‘සී.සී.ඩී විස රසායනය අඩංගු කිරි පිටි නිෂ්පාදන සහ ශරීරයට අහිතකර ‘වේ ප්‍රෝටීන්‘ අධි සාන්ද්‍ර කිරි පිටි වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය තවමත් වෙළෙඳපොළේ විකිණීමට ඇද්දැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධාන කොළඹ මහ නගර සහ මහජන සෞඛ්‍ය නිලධරයෝ අද කොළඹ සුපිරි වෙළඳහල්වල හදිසි නිරීක්ෂණයක නිරත වූහ.
බොහොමයක් සුපිරි වෙළඳසල්වල මේ වන විටත් වේ ප්‍රේටීන අඩංගු ආහාර ද්‍රව්‍ය විකිණීමට තිබී සොයා ගත් අතර වෙළඳසල් හිමියන්ට වහාම ඒවා ඉන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.
සත්ත්ව කිරි අඩංගු ඕනෑම ආහාර ද්‍රව්‍යයන් මිලට ගැනීමේදී එහි ‘වේ ප්‍රෝටීන කිරි‘ හෝ ‘වේ ප්‍රෝටීන කුඩු‘ ඇත්නම් ඒවා මිලට ගැනීමෙන් වළකින ලෙස මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක්ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසිලන්ත විදේශ ඇමති මග එනවා ලොකු ලොකු අය හමු වෙනවා බලපෑමට යට වෙනවා වස කිරි ටික හොද වෙනවා සෞඛ්‍ය ලොක්කෝ පච වෙනවා කල කිරිල රට යනවා අපි වස කිරි ටික බොනවා මතු පරපුර වැඩ වෙනවා කොහොමද ටිකිරි මොලේ (දී)
අපේ ලංකාවේ තමයි මේ හැම ප්‍රශ්නයම... (නි)
සමහර අයගේ අදහස් බැලුවම ඕන ජරාවක් උනත් බොන්න කැමති වගේ.(අ)
මෙතන දේශපාලනයක් නේ..ලෝකේ අනිත් රටවලත් මේ දේම තම කරනේ..(අ)
මේවා සෝබන වැඩ (අ)
කොළඹ කෙසේ වෙතත් ගමේ කඩේ නම් තාම ඔය කිරි ජාති එළිපිටම විකුණන්න දාලා තියනවා (නි)
නවසීලන්තය සහ අදාල සමාගම මේ රසායන ද්‍රව්‍ය ඔවුන් පරික්ෂා කිරීමේදී අඩංගු නැහැ කියලා තිබෙනවා.මීට හේතුව විදියට මම දකින්නේ ඔවුන් විසින් එම තත්ත්ව පරීක්ෂණයට අහඹු ලෙස සාම්පල් නොදී ඔවුන්ට වාසි වන විදියට සාම්පල් ලබා දීම බවයි.කොහොමත් බහු ජාතික සමාගම් අපිට ආදරයට කිරි පොවන්නේ නැහැ.ඔවුන් මොන විදියේ වස අඩංගු වුනත් සගවනවා.කොහොම වුනත් කිරි පිටි සහ බෙහෙත් මාෆියාව මේ රටෙන් තුරන් කරන්න ඕනෑ. (නි)
කොහොම වුණත් අපි නම් කිරි බොන එක නතර කළා. කිරිනම් ඕනෑම නැහැ (නි)
අද අපි හොඳයි කියලා හිතන රසායනික ද්‍රව්‍ය පසුකාලීනව ආහාරයට නුසුදුසු බව සනාථ වෙන්න පුළුවන්. එය විද්‍යාවේ දියුණුවත්, පරීක්ෂණ කිරීමත් නිසා සිදුවන දෙයක්. ඉස්සර අපි ඒ කිරිපිටි බිව්වා කියල කාටවත් බැනලා වැඩක් නැහැ. දැන් බොන එක නැවැත්තුවා කියලා බැනලා වැඩකුත් නැහැ. (නි)
අනේ දැන්ද මේ ගොල්ලන්ට මතක් වුනේ...මෙච්චර දවසක් මේ ගැන අමතක වුණේ ඇයි (අ)
මෙච්චර දවස් දීලත් ඉවත් කරගන්නේ නැත්තන් ඔය බ්‍රෑන්ඩ් එකම ගෙන්නන එක නවත්තන්න. ඕවා නොදැන කරන වැඩ නොවේ. නැත්තන් අපිට හැමදාම වහ තමා කන්න වෙන්නේ. (නි)
