බදුල්ලේ සිට කොළඹ බලා තේ පටවාගෙන යමින් සිටි ලොරියක් හල්දුම්මුල්ල ඌවතැන්නේ දී අද අළුයම කොල්ලකෑ පිරිසක් රුපියල් ලක්ෂ 18ක පමණ තේ කොළ පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. ලොරියේ රියදුරා හා සහායකයා බැඳ දමා තේ තොගයෙන් අඩක් පමණ පැහැරගත් පිරිස ලොරිය හා ඉතිරි තේ තොගය අතහැර දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලේ ගිහින් එන කෙනෙකුගේ එළවලු මල්ල, කඩේ ගිහින් එන කෙනෙකුගේ හාල් තුනපහ ටික, මංකොල්ල කන දිනය වැඩි ඈතක නොවේ. (දී)
ඕකට තව තේ කොළ මුදලාලි කෙනෙකුත් සම්බන්ධ ඇති.මොකද ඔය තේ කොළ ගන්න කෙනෙකුත් ඉන්න එපැයි.මොකද එහෙම නැතුව හොරු ටික තේ කොළ ටික පැකට් කරලා ලංකාව වටේ බෙදන්න යාවිද? (නි)
රියදුරා සහ සහයකයා ගැනත් පොඩ්ඩක් විපරමින් ඉන්න. මොකද තමන් තමන්වම බැදගන්නා ක්‍රමයකුත් දැන් බෝ වෙලා තියෙන්නේ. (දී)
මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතුවද මෙ හැටි මංකොල්ල කෑම් සිද්ධ වෙන්නේ?. එහෙම නැත්නම් වෙන යම් කිසි දෙයක් හරි විලාසිතාවක් හරි වෙලාද? මට නොතේරෙන නිසයි මේ අහන්නේ, හැබැටම දන්නා උදවිය ඉන්නවානම් කියමුකෝ. (දී)
හැමදාම එලිය වැටීගෙන එනකොට ඇහෙන්නේ කොල්ලකෑමක්, මිනීමැරුමක්, ළමා අපචාරයක්, ස්ත්‍රී දුෂණයක්, හෙරොයින් කුඩු සහ ගංජා වැටලීමක් සහ මුදල් හොර නෝට්ටු අචචු ගැසීමක්. (දී)
කොල්ලකරුවන්ට මොකටද තේ කොළ? ඒකෙන්ම පෙනෙනවා මේක පිටුපස වෙන දෙයක් තිබෙන බව (නි)
මම නම් හිතන්නේ මේවා හොරකම් කරන්න ඇත්තේ ලංකාවේ විකුණන එක කෙසේ වෙතත් රට යවන්න වෙන්නැති. නැත්තම් පැකට් කරලා වෙන අය අතේ බස් වල එහෙම විකුණන්න වෙන්නැති. (ස)
උතුවන්කන්දේ හිටපු කෙනා , නැවත ඌවතැන්නේ ඉපදිලාද?(දී)
අනේ මගේ රට (දී)
මේකට මුල් කාරණය මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවීමයි පිටිගල, ඔබ මිලනො වල ඉඳගෙන ඔවා දන්නේ නැහැ (දී)
දැන් තේ ගොඩක් වටිනවනේ. එක නිසා වෙන්නැති. (දී)
ඇයි කඩේකින්වත් තේ බොන්න සල්ලි නැද්ද මේගොල්ලන්ට? (දී)
අර්ශෝල්, ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා සමාජ විරෝධී වැඩ කරන එක අපට අනුමත කරන්න පුලුවන්ද? පිටරට ඉන්න උදවියට අමාරුකම් තේරෙන්නේ නැහැ කියන්න එපා. පිටරට වල ඉන්න ශ්‍රී ලාංකිකයන් දිවා රාත්‍රී මහන්සිවෙලා වැඩ කරනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරෙක් ආචාර්ය උපාධියට ඉගෙන ගන්න අතරතුර ආපන ශාලාවක වැඩ කරනවා. ලංකාවේ සමහරු, රජයේ රැකියාව නොලැබුණාම ආණ්ඩුවට දොස් කියමින් ආදායමක් ලැබෙන කම්කරු රස්සාවක්වත් කරන්න සූදානම් නැහැ. ඊට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා යොමු වෙන්නේ හොරකමට.රැකියා අවස්ථා නැහැ කියලා නිකන් ඉන්නවාට වඩා, අනුන්ගේ දේ කඩාවඩා ගන්නවාට වඩා නරකද පිටරට ගිහින් හරි මහන්සියෙන් යමක් හම්බ කරගෙන ජීවත් වෙන එක? (නි)
අර්ශෝල්, පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් තරම් ජීවත් වෙන්න තිබෙන අමාරුව ගැන වෙන කවුරුවත් දන්නේ නැහැ. අපේ වාහනය, ගෙදර, කන බොන දේවල්, කිසිම දෙයක් නිකම් පහළ වෙන්නේ නැහැ. අපි රැකියාවේ තරාතිරම ගැන නොසිතා , එහි නීත්‍යානුකුල බව ගැන පමණක් සිතා ඉතා මහන්සි වී වැඩ කරනවා. රෑ දවාලක් නැතුව වැඩ කරනවා. රැකියා අවස්ථා ළඟට එනකම් ඉන්නේ නැහැ. රැකියා නැත කියා පවතින සමාජ ක්‍රමයට හෝ ආණ්ඩුවට බැණ බැණ නිකම් ඉන්නෙත් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා හොරකම් කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)
අලි හොරකන් කරන රටේ, තේ ගැන මොන කතාද. තව ඉස්සරහට අතේ තියෙන දේ උදුරගෙන දුවන කාලයක් එනවා (දී)
මගේ දරුවන් ලොකු වෙලා සමාජයට මුහුණ දෙන්න හදන කොට සමාජය විනාශ වෙලා තියෙයි අනේ මගේ ළමයි (දී)
අපරාදේ කියන්න බැහැනේ .බැංකු, ඉන්දන ගබඩා, ලීසින්ග් වාරික එකතු කරන වැන් , කන කර , විතරක් නෙවේ, දැන් තේ ! දැන් බලාගෙන යනකොට මේ රටේ තාම මංකොල්ල නොකා ඉතිරි වෙලා තියෙන්නේ අපේ අඹු දරුවන් විතරනේ! (දී)
අද ගෙදෙර යනකොට ගෙදෙර හිටපු බලු රාලත් උස්සගෙන ගිහිල්ල ද දන්නේ නැහැ. (දී)
මොන වගේ සිදුවීම් ද අපේ මාතෘ භුමියේ දැන් සිද්ධ වෙන්නේ ? (දී)
මේවා සැළසුම් ඇතුව කරන දේවල්. (නි)