පෝර මිල ඉහළයෑමත්, අමු තේ දලූ මිල පහත වැටීමත් සහ පවතින දැඩි නියඟයත් සමඟ ප‍්‍රමාණවත් අමු තේ දලූ නොලැබීමෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ තේ කම්හල් වැසියාමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි තේ කම්හල් හිමියෝ පවසති.
වැවිලි සමාගම් සහ පෞද්ගලික අංශ වලට අයත් තේ කම්හල් සියයකට වැඩි ප‍්‍රමාණයක් රත්නපුර පිහිටා ඇත. කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන තේ ප‍්‍රමාණය සතියෙන් සතිය පහළ යමින් පවතින බවද ඔවුහු කියති.
තේ කම්හල් ආශ‍්‍රිත රැකියාවල නිරත පිරිස් වලට වැටුප් ගෙවීම් පවා ගැටලූවක්ව ඇති බව පවසන තේ කම්හල් හිමියන්, අනියම් සහ කොන්ත‍්‍රාත් පදනම මත කම්හල් වලට ලබා ගන්නා සේවාවන් සහ රැකියා අවස්ථා නවතා දැමීමට පියවර ගෙන ඇතැයි කීහ.
තේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන තේ ප‍්‍රමාණය ශිඝ්‍ර ලෙස අඩුවෙමින් යද්දී තේ කිලෝවක මිල සුළු ප‍්‍රමාණයකින් ඉහළ ගිය ද කුඩා තේ වතු හිමියෝ තේ අර්බුදය හමුවේ විශාල ආර්ථික අපහසුතාවකට ලක්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තේ වැවීමට නුසුදුසු වේගනයි එන්නේ. තේ කියන්නේ දේශගුණික වෙනස් වීම් වලට සංවේදී ශාකයක්. වෙන බෝගයකට යොමු වෙන්න කාලය ඇවිල්ල වගේ. මම දැකල තියෙනවා උඩරට පළාත් වල දැන් දැන් කුරුඳු වගා කරනවා. (ර)
ගැටළුවක් නැහැ අපි ඉන්දියාවෙන් තේ ගෙන්වනවා, අඩුමිලට තේ වෙළදපොලට ලබාදෙනවා. අපේ තේ ඉඩම්වල රබර් හදනවා. ඒවගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අපේ දේශීය කෝපි කර්මාන්තය නගාසිටුවීමට හැකිපමනින් දායක වෙන්න කියලා. (ර)
සුමිත්‍රා, ඕකට කියන්නේ යහපාලනය. ඇයි අවුල්ද? (ර)
වෙනස සැප වැඩියිද සුමිත්‍රා? (නි)
සුසන්ත, අපි ජීවත්වුණේ තේ වලින්. අපේ ගම් වල හුඟදෙනෙක් ඒ වගේ. අපිට දැන් අවුල් නෙමෙයි, යහපාලනය වහ වෙලා තියෙන්නේ. (නි)
තේ දළු අඩුවීමට හේතුවත් රාජපක්ෂ ආණ්ඩුව වෙයිද දන්නෙ නැහැ (නි)
තේ වලට හොඳ මිලක් නොලැබෙන අතර ,පොර මිල 2900 ක් වී ඇත,දළු කඩන අයගේ පඩි ඉහල දැමීමක් ඉල්ලයි දැන් පොර මිල අනුව දළු කිලෝ එකක් පැට්ටරියට යවන්න රු 45-50ක් වැයවේ ,රු 58-60 මිලක් ලැබේ ඉතින් දළුවලින් ජීවත් වන්නේ කොහොමද? (අ)
පසුගිය රජය එහෙම මැජික් පෙන්නුවේ කොහොමද කියලා හොයල බලන්න ඕනෑ. ආණ්ඩු වෙනස්වුණ පළියට ලෝක වෙළඳපොළේ තත්වයන් වෙනස් වෙන්නේ නැහැ. එයාලා ආණ්ඩුවෙන් රුපියල් 10 ක් කිලෝ එකකට දීලා තේ දළු ගන්න මිල ඉහළින් තියා ගත්තා. එහෙම දෙන්න සල්ලි එයාලට කොහෙන් ලැබුනද කියලා හොයලා බලන්න ඕනෑ. (නි)
ශාන්තගේ මොළේ තමයි මොළේ. අනේ හැබෑට! (නි)
කුඩා තේ වතු හිමියන් දැන් අන්ත අසරණ තත්වයට ඇදවැටී ඇත. පෙර තිබු රජය තේ වලට ඉහල මිලක් ලබා දුන්න. පොහොර සහනාදාරය පවා තේ වතු හිමියන්ට කිසිම කරදරයකින් තොරව ලබාගැනීමට හැකිඋනා. අද මොකක්ද මේ තියන තත්වය. (ර)