැනීමෙන් පසුව මොවුන් මරා දමන්නට ඇතැයිද ඝාතකයන් ගැන තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සුමානේ ලංකාවට යන්ට ඉන්නේ. ඒත් සිතට දැනෙන බය අසීමිතයි. රෑට නින්ද යන්නෙත් නැහැ. අනේ අපි ඉපදුන , හැදුනු, වැදුණු ලස්සන ලංකාව අද එහෙම පිටින්ම අමු සොහොනක් වෙලා. මේවට හේතු අපි සේරම හොඳින්ම දන්නවා .වැටත්, නියරත්, ගොයම් කයි නම් කාට කියමුද? (ස)
අමිළ කටුනායක, දැන්මම මිනි කන්නන්ගේ දේශයක් වෙලා ඉවරයි. (ස)
පද්මිණි.මම ලංකාවට යන්න කියල ටිකට් එක අතට ගන්නකොට මගේ හිතට පුදුම බියක් දැනෙනවා. කොයි වෙලාවේ මොන හේතුවකට කොහොම කන්න වේවිද කියලා. මොන වගේ මරණයක් උදා වේවිද කියලා. ඉස්සර මිනීමරු ප්‍රභාකරන්ගේ කාලෙදිවත් අපි මේ වගේ නම් බිය වෙලා නැහැ.(නදී)
චරිත හිතේ ආවේගෙට එහෙම කීවට ලෝකේ පිටතින් ඉඳල අපි දිහා බලන අය බලන්නේ අපි මිලේච ජාතියක්කියලා , ඒක අපේ රටට හොඳ නැහැ කරන්න තියෙන්නේ අපේ නීති පොත අලුතෙන් ලියන එක දැඩි දඬුවම් දෙන එක , අර දයා කියනවා වගේ අඩු තරමේ අපේ රජ කාලේ දඬුවම්වත් ................!(අ)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුධු හාමුදුරුවනේ ?????? අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ අවුරුදු 5000 ක් කල් බැබලෙන බුදු දහමේ බලේ පිරිහෙන්න යන්නේ. තව්තිසා දිවිය ලෝකේ වැඩ වසන ඔබ වහන්සේ අපේ ලංකාවට දිවැස් හෙළා අංගුලි මාලයන් බිහිවෙලා තියන මේ රට බේරා දෙන්න .ඔබ වහන්සේ හැර වෙන කවූරුවත් නැත මේ රට බේරා දෙන්න ? පින් සිද්ධ වේවී ඔබ වහන්සේට . . (ස)
ප්‍රියා, ඔලුව උඩ ඉඳගෙන අදහස් දාන්න එපා.කුඩු කිලෝ අටක් අර්තාපල් අස්සේ හංගගෙන මෙ රටට කුඩු ගෙනාව ව්‍යාපාරිකයා නිදහස් වෙලා ග්‍රාම පහක් තියන් හිටිය පස් දරු පියෙක්ට මරණ දණ්ඩනය නියම වුනේ කොහොමද? අර එතනෝල්, ෆොර්මලින් කන්ටේනර් පිටින් ගෙනාපු ව්‍යාපාරිකයෝ නිදැල්ලේ ඉන්නේ කොහොමද? (ස)
"යකා විදිහටලු විමානේ"......! (ස)
තමන්ගේ අම්මව තත්ත්ව මල්ලිව කපල කොටලා මරනවා 8 හැවිරිදි දරුවා මරණ බයේ දොර අස්සේ ඉදන් බලන් ඉන්නවා. කුඩු, එතනෝල් ,ෆොර්මලින් කන්ටේනර් පිටින් ගෙන්වන අයට මේවා කියල වැඩක් නැහැ. ජෙනරල් සරත් ෆොන්සේකාගේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා.(නදී)
ධම්ම, අනිත් අයගේ ජීවත්වීමේ නිදහසට ගරු නොකරන මිනිසෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ මනුස්සය මැරිලා කියල කව්රුවත් දුක් වෙන්නේ නැහැ. මම දන්න තරමින් මෙයා ගමටම, පොලිසියට, ප්‍රාදේශීය සභාවට, උසාවියට කරදරයක් වුනු කෙනෙක්.මෙයාට සතියේ හැමදාම නඩු තියෙනවා. අනුන්ගේ ඉඩම් බලෙන් අයිති කරගෙන මිනිස්සු අමාරුවේ දාල ඒවාට නඩු. මිනිස්සු මරණ එක වැරදියි.ඒත් මේ වගේ අපරධකාරයෝ ජිවත් වෙන එක අනිත් මිනිස්සුන්ට කරදරයක්. දන්නා නිසයි කියන්නේ. (ස)
