ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 101) වේගවත් ඉනිම නිසා ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 51 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (06 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI, පංජාබ් පිල කඩුලූ 6 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කළේය.
දකුණු අප‍්‍රිකානු යොවුන් පිතිකරු ඬේවිඞ් මිලර් පන්දු 38 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පංජාබ් පිල අනපේක්‍ෂිත ජයක් දක්වා රැගෙන ඒමට සමත් විය.
10 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ලකුණු 64 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී ඬේවිඞ් මිලර් (නොදැවී 101) සහ රාජගෝපාල් සතීස් (නොදැවී 27) එකතුව පන්දු 49 කදී ලකුණු 130 ක නොබිඳු සම්බන්ධතාවක් පැවැත්වූහ.
බැංගලෝර් පිල වෙනුවෙන් ක‍්‍රිස් ගේල් පන්දු 33 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.
බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටින තිලකරත්න ඩිල්ෂාන්ට සහ මුත්තයියා මුරලිදරන්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වූහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 190 (ක‍්‍රිස් ගේල් 61, චෙටෙෂ්වර් පුජාරා 51, විරාට් කෝලි 14, ඒ. බී. ඩිවිලියස් නොදැවී 38, මොයිසස් හෙන්ද්‍රික්ස් නොදැවී 16, මන්ප‍්‍රීට් ගොනි 41/2)
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 18 කදී කඩුලූ 4 ට 194 (මන්දීප් සිං 16, ගුර්කකීරට් සිං 20, ඬේවිඞ් හසී 13, ඬේවිඞ් මිලර් නොදැවී 101, රාජගෝපාල් සතීස් නොදැවී 27, මුරලි කාර්තික් 24/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලාංකිකයෝ හැටියට කොහොමහරි කරලා දිල්ලි කණ්ඩායම දිනවමු. (ස)
අගය කරන්න ඕනෑ ක්‍රීඩකයෙක්. අපිටත් මෙහෙම ක්‍රීඩකයන් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙන්න මිනිස්සු. අපේ අයනම් ඔහොම පීඩනයක් තියෙන වෙලාවට බයට දැවී යන්නේ. (ස)
කෝලිගේ පන්ඩිතකම වැඩියි. ඔහොම වෙලා මදි. (නි)
මෙන්න ක්‍රීඩකයෝ. ඒකට අපේ අය. ලැජ්ජාවේ බැහැ (නි)
කෝලි ? හහ් හහ් හා... (නි)
මිලර්ගේ පහසු උඩ පන්දුව කෝලි අතහැරිය නිසා තරඟය පැරදුණා.(ස)
අම්මා යාන්තන් එති අපේ සංඟා බේරුනා. (ස)