IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඩෙස්මන් ඇවිත්...

70 දශකයේ මෙන්ම 80 දශකයේ මුල් භාගයේදී එළිමහන් ප‍්‍රසංග වේදිකාව දෙවනත් කළ චරිතයක් ලෙස ඔහුගේ නාමය සඳහන් කළ හැකිය. නමුත් ඩෙස්මන් රුද්‍රිගෝ නැමැති වේදිකාව දෙවනත් කළ ඒ බයිලා ගායන ශිල්පියා 86 න් පසුව ශ්‍රී ලංකා වේදිකාවේ අපට දැකගත හැකිවූයේ ඉතාම කලාතුරකිනි. එතැන් සිට ඔහු කොතැනක සිටියේද? ඒ ගැන ඔබ විමසන්නට, දැනගන්නට උත්සුක වෙන්න ඇති. සෑහෙන කාලයක සිට ඔහු ඇතුළු පවුලේ සියලූ දෙනා වෙසෙන්නේ ඇමරිකාවේය. කෙටි නිවාඩුවකට පසුගිය දිනෙක මෙහි ආ ඩෙස්මන් ඇමරිකාවේ ගෙවන ජීවිතය සහ ආ ගිය තොරතුරු ගැන විස්තර කිව්වේ මෙන්න මේ විදියටයි. ඩෙස්මන් ඇමරිකාවෙ කොහෙද වෙසෙන්නේ? නිව්යෝර්ක් නුවර ප‍්‍රාන්තයක. මොනවද එහි සිට කරන්නේ? ඩ‍්‍රයි ක්ලීනින් ආයතනයක් පවත්වාගෙන යනවා. (තවත් ආයෝජකයෙක් සමග) ඇයි එදා රට හැර ගියේ? ඇත්තටම අපි කටයුතු කළේ වෘත්තීය ගායන ශිල්පීන් ලෙසයි. එදා රටේ ඇති වූ තත්ත්වය එක්ක අපට ජීවිත මාර්ගයක් සොයාගන්න සිදුවුණා. ඇමරිකාවට ගියේ ඒ නිසයි. එහිදී ප‍්‍රසංගවලට දායක වුණාද? අපේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඇතුළු බොහෝ පිරිසක් එහි වෙසෙනවා. ඒ අය සංවිධානය කරන ප‍්‍රසංගවලට නිරන්තරයෙන්ම වගේ ආරාධනා ලැබුණා. මෙහිදී ලැබුණු ජනපි‍්‍රයත්වය නැතිව ඇමරිකාවේදී ජීවිතය ගත කරන්න ලැබුණාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? සෑහෙන්න දුක හිතුණා. මුලින්ම පෙට‍්‍රල් ගහන්න පටන්ගත්තා. (ගෑස්) එහේ හිටපු සමහර සිංහල කොල්ලො විහිළුත් කළා. මම එකපාරක් සැරවුණාම ආයෙ විහිළුවට ආවෙ නැහැ. ඒ විදියට එක එක ජොබ් කරලා පසුව විභාගයක් එහෙම කරලා එයින් සහතික ලබාගත්තට පස්සෙ (ඩිප්ලෝමා) මේ ව්‍යාපාරය පටන් ගත්තා. එදා ඇමරිකාවට ගියේ තනිවමද? ඔව්. එතකොට ළමයි තුන්දෙනෙකුගේ තාත්තා කෙනෙක්. දුවයි, පුතාලා දෙන්නයි. ඒ අය හරි පොඩියි. වගකීම් වැඩියි. ඇමරිකාවට ගියේ ඒ හේතු නිසයි. පසුව බිරිඳ සහ දරුවනුත් මම එහෙට ගත්තා. දරුවන් මොනවද කරන්නෙ? ලොකු පුතා ඉංගී‍්‍රසි සහ ගණිත ගුරුවරයෙකු ලෙස උගන්වන අතරේ ගායකයෙකු ලෙසත් වැඩ කරනවා. අනෙක් පුතා