මට හොද අදහසක් පහළ වුණා.හොරකම් කරලා යතුරුපැදියේ නැගලා මුහුණු ආවරනය වෙන හෙල්මට් දාගෙන යන නිසා හොරකම් අඩු කරන්න කියලා මුහුණු ආවරනය කළ හෙල්මට් තහනම් කළා වගේ බැරිද,හොදට මුවහත තියෙන මන්න,පිහි එහෙම ලංකාවේ තහනම් කරන්න. එතකොට නම් ඔය වගේ කපලා කොටලා සිදු කරන මරණ වල සීඝ්‍ර අඩුවක් පෙන්නුම් කරාවී. (නි)
අපි මොනවා ලිවුවත් වැඩක් නැහැ යාලුවනේ.එකෙක් දෙන්නෙක් එල්ලන්ම ඕනෑ ඕක නතර කරන්න.නැත්නම් හැමදාම බලන්න දකින්න තිබෙන නිසා මිනීමැරුම් සාමාන්‍ය දෙයක් වෙයි රටේ ජනතාවට.මොකද දේශපාලුවන්ට දැන් මේක සාමාන්‍යය දෙයක් වෙලා ඉවරයි. ඒකනේ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකරන්නේ.දැන් අපිම මේකට විසදුමක් හොයන්න කාලේ ඇවිල්ලා.තව බලා ඉන්නවා කියන්නේ හෙට දවස අපි හැමෝටම අවිනිශ්චිතයි කියන එක. (නි)
පද්මිණි දැක්කද ඉතාලි ඉදල ගිය අයගේ තත්වේ . ඔයාගෙත් තුන් දොරෙන් එක දොරක් ටිකක් අබලන් .කල්පනාවෙන් (නදී).
රටේ නීතියක් නැති උනහම මෙහෙම වෙනවා.මේවා ගැන කතා කරන මිනිස්සු ජාති ද්‍රෝහියෝ වෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මොලය පෑදේවා කියා මා පතනවා. (ස)
අනේ අපේ රටකට ගිය කලක හැටි. ඉස්සර මිනීමැරුමක් සොරකමක් ගැන අහන්නට ලැබෙන්නේ කලාතුරකින්. නමුත් අද හරියට සතුන් සර්පයෝ මැරෙනවට වඩා මනුෂයන් මරනවා. රටේ නිතිය සභ්‍යත්වය, සදාචාරය මොකක් වෙලාද. මේවා නවත්තන්න අපේ සෑම කෙනාම පක්ෂ ජාති බේද නොසලකා එකමුතු වෙන්න වුවමනා කාලය ඇවිත්. දේශපාලන නායකයොත් මේවට පිලියමක් යොදන්න රට ගැන අනාගත පරපුර ගැන අවංකවම කැක්කුමක් ආදරයක් තිබෙනවා නම් එකතු වී විසඳුමක් දෙන්න පෙළ ගැසෙන්න වුමනායි. නැත්තම් අපේ උතුම් දිවයින කාලකන්නියන්ගේ දිවයිනක් වෙනවා ඒකාන්තයි. (ස)
මේ සියල්ල විසදන්න පුළුවන් එකම එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහතා (නි)
අනේ මන්ද මොනවා කියන්නද කියා.., ලංකාව තමා ප්‍රථම ස්ථානය දිනාගන්නේ ., මිනි මැරීමෙන්, බිහිසුණු අපරාද කිරීමෙන්., හොරකමෙන් ., කාන්තා හිංසනයෙන්.., හා බාල ළමා අපචාරවලින්.....!! හෙක් ....කාටද ආඩම්බර (නදී)
චරිත , ඒ පුද්ගලයා ගැන , ඔබේ චරිත සහතිකයෙන් සිතට යම් කිසි සැනසුමක් ලැබුනා. ඔව් ඉතින් දැන් නිතිය අපි කාටත් උවමනා පරිදි සැලසුම් කර ගතහැකියි. අත් බෑගයේ පිස්තෝලයක් දාගෙන යනවා නම් හොදයි. සෙන්ට්,පව්ඩර් වෙනුවට?(නදී)