තුන් වෙනි පන්තියේ වැඩ මෙයාල කරන්නේ. මේ දවස් වල කවුරු හරි පස්සෙන් එලවනවා ඇති නැත්නම් ලොකු තනතුරක් බලාගෙන වෙන්න ඇති මෙහෙම කරන්නේ. (අ)
කාලෙන් කාලෙට විවිධ ආහාර වර්ග බීම වර්ග හඳුන්වා දෙනවා. ඒවා අපේ ශරිරයට හොඳද නරකද කියලා හොයලා බලලා නිර්දේශ කරන එක අයිති කාටද ? නමුත් මම හිතන්නේ රජයේ සේවකයන් වන ජනතා මුදලින් වැටුප් ලබන අපි මේවා ගැන හොයලා බලනවා මදි. ලංකාවේ බොහෝ ආයතනවල තියෙනවා සෑහෙන පහසුකම් පර්යේෂණ සඳහා. රතුපස්වල සිද්ධිය වුණත් ඔච්චර දුර යන්නේ නැහැ ඒ වගේ දේවල් විශ්ව විද්‍යාල මට්ටමින්වත් වුණා නම්. (නි)
කවුරු ගැනවත් දැන් විශ්වාස කරන්න අමාරුයි. මේවා සේරම අයින්කරලා කාට හරි ලොකු කුට්ටියක් යන නිෂ්පාදනයක් හඳුන්වල දෙයිද දන්නේ නැහැ. සද්භාවයෙන් කරනවානම් මේ වැඩේ හොඳ දෙයක්. (ත)
ඇහෙන් බලලා රසායන විශ්ලේෂණ කරන්න පුළුවන් කාටද? මේවට රැවටෙන මිනිස්සුත් ඉන්නවද? (ත)
ඩී.සී.ඩී. කියන්නේ ශාක වල නයිට්‍රජන් අවශෝෂණය වැඩි කිරීමට යොදන පොහොර වල ඇති සංඝටකයක්. නවසීලන්තයේ තණකොල වලින් එළදෙනුන්ටත් ඉන් එලකිරිවලට මෙය පැමිණිලා. මෙයින් ක්ෂණික ජීවිත තර්ජනයක් නොවුනත්, අනුමත අවම ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබීමෙන් සෞඛ්‍යට අහිතකර වෙන්නට පුළුවන්. අනිත් කාරණය, වේ ප්‍රෝටීන් යනු කිරිවල තියෙන අධිපෝෂණයෙන් යුක්ත සංඝඨකයක්. මේ නිසා විදේශීය කිරි නිෂ්පාදකයෝ, වේ ප්‍රොටීන් අයින් කරලා තමයි අපට කිරිපිටි එවන්නේ. ඉවත් කරගන්න වේ ප්‍රෝටීන් ඔවුන් වැඩි මුදලකට ළදරු ආහාර සහ කාය ශක්තිය වර්ධනය වන ආහාර නිපදවන්නන්ට විකුණනවා. නවසීලන්තයේ මෙම වේ ප්‍රෝටීන් වල ඉතා භයානක බැක්ටීරියාවක් වර්ධනය වෙලා. මේක තමයි ප්‍රශ්ණය. කවුරු රණ්ඩු උනත් හොඳම දේ සෞඛ්‍ය නිලධාරීන් අනුමත කරන තුරු මෙම කිරි නිෂ්පාදන භාවිතයට නොගැනීමයි. (ස)
ඔය කියන කිරිපිටි අපිත් බිව්වා,මේ රශ්නය එන්න කලින්. කාටහරි කියන්න පුලුවන්ද මේ කිරි පිටි බිව්ව්වම වෙන අහිතකර දේවල් මොනවද කියලා (නි)
අපි අවුරුදු ගානක් මේවා බිව්වා, කෑවා. එක් කෙනෙක්වත් ඕවා කිව්වේ නැහැ. අපි නොදන්නාවායැ? (නි)
මේ ප්‍රෝටීන් කොහොමද අහිතකර වෙන්නේ කියලා කියන්න පුලුවන්ද? (නි)
ධනුෂ්ක, රජිකාන්. මේ කිරිපිට් බිව්වම ගොන්නු වගේ වෙනවා. ලංකාදීපේ දාන පුවත් ටික කියවන්නකෝ. තියෙන්නෙම මිනිස්සු කරන ගොන් වැඩ.(අ)
මේ කිරි බොන්න එපා කියලා ඒ දවස් වල කවුරුත් ඕක ගැන කතා කළේ නැහැ.දැන් අර රතුපස්වල අහිංසක මිනිස්සු ටික මැරුණම තමා හදිසියේ ඕක මතක් වෙලා තියෙන්නේ මට පෙනෙන හැටියට. (නි)