කලින් රස්සාවක් කළා. දැන් එයා එහෙ ඉතා ජනපි‍්‍රය සහ මුල්පෙළේ රොක් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. ෂයිෆෝෂියර් කියන එයාටම අයිති සංගීත කණ්ඩායමක් තියෙනවා. ලෝකයේ පිළිගත් සංගීත කණ්ඩායම් පැමිණ ප‍්‍රසංග පවත්වන ලොකුම ශාලාවක ප‍්‍රසංගයක් කරන්නත් ඒ කණ්ඩායමට අවස්ථාව ලැබුණා. දියණිය විවාහකයි. මම දැන් සීයා කෙනෙක්. එහි ගිහින් ගායකයෙක් ලෙස ලෝක ප‍්‍රකට වෙන්න ඔබට අවස්ථාවක් ගන්න බැරිවුණේ ඇයි? අපි ගියේ රස්සාවක් කිරීමේ අරමුණ ඇතිවයි. ඉතිං ගිය දවසේ ඉඳලම හුස්මක් ගන්න බැරි තරමට වැඩ. රස්සාවට කාර්යය බහුල වුණ නිසා වෙන ඉලක්ක ගැන හිතුවෙ නැහැ. ඒත් දෙවැනි පුතා දැනටමත් එයාගෙ රොක් බෑන්ඞ් එකෙන් ලෝකය යම්තාක් දුරකට ජයගෙන කියලයි මට හිතෙන්නෙ. මම සෙනසුරාදා - ඉරිදා විතරක් අපේ අය සංවිධානය කරන ප‍්‍රසංගවලට දායක වුණා. අද වන විට මම සහ සුපර් ස්ටාර් හිටපු ට‍්‍රම්පට් වාදක සුසිල් ප‍්‍රනාන්දු එක්ක අපි දැන් සිංදු කියන්නේ ඇමරිකානු ජනතාවට. කොහොමටත් ඉංගී‍්‍රසි සිංදු ගැයුව හින්දා මට වැඩිපුර අවස්ථා ලැබුණා. මේ ළඟදි පාකිස්තානු ජාතික දින උත්සවයේදී ඇමරිකානු ජාතික ගීය ගැයුවෙත් මම. දැන් ඔබට ඇමරිකාවේ තියෙන තැන? දැන් නම් ඉහළ ඉල්ලූමක් තියෙන්නේ. මුස්ලිම්, දමිළ වගේම ඇමරිකාවේ වෙසෙන වෙනත් ජනතාවගේ ප‍්‍රසංග සඳහා නිතර ආරාධනා ලැබෙනවා. බයිලාවලට වඩා ඉංගී‍්‍රසි ගීත අහන්නයි මාව ගෙන්වන්නේ. මෙහිදී එදා ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ මොන ගීතය නිසාද? ‘ලොවේ එකම බෲස් ලී’ කියන ගීතය මම එදා ගායනා කළේ අංග චලනය සමගයි. ඒ නිසා එය ඉතා ජනපි‍්‍රය වුණා. කොහොමටත් ප‍්‍රසංග වේදිකාවේදී ලැබුණු ජනපි‍්‍රයත්වය හරි ඉහළයි. ඒ වගේ තවත් ජනපි‍්‍රය වූ ගීත? ‘වෙඩිමුර තියලා මැරුණු දාට වළලපං.. වෙඩි වගෙ බයිලා කියන මට ගරුකරපං..’ ‘ඩෙස්මන් ආවා බයිලා ගෙනාවා.. නටන්න  ඕන කෙල්ලො... කොල්ලො වරෙල්ලා.’