මේ සිදුවීම් වනාහි මහා ජාතික ව්‍යසනයක ආරම්භයයි. මේ ව්‍යසනයට ඍජු රාජ්‍ය අනුග්‍රහයක් නැහැ කියා ආණ්ඩුවට කිව හැකිද? රාජ්‍ය පාක්ෂිකයින්ට නීතියෙන් අවහිරයක් නැත යන්න ජාතියේ ජප මන්ත්‍රය වී ඇත. යකැදුරන් පමණක් නොව ආතුරයන් ද මතුරන යුගයක් වී ඇත. (නි)
රූපවතී නගෝ ඔයා එනවා නම් මමත් එනවා දියවන්නා ඔය ලඟට. (ස)
තව ටිකක් කල් යනකොට මේක මිනි කන්නන්ගේ දේශයක් වෙයි මෙහෙම යනකොට.(නදී)
දකුණ මේවට හැමදාම වාර්තා පිට වාර්තා තියනවනේ !! (ස)
අපේ අය කවදාවත් එල්ලුම් ගහ ගේන්නේ නැහැ. ගේන්නේ ලණු විතරයි. (නදී)
අපේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න බැහැ. ඒත් අපිට පැහැදිලිවම එක දෙයක් කරන්න පුළුවන්. අපි හදන අපේ දරුවෝ රටට ගමට ජාතියට වැඩදායක සීලාචාර සැලකිය යුත්තන්ට සලකන, අනුන්ගේ දුක වේදනාවකදී පපුව උණුවෙන, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා කරන සහ වගකීමක් ඇති දරුවන් විදියට හදල මේ සමාජෙට යොමු කරන එක.එතකොට අඩුම තරමින් තව අවුරුදු 20කින් වත් මේ රට ඉස්සර තිබුණු තැනට ගෙනියන්න පුළුවන් ඉන්ටෙනෙට්, ස්කයිප්, ෆේස්බුක්, රුපවාහිනී සීමා කරන්න. සමාජ ක්‍රමයට බැන බැන ඉන්න එපා.මේ ඇතිවෙලා තියෙන තත්වෙට අපිත් වක්‍රාකාරව වග කියන්න ඕනේ.ඇගපත වැහෙන්න ඇදුම් අදින්න දුලට පුරුදු කරන්න. බුදු දහමම නෙමේ අදහන මොනාහරි ආගමක් කෙරේ දරුවන් යොමු කරන්න.බඩගිනි තිබුනත් ඉදුල් නොකන්න දරුවන්ට කියල දෙන්න. විවාහ ජීවිතේ තියෙන පූජනීය බව වටහල දෙන්න. කල් අරින්න එපා අපි හොඳටම ප්‍රමාදයි. අද මේ දැන් මේ මොහොතේ ඉඳලා පටන් ගන්න. මගේ රටට දළදා හිමි සරණයි. (ස)
දැන් හැමදාම අහන්න තියෙන්නේ මිනීමැරුම්, දැන් බෝවෙන රෝගයක් වගේ. එල්ලුම් ගහ ආරම්භ කාලය ඇවිත් වගේ. ලණුව ගෙනත් තියාගෙන හරියන පාටක් නැහැ. (ස)
රවී, ඔබේ අක්කා අයියා දෙව් මව් තුරුලේ සැතපේවා.(නදී)
මොකද උනේ මේ ලංකාවට ? (ස)
පාලකයන් ජනතාව ගොනාට අන්දමින් සුර සැප විදී.ජනතව බල්ලන් බළලුන් මෙන් බස් රියදුරන්ගෙනුත්, මිනීමරුවන් අතිනුත් මිය යමින් සිටි.කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් නොකරන පාලකයින් රට මළගම කර රැගෙන යමින් සිටි.රටේ ජනතාව නින්දේ සිටි. (ස)
බලන් කඩ තුරා හැර දෑසේ ! (ස)
කැමරන් කියල තියෙන්නෙත් ලංකාව කියන්නේ අති විශාල සුසාන භූමියක් කියලා. (ස)
පතිරූප දේශ වාසෝච......දැන් නම් පුළුවන් අයවත් ලංකාව හැර යන එක හොඳයි වගේ. (ස)
