(සුජිත් හේවාජුලිගේ )

මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් ඇත.

බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064කි.

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මේ අතර දකුණු පළාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,372කි

ඒ අනුව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 3,819ක්ද ,මාතර දිස්ත්‍රික්කයෙන් 4699ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 1,854ක්ද වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙයි.