මේ රටේ නායකයින් අට දෙනෙකු ලබාගත් ණයට වඩා වැඩි ණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
‘මේ රට නිදහස ලබා ගත්ත දා සිට ලබාගත් ණය ප්‍රමාණය බිලියන 2100ට වැඩියි. රාජපක්‍ෂ ආණ්ඩුව කළේ ඒ ණය හතර ගුණයකින් වැඩිකිරීමයි. මහින්දගේ ආණ්ඩුවේ 2005 සිට අවුරුදු 10ට බිලියන 8500ට වැඩි ප්‍රමාණයක් ණයගෙන තිබෙනවා.‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනි පාලු ගෙයි වළං නොබිඳ ප්‍රසිද්ධ විවාදයක් පවත්වා නිවැරදි දේ කියන්න නැත්නම් මහ බැංකු වාර්තා සන්සන්දනයක් කර ජනතාවට ඇත්ත කියන්න. තවත් බොරු එපා (බ)
කප් එක පැත්තකින් තියල.. අරගෙන තියන ණය මුදල කියද කියලා මාධ්‍යයට හා මහජනතාවට හෙළිදරවු කරන්න (බ)
ඔය කතාව අහලා දැන් අපිට ඇතිවෙලා. ඔයාලා ආවා නම් මොනවාහරි කරන්නකෝ (නි)
සිරිකොතේ බොරු අහලා අපට ඇතිවෙලා. මෙතුමල රටගැන දන්නේ මහින්දගේ කාලේ විතරයි ප්‍රේමදාස හා ජේ්ආර් කාලේ පොඩිඋන් (බ)
ජෙප්පන්ගේ විහිළු කළා.කොමිස් නොගනිපු මැති ඇමතිවරු මේ රටේ ඉපදිලා නෑ. සමහරු කොමිස් ගත්තේ රාජ්‍ය දේපල විකුණලා. ඒත් මහින්ද කොමිස් ගත්තානම් ගත්තේ රටට නිදහසත් සංවර්ධනයත් ලබා දීලා. ජෙප්පො අපේ කණකර හොරා ගත්ත එක අපට අමතක නෑ. ඒ අයගේ වැදි බණ. මේ රටට ඇති එකම ණය ජේවීපිය. ජනතාව වරින්වර ගොනාට ඇන්දීම කළේ ඒ අය. (බ)
මහින්ද ණය ගත්තේ ගෙවන විදිය ගැන කිසිම සැළැස්මක් නැතුව. ඒවා ඔක්කොම ලොකු කොමිස් කුට්ටිය සහ බලයේ ඉන්න තියන උවමනාවට ඉවක් බවක් නැතුව ගිනි පොළියට ගත් ණය. ගෙවාගන්න බැරි බව තේරිලා තමයි කලින් ඡන්දෙ තිබ්බේ. අන්තිම හරියේදී චීනෙත් ණය දෙන්න අදිමදි කළා. (නි)
මහින්ද කළ සංවර්ධනයත් නවතපු එකනේ ඔයාලා කළ සංවර්ධනය (නි)
මහින්ද මහින්ද... හැමතැනම ඒ මනුස්සයා ඉස්සරහට දාලා තමන්ගේ නොහැකියාව වහගන්න බලන ආණ්ඩුවක් මේක. ඒ මනුස්සයා අඩුම තරමේ රටත් සංවර්ධනය කරනගමන් යුද්ධයත් අවසන්කළා. අපිට මේ තරම් ජීවන බරක් එදා තිබුනේ නැහැ. ඒ එක්කම සිංහල අපිට අභිමානයෙන් ජීවත්වෙන්න පුළුවන්කමක් තිබුණා. අද අපිව ජාතිවාදීන් ලෙස හංවඩු ගහමින්, කඩාවැටෙමින් යන යුරෝපයේ රූකඩ බවට පත්කරමින්, කටින් බතල හිටවමින්, හැමදාම එකම පටිය දදා ඉන්න එක විතරයි කරන්නේ. නියම, රටට අවංකව සේවය කරන කෙනා ඔය වගේ කියව කියවා ඉන්නේ නැහැ, වැඩ කරනවා මිසක් (නි)
