ශ්‍රීලංකා වේ මේ වසරේ තේ අපනයයනය 2002 ට පසු පහතම තත්ත්වයට පත් වී ඇති බව රේගුවේ අලුත්ම තොරතුරු කියයි.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකු වන ශ්‍රී ලංකාව පසුගිය ජුනියේදී කිලෝ දෙකොටි හතලිස් අට ලක්ෂයක් අපනයනය කළේය.
එය ගිය වසරේ එම කාල සීමාව හා සසදන විට සියයට විසි අටක අඩුවීමකි. ගිය මාසයේදී තේ කිලෝ තුන්කෝටි හතලිස් තුන්ලක්ෂයක් රට යැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දැන්වත් පාලකයින් සහ බලධාරීන් රට ගැන සිතා කටුතු කරන්න" මේ ටික මම දැකලා අහලා එපාම වෙලා ඇත්තටම අපේ අයට (ජනතාවට) මොලේ ඇත්තෙම නැද්ද............? (නි)
කරුණාකර කසල තේ අපනයනය කරන්නට දැඩි දඩුවම් දෙන්න. නැත්නම් නුදුරේදීම අපේ තේ ලෝකයම ප්‍රතික්ෂේප කරාවී. (නි)
ඕනෑම ආයතන 2 3 ක් තියාගෙන අනිත් ඒවා වහලා දන්න.. (දී)
ඇයි කසල තේ යවන්නන්ට විරුද්ධව මුකුත් නොකරන්නේ? (නි)
මොලේ නැති තණකොළ කන දේසපාලුවන්ට කියනවට වඩ හොදයි කට බිම උලා ගන්න එක. උන්ට රට ගැන ආදරයක් නැත්නම්, මිනිස්සුත් ඒ කාලකන්නින්ටම චන්දෙත් දෙනවනම් ඉතින් මේක අනාගත පරපුරේ කරුමේ සහ උරුමේ. ඕනේ බලු වැඩක් කරලා දේසපාලුවෙකුට තුරුල් උනා නම් ප්‍රශ්නේ ඉවරයි. (අ)
තේ ඇමති කෙනෙක් පත් කරමු (අ)
කසල තේ පිටරට යැවීමත් පොහොර ප්‍රමිතියෙන් තොර වීම පවතින අයහපත් කාලගුණය නිසාත් අමු තේ දඑ සදහා ලැබෙන මිල පහල යාම නිසා වගා කරුවන් ඉන් ඉවත්වීම කම්කරුවන් නොමැති කම යන මේ කරුණු තේ අපනයනය පහල යාමට ප්‍රදාන වේ වගකිව යුත්තෝ කණ් ඇසෙන් නැති ඇස් පෙන්නේ නැති ලෙස කටයුතු කලහොත් නුදුරු අනාගතයේදී ලංකාවෙන් තේ සදහටම තුරන් වේවි (අ)
බය වෙන්න දෙයක් නැත.... ලංකාවේ දැන් තියෙන්නේ ක්‍රීඩා ආර්ථිකයක් කෘෂි කර්මය හා නිෂ්පාදන පදනම් කරගත් අපනයන මුලික ආර්ථිකයන් නොවේ...... (දී)
නූරිය තේ වතුයායේ වගේ දෙයක් අනිත් ඒවායෙත් සිද්ධ වෙනවාද කියල හොයල බැලුවොත් නරකද? නූරියේ සිද්ධ වුන දේවල් රටට හෙලි වෙන්නත් අවුරුදු දහයක් ගත වෙලා. දක්ෂ, අවංක වතු නිලධාරියෙක් මරා දානකම් බලන් හිටියා.(අ)
තේ අපනයනය සඳහා වෙනම ආයතනයක් වෙනම ඇමති කෙනෙක් යටතේ පත් කොට, ගුණාත්මක බවය වැඩි කරන්ඩ. කසල තේ අපනන කරන අයට රුපියල් මිලියනයක දඩයකුත්, අවුරුදු 20ක සිර දඬුවමක් දෙන්ඩ. (දී)
තේ කර්මාන්තය සම්පුර්ණයෙන්ම පුද්ගලීකරණය විය යුතුයි. (නි)
කසල තේ යැවීමේ ප්‍රතිපල නෙවේ කසල තේ යැවීම වැලැක්වීමේ ප්‍රතිපල. ඉස්සර සෑහෙන කිලෝ ගානක් කසල තේ පිටරට යැවුනා රන්දොඹේ වගේ පැති වලින්. දැන් ඒ මිනිස්සු වෙන රස්සාවල් කරනවා එයාලගේ තේ අල්ලන නිසා. මොනවා වුනත් කොහේ හරි මිනිස්සුන්ට කසල තේ නොබී ඉන්න ලැබිලා ඇති (නි)
අයහපත් කාලගුණය නිසා පසුගිය මාස දෙකේ උඩරට තේ නිපැයුම අඩු විය. මෙය තාවකාලික තත්වයක්. තද ඉඩෝරෙට මෙන්ම තද වැසි කාලයට තේ අඩු වෙනවා. මේ වසරේ වැස්ස අධිකයි. (නි)
දැනට මේකට ඇමතිලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නේද? මදි මදි තව කීප දෙනෙක් පත්කරමු. එතකොට හරි යයි. (නි)
මෙහෙම යනකොට තව තවත් බහින්න දේවල් තියේවි! උද්දමනය විතරක් නම් නගීවි. (නි)
අහන්නත් දෙයක්යෑ , කසල තේ රට යැවීමේ ප්‍රතිපල තමා. දැන්වත් පාලකයින් සහ බලධාරීන් රට ගැන සිතා කටුතු කරන්න (නි)