IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ණය ගැන චීනයේ මතය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය පැවසුවේය.

නිල ණය හිමියා ලෙස චීන අපනයන - ආනයන බැංකුව ශ්‍රී ලංකාව සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති සහ කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවයට පසුගියදා එළඹි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ මෙම එකඟතාවයෙන් ආවරණය වන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මෙම එකඟතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය ළඟා කරගැනීමට හැකියාව පවතින බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

මෙරට චීන ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන - ආනයන බැංකුව පසුගිය සැප්තැම්බර් මස අවසානයේ මූලික එකඟතාවයකට පැමිණි බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

ණය ගැන චීනයේ මතය

Rata Perata Thursday, 12 October 2023 09:39 PM

මෙන්න මේ වගේ බොළඳ වාර්තා නිසා ජනතාව තවත් ගොබ්බ වෙනවා. මොකක්ද එකඟතාවය...? කොන්දේසි මොනවද කියලා දන්නේ නැතිනම් මේ වගේ කෝපි කඩේ ළඟ කතා වගේ ඒවා එපා. මේවා හොඳයි දේශපාලන ගැලරියට...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site