මම දන්නා ඉතිහාසය අනුව ජනාධිපතිවරුන් වන ජයවර්ධන, ප්‍රේමදාස මහත්වරුන්ගෙන් පසු සංවර්දනය 10 ගුණයකින් පමණ කළ, කාටත් බැරිවුණ බොහොම දෙනෙක් බැහැ කී මෙන්ම නොකළ, ත්‍රස්දවාදය පරාජය කර කළ හරිය වැඩිත් ඇති නේද? කොයි ආණ්ඩුවත් කොමිස් ගහනවනේ. එ්ක ප්‍රසිද්ධ රහසක්නේ (නි)
මහින්ද ණයට ගත් මුදල් වලින්ද අද ඔයගොල්ලෝ මනත්‍රීකම් අරන් සැප විඳින්නෙ? අපේ මිනිස්සු ඔයගොල්ලන්ට ඡන්දෙ දුන්නෙ මහින්දට බැන බැන ඉන්න නෙමෙයි. වැඩ බැරි බව කතාවෙන් පෙනෙනවා (නි)
අපොන්සුගේ කතාව හරි. ඔච්චර ලොකු නාස්තියක්, දුෂණයක් තිබිල නතර කරනම්, මේ අවුරුදු 1 1/2 ට කොච්චර සල්ලියක් ඉතුරු වෙන්න ඕනෙද?අනිත් එක පහුගිය කාලෙත් ගත්ත ණය වලට පොලිය සහ වාරික ගෙව්වා. මේගොල්ලෝ කතා කරන්නේ හරියට ඒ කලේ මුකුත්ම ගෙව්වේ නැහැ වගේනේ.(අ)
මහින්ද එහෙමහරි දෙයක් කළා. නමුත් දැන් වෙන්නේ මොනවාද? (නි)
දැන්වත් බොරු අපවාද නතර කරලා රටට වැඩක් කරලා පෙන්වන්න (බ)
ඔය ඇති මඩ ගැහුවා වැඩ කරලා කියවන්න (බ)
මහින්ද පිටරට වලින් ණය අරගෙන ජනතාවට කන්න දුන්නා නම් එහෙම දීලා තියෙන්නේ බත් නොවෙයි පුන්නක්කු කියලා අපිට හිතෙන තරමේ මහින්දවාදී අදහස් ලියන අය මෙරටේ තවමත් ඉන්නවා. (නි)
කව්රුත් කතාකරන්නේ පිළිණු වුන අච්චාරුවේ මුට්ටිය මාරු කිරීම ගැන පමණය. ශ්‍රී ලාංකිකයන්ට මේ අච්චාරුව කාලා එපාවෙන දවසක් කවදා උදාවේවිද? (බ)
එසේ නම් ඔබතුමන්ලාත් ඊටවැඩිය ණය අරන් මහින්ද පරදවන්න (නි)
සමහරු හොරාකනවා කිසිදු දෙයක් නොකරම. සමහරු හොරාකනවා ගොඩක් දේවල් කරලා ලැබෙන කොමිස් මුදල් වලින්. මේ දෙකින් කුමක් හරිද කියලා ඔබතුමන්ලා තීරණය කරනවද? (නි)
මහින්ද ණය අරන් කප් ගැහුවත් ඒවායින් යුද්ධයක් නවත්තලා රටත් සංවර්ධනය කළා. නමුත් හිතලා බලනකොට ණය ගන්න කප් ගහලා තියෙන්නේ කවුද කියලා පේනවා. (නි)
මම නම් වශයෙන් කියන්නේ නැහැ. මෙතන ඔලුවෙන් නොව බඩෙන් හිතන පින්ගුත්තරයනුත් ඉන්නවා. කන්න.. කන්න කන්න දුන්නම ඔක්කොම හරි, ඊට පස්ස මොනවා කෙරුවත් කමක් නැහැ. මහින්ද සහ ඔහුගේ කල්ලිය මේ රටට කොරපු සංවර්ධනයක් තියනවා නම් කොරලා තියන හානිය ඊට වඩා බොහොම වැඩියි. ඔහු ඔක්කොටොම වඩා හොඳට සිය පවුල සංවර්ධනේ කල බව නම් පිලි ගන්න පුළුවනි. යුද්ධය දිනීමේ ගෞරවය තනිකරම මහින්දට පවරන උන්නැහේලා ගැන කතා කොරලා වැඩක් නැහැ! (අ)
