පසුගිය ජනවාරියේ සිට විවාහක කතකගෙන් (37) රුපියල් ලක්ෂ පහමාරක් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බේරුවල මදනාගොඩ කොන්ත්‍රාත්කරුවකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාන්තාවගේ සැමියා හෝටලයක අනාචාරයේ යෙදෙන බවත්, ඔහු අතටම අල්ලා දිය හැකි බවත් කියමින් ඇය හෝටලයක කාමරයකට රැගෙන ගොස් ජංගම දුරකතනයෙන් පින්තූර ගෙන වරින්වර කප්පම් කෑම සඳහා එම පින්තූරය යොදාගෙන ඇතැයි පොලිසිය කියයි.
කප්පමට අමතරව වෙනත් ප්‍රයෝජනද ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි. ඔහුට කප්පම් ගෙවීම සඳහා ඇය ණයටද මුදල් ගෙන ඇත.
සැකකරු අද කළුතර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ කියන්නේ දකින ඕනෙම පදුරකට මුත්‍ර කරන ජාතිය, ඒ උනාට කතාවක් තියනවා ගැහැණු කවුරුද වරදේ නොබැදෙන කියලත්. තනි අතකින් කිසිදාක අත්පුඩි ගැසිය නොහැක.(නදී)
ඔක්කොම කුණු බේරුවල බොක්කට , කොන්ත්‍රාත්කරුවකුගේ නම දාන්න. නැත්නම් මේ පුවතින් යම් පිරිසකට අවැඩක් වෙන්න පුළුවන්. (නි)
මෙම කාන්තාව මෝඩයිනේ. මෙය අනිත් අයටත් පාඩමක් වේවි. කරුණාකර කොන්ත්‍රාත්කරුගේ නම පලකරන්න. තතව පැමිණිලිත් ලැබේවි (නි)
කාන්තාව මෝඩයි කියා කාන්තාවම අගතියට තව තවත් පත් කරනවාට වඩා අපේ රටේ කපටියන්ගේ දුෂකයන්ගේ මැරයන්ගේ හොරුන්ගේ ගුබ්බෑයමක් වෙලා නේද කියලා හිතුවොත්.අහිංසකයන්ගේ ප්‍රශ්න දඩමීමා කරගන මිනිස්සු අමාරුවේ දමන මෙවන් අයට හසු වන්නන් මෝඩයින් කියා අතපිහදමා ගැනීමට වඩා අපේ රටෙහි තත්වේ තේරුම් ගමු (නි)
කප්පම් ද කෙප්පයක්ද (අ)
බොරුනේ ...හෝටලේට ගිහින් පින්තුර ගන්නකල් නිකන්ම හිටියා කියලද කියන්නේ. පින්තුර ගත්ත නිසානේ පොලිසි ගියේ . නැත්නම් තවම හෝටලේ. (නි)
ඇසළ, අදනම් ඇත්ත කතාවක් කියල තියෙනවා. (ස)
විනයක් නැති ජාතියක්, නීතියක් නැති රටක්. (නි)
ඔබ හරියටම හරි රානි, අද අපේ රටේ මිනිස්සුන්ගෙ අදහස තම ආරක්ශාව තමුන් සලසා ගතයුතුයි කියන එක. හරියට අර ගල් යුගය වගේ දැන්, බලය ශරීර ශක්තිය තියෙන එකාට යටවෙලා අනිත් මිනිස්සු ඔක්කොටම ඉන්න වෙලා. රටේ මේ හැම පරිහානියටම වගකිවයුත්තේ කවුද කියන එක පිලිගන්න තාම අපේ මිනිස්සුන්ට ඇස් පෑදිලා නැහැ. (නි)
මෙතන දෙන්නගෙම සබදතාවක් තිබෙන්න ඇති. එය රටේ අද කාලෙ ඕනෑ තරම් වෙන ඔවැනි ප්‍රශ්න වලින් එකක් පමණයි. එය හරිද වැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ මිනිසා කර ඇති වැඩේට නම් දිය යුතු දඩුවම නම් අර හංගපු ආයුධ හොයන්න යන දඩුවම වගේ එකක් තමයි (නි)
තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. කප්පම් කෑමනම් තනි අතින් කල හැකියි (නි)
රානි, අමිල, මේ කාන්තාව හෝටලේට ගියේ සැමියා අල්ලගන්න කියමුකෝ. එතකොට කොන්ත්‍රාත්කාරයත් එක්ක කාමරේකට ගියේ? ජංගම දුරකතනයෙන් පින්තුර ගන්න ඉඩ දුන්නේ? සිද්දවෙන්න යන්නේ මොකක්ද කියලා මෙලෝ හසරක් නොදැන කියලද ඔබ කියන්නේ? (නි)
රවටලා පින්තූර ගත්තා නම් එවෙලේම නේද පොලිසි යන්න තිබුනේ.තමන්ගේ ස්වාමියාව බොරුවට සැක කර පිටස්තර පිරිමියෙකුගෙන් පිහිට පැතීම නිසානේ මේ වින්නැහිය. (නි)
හෝටලේට ගිහින් පින්තුර ගන්නකල් නිකන්ම හිටියා. පට්ට බොරු.(නදී)