නුවර එළියේ සිට බසයකින් එවූ ‘තේ කොළ‘ පර්සලයක් ගැනීමට ඇල්පිටියට ගිය අහංගම පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඇල්පිටිය ලංගම ඩිපෝවට අයත් බසය නුවරඑළියේ සිට එන ගමන් අහංගම පුද්ගලයකුට එම පාර්සලය භාර දීමට නියමිතව තිබිණි.

පාර්සලය නොලැබුණු නිසි එම පුද්ගලයා ත්‍රිරෝද රියකින් ඇල්පිටියට ගියේය.

ඔහුගේ හදිසිය ගැන සැක සිතූ ඩිපෝව පොලිසිය ද කැඳවීය. පොලිසිය ඉදිරිපිට පාර්සලය විවෘත කළේය. වල්ලපට්ටා තොගයක් පාර්සලයේ විය.

සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත්  වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.