ණය අරගෙන හරි යුද්ධය අවසන්කළ එකට කවුරුත් කතා කරන්නේ නැහැ. අනේ මෙහෙම රටක්? පරණ වැරදි කියලා මිනිස්සු රවට්ටන එක නවත්තලා වැඩ කරන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ (නි)
60% මෝඩ ඡන්දදායකයින් ශ්‍රී ලංකාවේ සිටිනතුරු බොරුවෙන් රට පාලනය කළ හැක (නි)
යහපාලන කට්ටියට තේරෙන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා (නි)
ඔය කියන කාලයේ ප්‍රභාකරන්ගෙන් රට බේරගන්න යුද්ධයක් තිබුනා නේද? එ්කට සල්ලි ඕනෑ බව ඔය දැන් පාරම්බාන කට්ටියට මතක නැද්ද? (නි)
මහින්දගේ ආදායම් වියදම් බලනකොට, වියදමට සාපේක්ෂව වියදම් කළ හැටි රට වටේ යන අන්ධයින් නොවන ඕනෑම කෙනෙකුට පෙනෙන්න තියනවා. එ්ත් ආර්ථික ඔස්තාර්ලා කියන අය ණය අරගෙන මෙතෙක් කළ දේවල් බලන්න තව කොපමණ කාලයක් බලා ඉන්න වේවිද දන්නේ දෙවියන් පමණි. (නි)
මහත්තයෝ, මහින්දගේ ණය කියන්නේ ඔයාලගෙ බැරිකම කියන හෙළුව වහන සළුව වගේ වෙලා! ඔයාලා නිසා තව ටික දවසකින් අපිට පොළවේ පස් තමයි කන්න වෙන්නේ (නි)
රුපියල් 100 කින් කරන්න තියෙන වැඩේට රුපියල් 500 ක් ණය අරගෙන හරි ඉතාම ලස්සනට වැඩේ නිම කළවිට, මහත්වරුනි, අපට හොඳ සංවර්ධනයක් පෙනෙනවා. මහින්ද ඒක කළා. එ්කට අපි ගරු කරනවා. අර ඉතුරු 400 ගැනයි අපට ප්‍රශ්නෙ. (නි)
මුළු ලෝකයම පිළිගත් මහ බැංකු වාර්තා වල ගත් ණය කොච්චරද, ගත් අවුරුද්ද, මාසය, ගත් මුදල රටේ තියන ණය බර, පොළී අනුපාතය මේ සේරම සඳහන් වෙලා තියනවා අකුරු වලින් ඉල්ලක්කම් වලින්. තවත් මහජනයාට බොරු කියන්න බැහැ. මහින්ද අවුරුද්දකට ගත් ණය වගේ කී ගුණයක් මේ අවුරුදු එකහමාරට අරන් තියනවද කියලා ලස්සනට පේනවා. කළ යුද්ධය මොකක්ද, කළ සංවර්ධනය මොකක්ද, ජනතාව ප්‍රතික්ෂේප කළ අය ගෙන ඇමති මණ්ඩලය තරකරනවා විතරයි. බොරුවෙන් රජකරන්න පුළුවන් තව ටික කාලයයි. (නි)
මහවැලියට ගත් ණයවලින් කරපුව පෙනෙන්න තියෙනවා. ජනවාරි 8 ට කලින් ගත් ණයෙන් කරපුවා පෙනෙන්න තියෙනවා. එ්ත් ජනවාරි 8 ට පස්සේ ගත් ණයෙන් කරපුවා බලන්න අන්වීක්ෂයක් අරන් යන්න ඕනෑ. (නි)
