IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය අර්බුදය විසඳන්න චීනයෙන් සහාය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනය ඵලදායී ලෙස සහාය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ප්‍රතිඥාවක් ලබා දී ඇත.

වැන්ග් යී මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ද වේ.චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා වන බවත් ශ්‍රී ලංකාව චීනය සමඟ සැමවිටම මිත්‍රශීලීව කටයුතු කිරීම අගය කරන බවත් වැන්ග් යී මහතා එහිදී පවසා තිබේ.එසේම චීනයට ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව චීනය සමඟ සිටි බව වැන්ග් යී මහතා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය දැඩි ලෙස සහාය දක්වන බවද වැන්ග් යී මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.තවද රාජ්‍ය පාලනය පිළිබඳ අත් දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට මෙන්ම විවධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවද වැන්ග් යී මහතා පෙන්වා දී ඇත.

එසේම ශ්‍රී ලංකාවට ස්වාධීනව සංවර්ධනය වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙන්ම සංවර්ධනය නොවීමේ උගුලෙන් සහ දුගීභාවය නැමැති උගුලෙන් ගොඩ එමින් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමට චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට වැන්ග් යී මහතා ප්‍රතිඥා දී තිබේ.

එසේම ශ්‍රී ලංකාව මුහුණදෙන තාවකාලික අපහසුතා මඟ හරවා ගනිමින් ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා නැවතත් ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව වැන්ග් යී මහතා පවසා ඇත.

 



අදහස් (0)

ණය අර්බුදය විසඳන්න චීනයෙන් සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site