දැන් සිදුවන්නේ අනෙකකි.මාර්ග සංවර්ධනය කළත් මිනිසාගේ චර්යාව විනාශ කර රට සංවර්ධනයෙන් ඇති ඵලය කුමක්ද? (නි)
මෙච්චර බණ කියන රටේ මේ වගේ අපරාධ වෙන්නෙ මොකද, මම නම් කියන්නේ මිනිස්සු ධර්මෙන් ඈත් වෙලා හැම දේම සල්ලි වලට යට වෙලා. (ස)
බෞද්ධ ආගමික රටක මෙවැනි ආකාරයෙන් මීනීමැරීම් දිනෙන් දින වාර්තා වන ප්‍රමානය ඉහල යාම බෞද්ධයින් වන අපට මහත් කණගාටුවක්. මොවුන්ට දෙන්න ඔනේ රජකාලේ දඩුවම්. දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න.මේ පිළිබද අතිගරු ජනාධිපතිතුමාගේ අවදානය යොමු වෙන්න කාලයක් එලඹිලා තියෙන්නේ. (නදී)
හරියට නීති නැති උනාම ඔහොම තමයි.තව ඉස්සරහට මීට වඩා මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ වැඩි වෙයි.මේ අපේ ලෝකෙ ලස්සන නම් රට ලෝකයේ දරුණුම රටක් කර ගන්න තමයි ලොකු තැන්වල ඉන්න මිනිස්සුන්ටත් ඕන. ලංකාව සංවර්ධනයෙන් ඉහලට යයි.ඒත් ඒවා භුක්ති විදින්න මෙහෙම මරා ගත්තම රටේ ජනතාව නැති වෙයි.රටේ ලස්සන කැත වෙයි. (ස)
මිනිස්සු නිකන් සත්තු සිවුපාවෝ වගේ මරලා දාන්නේ,මේ වගේ දේවල් කරන්නේ මනුස්සයෝද කියලාවත් හිතාගන්න බැහැ. (නි)
රට සංවර්ධනය කරනවා කියල පිස්සු නටනවා. වැඩිකල් යන්න ඉස්සර ලංකාව ලෝකයේ අමානුසික මිනිසුන් ඉන්න ආශ්චර්යමත් රට බවට පත්වෙනවා. (ස)
මේ යන විදිහට මිනීමැරුමක් කළේ නැත්නම් ගණන් ගන්නේ නැති වෙයි වගේ ලංකාවේ (නි)
අනුන්ගෙ ජාතියට වූ කන දේට බොන දේට බැන බැන අපෙ උන් කරන්නෙ හෙන ගහන අපරාධ. (ස)
මේ ආහ්චර්යයේ ප්‍රතිපල තමයි. මිනිස්සු දැන් එදා වේල හොයාගන්න මිනිමරනවා. දැන්වත් පම්පෝරි නවත්තලා මිනිසුන්ට කාලා බීලා ඉන්න පුලුවන් ආර්ථිකයක් ලබාදෙන්න (නි)
කොතරම් සංවර්දනය කළත් වැඩක් නැහැ ජීවත් වෙන්න බැරිනම්. මේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා නීතිය සහ සාධාරණය පතුරවන්න පටන් ගන්න, නැත්නම් අපි ඒක පටන් ගන්නවා. (නි)
අයියෝ උදෙන්ම බලපු ප්‍රවෘත්තිය.ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? අනිත් මිනිසුන්ගේ ජිවිත බිලි අරන් ඒ අය අමරණිය වෙන්නද හදන්නේ? (ස)
සමහර කට්ටිය හරක් මරණවට කිඹුල් කඳුළු හෙලුවා දැන් හරකුන්ට වඩා මනිසුන් ඝාතනයට පත්වෙනවා. කෝ අර කෑගහන කට්ටිය?මෙතන අරාබිය හා මුස්ලිම් කෙනෙක් සම්බන්ධ වෙලා හිටියා නම් අද හොඳ හොඳ අදහස් දැක ගන්න තිබුනා.මේ අපරාධ කාටවත් පෙන්නේ නැහැ. (ස)
හැමදාම මිනීමැරුම්. මේවා දකිනකොට ඇතිවන හිතේ වේගයටයි අරාබි නීතිය ගෙනෙන්න කියන්නෙ. ඒ නීති ඕන නැහැ. සිංහල රජ කාලේ තිබුණ දඩුවම් ඊටත් වඩා හොඳයි පටන් ගන්නවනම්. බැරි නම් එල්ලුම් ගහ පටන් ගන්න පාලකයින්ට ඇස් පෑදේවා. (ස)
