IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ණයට සල්ලි අරං කප්පම් ගෙවයි

පසුගිය ජනවාරියේ සිට විවාහක කතකගෙන් (37) රුපියල් ලක්ෂ පහමාරක් කප්පම් කෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන් සැකපිට බේරුවල මදනාගොඩ කොන්ත්‍රාත්කරුවකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම කාන්තාවගේ සැමියා හෝටලයක අනාචාරයේ යෙදෙන බවත්, ඔහු අතටම අල්ලා දිය හැකි බවත් කියමින් ඇය හෝටලයක කාමරයකට රැගෙන ගොස් ජංගම දුරකතනයෙන් පින්තූර ගෙන වරින්වර කප්පම් කෑම සඳහා එම පින්තූරය යොදාගෙන ඇතැයි පොලිසිය කියයි.

කප්පමට අමතරව වෙනත් ප්‍රයෝජනද ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි. ඔහුට කප්පම් ගෙවීම සඳහා ඇය ණයටද මුදල් ගෙන ඇත.

සැකකරු අද කළුතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

ණයට සල්ලි අරං කප්පම් ගෙවයි

ඇසළ Wednesday, 17 July 2013 02:59 PM

බල්ලෝ කියන්නේ දකින ඕනෙම පදුරකට මුත්‍ර කරන ජාතිය, ඒ උනාට කතාවක් තියනවා ගැහැණු කවුරුද වරදේ නොබැදෙන කියලත්. තනි අතකින් කිසිදාක අත්පුඩි ගැසිය නොහැක.(නදී)

:       0       0

චන්දා Wednesday, 17 July 2013 11:35 AM

ඔක්කොම කුණු බේරුවල බොක්කට , කොන්ත්‍රාත්කරුවකුගේ නම දාන්න. නැත්නම් මේ පුවතින් යම් පිරිසකට අවැඩක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

දර්ශන් Wednesday, 17 July 2013 11:41 AM

මෙම කාන්තාව මෝඩයිනේ. මෙය අනිත් අයටත් පාඩමක් වේවි. කරුණාකර කොන්ත්‍රාත්කරුගේ නම පලකරන්න. තතව පැමිණිලිත් ලැබේවි (නි)

:       0       0

රානි Wednesday, 17 July 2013 11:49 AM

කාන්තාව මෝඩයි කියා කාන්තාවම අගතියට තව තවත් පත් කරනවාට වඩා අපේ රටේ කපටියන්ගේ දුෂකයන්ගේ මැරයන්ගේ හොරුන්ගේ ගුබ්බෑයමක් වෙලා නේද කියලා හිතුවොත්.අහිංසකයන්ගේ ප්‍රශ්න දඩමීමා කරගන මිනිස්සු අමාරුවේ දමන මෙවන් අයට හසු වන්නන් මෝඩයින් කියා අතපිහදමා ගැනීමට වඩා අපේ රටෙහි තත්වේ තේරුම් ගමු (නි)

:       0       0

ranaa Wednesday, 17 July 2013 11:53 AM

කප්පම් ද කෙප්පයක්ද (අ)

:       0       0

කපිල Wednesday, 17 July 2013 12:05 PM

බොරුනේ ...හෝටලේට ගිහින් පින්තුර ගන්නකල් නිකන්ම හිටියා කියලද කියන්නේ. පින්තුර ගත්ත නිසානේ පොලිසි ගියේ . නැත්නම් තවම හෝටලේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 04:14 PM

ඇසළ, අදනම් ඇත්ත කතාවක් කියල තියෙනවා. (ස)

:       0       0

රාහුල Wednesday, 17 July 2013 12:06 PM

විනයක් නැති ජාතියක්, නීතියක් නැති රටක්. (නි)

:       0       0

අමිල Wednesday, 17 July 2013 12:10 PM

ඔබ හරියටම හරි රානි, අද අපේ රටේ මිනිස්සුන්ගෙ අදහස තම ආරක්ශාව තමුන් සලසා ගතයුතුයි කියන එක. හරියට අර ගල් යුගය වගේ දැන්, බලය ශරීර ශක්තිය තියෙන එකාට යටවෙලා අනිත් මිනිස්සු ඔක්කොටම ඉන්න වෙලා. රටේ මේ හැම පරිහානියටම වගකිවයුත්තේ කවුද කියන එක පිලිගන්න තාම අපේ මිනිස්සුන්ට ඇස් පෑදිලා නැහැ. (නි)

:       0       0

ගාමා Wednesday, 17 July 2013 12:50 PM

මෙතන දෙන්නගෙම සබදතාවක් තිබෙන්න ඇති. එය රටේ අද කාලෙ ඕනෑ තරම් වෙන ඔවැනි ප්‍රශ්න වලින් එකක් පමණයි. එය හරිද වැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ මිනිසා කර ඇති වැඩේට නම් දිය යුතු දඩුවම නම් අර හංගපු ආයුධ හොයන්න යන දඩුවම වගේ එකක් තමයි (නි)

:       0       0

මංජු Wednesday, 17 July 2013 01:03 PM

තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. කප්පම් කෑමනම් තනි අතින් කල හැකියි (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:06 PM

රානි, අමිල, මේ කාන්තාව හෝටලේට ගියේ සැමියා අල්ලගන්න කියමුකෝ. එතකොට කොන්ත්‍රාත්කාරයත් එක්ක කාමරේකට ගියේ? ජංගම දුරකතනයෙන් පින්තුර ගන්න ඉඩ දුන්නේ? සිද්දවෙන්න යන්නේ මොකක්ද කියලා මෙලෝ හසරක් නොදැන කියලද ඔබ කියන්නේ? (නි)

:       0       0

හේමන්ත Wednesday, 17 July 2013 01:06 PM

රවටලා පින්තූර ගත්තා නම් එවෙලේම නේද පොලිසි යන්න තිබුනේ.තමන්ගේ ස්වාමියාව බොරුවට සැක කර පිටස්තර පිරිමියෙකුගෙන් පිහිට පැතීම නිසානේ මේ වින්නැහිය. (නි)

:       0       0

නන්ද Wednesday, 17 July 2013 01:45 PM

හෝටලේට ගිහින් පින්තුර ගන්නකල් නිකන්ම හිටියා. පට්ට බොරු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site