. ඒ වගේ ගොඩාක් ඒවා ජනපි‍්‍රය වුණා. ඒ අතරින් අර්නස්ට් අයියා මට ලියලා දුන්න. (උපන් දිනේට) නිතරම කලබලෙන් කරපු නිසා වැඩ වරදක් සිදුවුණි නම් සමා කරනු මැන ඉහළට යන්න කියලා දීපු මගේ අත අද උඹ හපපු නිසා රිදෙනවා මගෙ හිත... ගීතය ගොඩක් ජනපි‍්‍රයයි. එදා සුපර්ස්ටාර් කණ්ඩායම ලංකාවේ අතිශය ජනපි‍්‍රයයි. එදා එහි නායකත්වය දැරූ අර්නස්ට් සොයිසා අදත් ඔබගේ මිතුරෙක්. ඒ මිත‍්‍රත්වය ගැන හිතන්නෙ කොහොමද? එදා ආකාස කඬේ තිබුණ ප‍්‍රසංගවලට (මගේ බෑන්ඞ් එක ප්ලේ කළා) ඉංගී‍්‍රසි ගීත ගැයුවේ මම. දවසක් අර්නස්ට් මහතා ඇවිත් හිටියා. එතකොට එයා ෆීල්ඞ් එකේ ලොක්කා. දවසක් මට ෂෝ එකකට ආරාධනා කළා. ෂෝ එකට ගියාම එකම හිස් ගොඩක්. එතකොට ඒ අත්දැකීම මට පුරුදු නැහැ. කකුල් වෙව්ලන්න පටන් ගත්තා. ඒත් අර්නස්ට් අයියා මාව එතැනට තල්ලූ කළා. පුදුම ප‍්‍රතිචාරයක් ලැබුණේ. එදා ඉඳලා තමයි මම එළිමහන් ප‍්‍රසංග වේදිකාවේ චරිතයක් වුණේ. මේ මිත‍්‍රත්වයට කොච්චර කල් වෙනවද? අම්මෝ සෑහෙන කාලයක්. මම එදා ඉඳලා එයාට ලොක්කා කියලා කිව්වෙ. මට මල්ලි කෙනෙක්ට ලොකු අයියා සලකන ආකාරයෙන් එදා ඉඳලාම ජීවිතය ගැන කියා දුන්නා. අර්නස්ට් අයියට හැමදාම මා තුළ තියෙන්නේ ලොකු ගෞරවයක්. එයා මට ලාභ මිසක් පාඩු කරලා නැහැ. ලාභ - පාඩු ගැන කතා කරද්දි ඔබ දැන් ලොකු පොහොසතෙක් කියලා හැඳින්වුවොත්? දෙයියන්ගෙ පිහිටෙන් මට හොඳ ගෙයක්, කාර් දෙක තුනක් ඇතුළු දේ තියෙනවා. පුතාලටත් වෙනම ගෙවල් තියෙනවා. කාටවත් කරදරයක් නැතිව අපි එහේ ජීවත් වෙනවා. ඇයි දැන් ලංකාවට ආවොත් නරකද? මම ගොඩාක් ආසයි. ඒත් දුව දැන් අම්මා කෙනෙක්. මගේ බිරිඳ කැමති නැහැ එයාලාදාලා ලංකාවට එන්න. දැන් ලංකාව ගැන ඔබට කොහොමද හිතෙන්නෙ? පුදුම දියුණුවක්. එදා පාරේ මෙච්චර ට‍්‍රැෆික් නැහැ. නගරයේ ගොඩනැගිලි නැහැ. ඔක්කොම ගොඩාක් දියුණු වෙලා. නැවත ප‍්‍රසංග පැවැත්වීමත් සුබ දෙයක්. දැන් ලංකාව නිදහස් බව පේනවා. හරිම සතුටුයි.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

ඩෙස්මන් ඇවිත්...

අනුර දන්දෙනිය Tuesday, 11 October 2011 01:31 PM

සී ඩී එකක් ගහලම යන්නකො ඩෙස්මන් අයියා

:       0       0

කපිල Tuesday, 11 October 2011 04:47 PM

ඩෙස්මන් අයියා......, ඔයා බයිලා කියන්න ගත්තොත් අපේ සෝමවංස අයියාට ........., අයෙත් රට යන්න වෙනවා .......ඔයාගේ පෙනුමත් ඒ වගේම තමා ...............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site