මහින්දට මඩ ගහනවා ඇර ඔබතුමාලා මොනවද මේ අවුරුදු එකහමාරට කළේ? අපේ ගම්වල රබර් 350 ට දෙන්න ගොඩක් අය ඡන්දය දුන්නා ඔබතුමාලට. කෝ දැන්..? ඇවිත් බලන්න දැන් ඒ අය මහින්දගෙ හොඳ කියන ගමන් ඔබතුමාලගෙ ආණ්ඩුව ගැන කියන කතාත්.. (නි)
අනේ ඇමතිතුමා මහ බැංකු වාර්තාව කියවලා නැහැ වගේ. අනික මම දන්න විදියට මහින්ද ගත් ණයට වැඩිය වැඩි ණයක් මේ අය මේ අවුරුදු 1.5 ට අරන් තියෙනවා (නි)
මහින්ද තව අවුරුදු පහක්වත් දේශපාලනයේ ඉන්න ඕනෑ. නැත්නම් මෙයලට කියන්න දෙයක් නැතිවෙනවා ජනතාව ඉදිරියේ (නි)
ආර්.වික්‍රම , හොඳ දේ හොඳ හැටියට දකින්නත්, වැරදි දේ නරක හැටියට දකින්නත් අපට නම් පුළුවන්, නමුත් රොකි කියනවා වගේ සංවර්ධනයයි හානියයි වෙනස්ව දකින්න බැරි ඔබ වැනි වන්දි භට්ටයින් ඉන්න තාක් කල් මේ රටට හොඳ දේශපාලනඥයෝ නම් ලැබෙන්නේ නැහැ. ඇයි, මොන වරද කළත් හොඳයි කියන වන්දීන් ඉන්නකොට තමන් නිවැරදි කරගන්න ඕන වෙන්නේ කාටද? (බ)
උපාලි, රුපියල් 100 ක දෙයක් හරි කලින් ආණ්ඩුව කළා. දැන් එ්කවත් තියෙනවද? ණය ගන්නවා විතරනේ. බදු ටික නම් වැඩි කළා. (නි)
කොමිස් ගැහිල්ල, පිල්ලි ගැහිල්ල, යටිමඩි ගැහිල්ල, අන්චි ඇදිල්ල, ජිල්මාට් කෙලිය, ජාත්‍යාලය වගේ ක්‍රීඩා වලිනුත් උන්නැහේට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් දෙන්න වටිනවා! (බ)
රට කරන්න පුලුවන් කියලා නේද මුන්නැහේලා ගත්තේ? දැන් මොනවද මේ කියවන්නේ? මහින්ද මහත්තයා එක්ක හැරෙන්නවත් බැහැ නේද දැන් ඉන්න මහත්තුරුන්ට? කරන්න දන්නේ නැත්නම් කරන්න පුලුවන් කෙනෙක්ට දීලා අයින් වෙන්න මහත්තුරුනේ. අපිට ඕනෑ මේ රටේ සංවර්ධනය. (නි)
කප් ගහලා වැඩ කරලා පේනවා වැඩ වලින්ද කප් ගහලා මහින්ද (බ)
මේ රට නිදහස ලබා ගත්ත දා සිට අද දක්වා රුපියල අවප්‍රමාණවීම ගැනත් කතා කරන්න මන්ත්‍රීතුමා. අනෙක් නායකයින් අටදෙනා කළාට වැඩි සංවර්ධනයක් මහින්ද රටට කරලා තියෙනවා. මතක තියාගන්න මේ සංවර්ධනය එතුමා කළේ ඔබ කියන පරිදි හොරකමුත් කරන ගමන්. (බ)
උපාලි, ආණ්ඩුවක් පත්කරන්නේ රටක් දියුණු කරන්න, ත්‍රස්තවාදය නැති කරන්න, ජනතාව ආරක්ෂා කරන්න, සහන සළසන්න තමයි. මේක මේ මහින්ද විතරක් කරපු දෙයක් නෙමෙයි. ලෝකේ හැම රටක්ම කරන්නේ ඕක තමයි. අපේ ලංකාව කවුද සංවර්ධනය කළේ? සේරම රට කෑවා. එයාලා නම් හොඳට සංවර්ධනය වුණා කියලා හැමෝම දන්නවා (නි)
මහින්ද ණය අරගෙන හරි රට සංවර්ධනය කළා. යුද්ධය නැති කළා. මෙයාලා එ්ක උඩ ඉඳගෙන කරණම් ගගහා බොරු කිය කියා නටනවා. මේක කුහකකම. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙයි ළඟදීම. (නි)
හැමදාම පිස්සු හැදිලා වගේ මහින්ද ගැන කියවන එක නවත්තල වැඩක් කරපල්ලා. මොවුන්ට කරන්න පුළුවන් මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්නන එක විතරද? මොවුන් සේරම එලවමු. අපි දුක් විඳින්නේ මොවුන් පාර්ලිමේන්තුවේ ඉඳන් රටේ මුදල් කොල්ලකන නිසා.අපේ ජීවන තත්වය දිනෙන් දින පහල වැටෙනවා. මොවුන් සුර සැප විඳිනවා. (බ)
අර නායකයෝ 8 දෙනාට වැඩියෙන් ළුය ගත්තා වගේම ඒ 8 දෙනා වගේ දෙගුණයක් වැඩ කරලත් තියෙනවා. අනිත් එක යුද්ධයත් තිබුනා කියලා මතක් කරන්න වෙනවා. මොකද දැන් හුඟ දෙනෙකුට යුද්ධයක් රටේ තිබුනා කියලා මතකවත් නැහැනේ. (නි)
කුමාර්, ඔය කියන දේවල් අනිත් ආණ්ඩු වලින් කළාද? රට සංවර්ධනය කළාද? යුද්ධය අවසන් කළාද? ගිය ආණ්ඩු වලින් ඒවා නොකළ නිසා වියදම අඩුයි. මහින්ද ඒවා කරපු නිසා වියදම වැඩියි! එ්ක තේරුම් ගන්න. (නි)
මහින්ද ණය අරන් යුද්ධේ ඉවර කරා. (ර)
රට බේරාගත් එකේ ගෞරවය මහින්දට සදාකාලයටම හිමියි. හැබැයි, සංවර්ධනයේ නාමයෙන් ලැබුණ අපකීර්තියත් ඒවගේම බාරගත යුතුයි. (නි)
මහින්ද ණය අරන් රට සංවර්දනය කරා. (ර)
මහින්ද ණය ගත්තේ රටේ සාමාන්‍ය කාලයක නොවේ. ණයගත් ඔහු ඒවා යොදවා 30 අවුරුදු යුද ශාපයෙන් රට ගළවාගත්තා. ඒ සමඟම උතුර ඇතුලු රටටම අැසට පෙනෙන දැනෙන සංවර්ධනයක් කළා. (නි)
ණය අරන් එතුමා රට සංවර්ධනය කළා. (ර)
ණය ගත්තේ නැත්නම් කෝහොමද සංවර්ධන කටයුතු කරන්නේ. (ර)
මහින්ද කොමිස් ගහපුවා නතරකරලා අවුරුදු එකහමාරක් විතර වෙනවා. අපේ සරල ජනපති සහ අගමැති ඉතිරි කළ සල්ලි වලින් ණය ගෙවන්න පුලුවන් ඇතිනේ. දැන්වීම් වලට සහ නොමිලේ වයිෆයි වල සල්ලිත් ඉතුරුනේ (නි)
ඔවු නිම්මි මහින්ද ණය අරන් යුද්දේ ඉවර කලා මහින්ද ණය අරන් රට සංවර්දනය කලා මහින්ද ණය අරන් තව ගොඩක් දේවල් කලා නම් ලැයිස්තුව ඕනෙනම් එවන්න පුළුවන්. (ර)
උපාලි, කුහක වෙන්න එපා, ඔහේට දැන් 100 ත් නැහැ, 400 ත් නැහැ. ඇඳගෙන ඉන්න ඇඳුමත් නැතිවෙයි තව ටික දවසකින් (නි)
මහින්ද චිනයන් ණය අරගෙන ජනතාවට කන්ට දුන්නා දැන් ජනතාව බඩගින්නේ නව රජයටත් කළ යුක්තේ රට ලෝකයට ණය කර කන්ට දිමයි.(බ)