ලංකාවේ මිනිස්සු මරන්නේ බල්ලෝ මරණවා වගේ ජනාධිපතිතුමනි. හයි වේ හදනවා වගේම රටේ නීතිය ගැන බැලුවොත් හොදයි. (නදී)
රෝයි ඔයා හරි. අපරාධකාරයන්ට ආරක්ෂාව ලැබෙන වෙලාවලුත් තියෙනවා. ඒකයි අපරාධ වැඩිවෙලා තියෙන්නේ. (නි)
දොන් සේතන් ..හැබැයි නෝනා හdමිනෙත් එක්කගෙනම එන්න ඕන ..උපවාසෙට මැරෙන කම්ම ..?(නදී)
භෞතික සංවර්ධනය විනා ආධ්‍යාත්මික සංවර්ධනයක් නැතිව ජිවත් වෙන්න සල්ලි නැති උනාම ඔහොම වෙනවා. පාලකයෝ මර නින්දේ. ජනතාව බල්ලෝ වගේ මැරිලා යනවා. (ස)
මොනවද මේ අහන්න ලැබෙන දේවල් ලංකාවේ, හරිම කනගාටුයි. ආගම් ජාති බේද ගැන නෙමේ මේවා තමා නැති කරන්න ඕනේ. (ස)
අන් අයගේ ජීවත්වීමේ අයිතියට ගරු කරපල්ලා මිනිසුනේ! (ස)
හරි හරි ටිකිරි බණ්ඩා, ඩුබායි තිලක් කියන අර අහවල් මහත්තයගෙ ආණ්ඩුව ආවම මේ රටේ ප්‍රශ්න ඉවර වෙලා රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා මේ රටේ මිනිස්සු ඔක්කොම ඒ මහත්තයත් එක්ක තුන් පෝයටම සිල් ගනීවි.දැන් කවදාද මහත්තුරුනේ ඔය අහවල් මහත්තයගෙ ආණ්ඩුව එන්නේ..? ඔබතුමාලට අං තිබුනට අනිත් මිනිස්සුන්ටත් අං තියෙනවා කියලා හිතන්න එපා.හිල්වෙච්ච බැලුන් පුම්බන්න හැදුවට වැඩක් නැහැ.තත්පරෙන් ආයෙත් බහිනවා. (නි)
චරිත දීල තියෙන චරිත සහතිකෙට ගොඩක් ස්තුතියි. නමුත් මිනීමැරීම අනුමත කරන්න බැහැ. යහපත් සමාජයක් ඉක්මනින්ම ඇති වේවා. (ස)
මේ ලංකාවේ ඉන්නේ අමනුස්සයෝ ..? ඇයි මිනිසුනේ හයියෙන් කැස්සක් ගියත් පෙළපාලි යන හැම මිනිසෙක්ම නැගිටලා ගිහින් ඉදගනිල්ලා දියවන්නා ඔය වටේට ..එල්ලුම් ගහ ක්‍රියාවට නංවන තුරු මාරාන්තික උපවාසයක් කරපල්ලා රටට ආදරේ නම් ...මම දුර රටක නිසා මට බැහැ මේ වැඩේට අත දෙන්න. ඊ ලඟ ශ්‍රී ලාංකිකයාව මරල වෙඩි තියලා, කපල කොටලා ,දමන්න පෙර ,,,නැගී සිටිව් හැම ජාතියක්ම එක වගේ......!!!! හදවතින්ම, ඒ වගේ දෙයක් මිනිසුන්ගේ ඔළු ගෙඩි වලට වැටේවා කියා ප්‍රාර්ථනා කරනවා ..!!!!! (ස)
නිවැරදි සහ අහිංසක මිනිසාට දඬුවම් කිරීම සඳහා පමණක් නීති ක්‍රියාත්මක වන වර්තමානයේ නොපෙනෙන බලවේගයෙන් සිදු කරන අපරාධ විය යුතුයි. (ස)
මෙතන බවද කියල වැඩක් නැහැ. කාලකණ්නි මිනිස්සුන්ට ජාති බේදක් නැහැ. ඕකගෙ නැහැදිච්චකම. (ස)
එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ නැත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.මොකද ඕවා ක්‍රියාත්මක කරන්න ඉන්න අයට මේවා දැනෙන්නේ නැහැනේ.එයාලා එළියට බහිනකොට සිය ගණන් වටේ ඉන්නවනේ. (නි)