IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩේවිට් කැමරන් ලංකාවට දෙහි කපයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේ අගමැතිගෙන් ප්‍රශ්න නැගීමට වෙන්ව තිබු කාලයේදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඇමෙරිකාවේ මුලිකත්වයෙන් සහ බ්‍රිතාන්‍යයේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය පිළිබඳව ප්‍රශ්නයක් නැගිණි.

එහිදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ තමන් කියුදේ ඇහුවානම් මෙවැනි ක්‍රියාදාමයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජනාධිපතිට සිදු නොවන බවයි. 

මෙම පිළිතුර පිළිබඳව විමතිය පළකරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් කියන්නේ එම ප්‍රකාශයෙන්  පැහැදිලි වශයෙන්ම පෙනීයන්නේ " ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඇති උවමනාවකට වඩා ශ්‍රී ලංකා ජනාධිපති තම මනාපයට අනුව කටයුතු කරන්නෙකු බවට පත්කර ගැනීමේ අවශ්‍යතාවය" බටහිරට ඇති යැයි කියති.

මේ අතර පසුගිය වසරේ මෙන්ම ජිනීවා සැසිවාරය ඉලක්ක කරගනිමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නළිකාව  තවත් පුවතක් ප්‍රචාරය කළේය.

 එහි අතුලාන්තයද මිට පෙර වතාවලදී පෙන්වූ දේට වඩා විශාල වශයෙන් වෙනස් වූයේ නැත. මෙවර ඔවුන් යුද්ධය පැවති කාලයේ  කිලිනොච්චි රෝහලේ සේවය කළ දොස්තර වර්ධරාජා තුරෙයිරාජා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්චාවක් ඇතුළත් කැර තිබුණි.

එම සාකච්ඡාව පටිගත කර තිබුණේ කොහෙද කියා සඳහන් නොවුවත් පසුබිම අනුව එය ලන්ඩන් නුවරදී සිදුකරන ලද්දක් ලෙසටත් එම දොස්තරවරයා දැනට ලන්ඩනයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටින අයෙක් වත්දොයි අනුමාන කළ හැකි බවත් එම වාර්තාව දුටු අය කියති.

ඔහු යුද්ධය අවසාන වුවාට පසුව ශ්‍රී ලංකාවේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් පැවසු කිසිම දෙයක් සත්‍ය නොවන බව කිවේය. " එදා මට එහෙම කියන්න සිද්ධ වුයේ ඒ සම්බන්ධයෙන් මට රජයෙන්  දුන් උපදෙස් පිළිපදින්නට  සිදුවුණ නිසයි" කියන දොස්තර තුරෙයිරාජා චැනල් 4 නාළිකාවට දැන් වෙනත් කතාවක් කියන්නෙත් ඒ වගේම එම මාධ්‍ය ආයතනයෙන් ලබාදෙන උපදෙසයකට අනුවද කියා සැකයක් මතුවන බව මෙම වාර්තාව දුටු බොහෝ දෙනෙක් පැවසුහ.

 

 

 

 



අදහස් (0)

ඩේවිට් කැමරන් ලංකාවට දෙහි කපයි

රංජිත් සිල්වා Thursday, 27 March 2014 02:16 PM

කළ කළ දේ පළ පළ දේ කියන කතාව මේ රටට හරියටම ගැලපෙනවා. (දිල්)

:       0       0

රොෂාන් Friday, 28 March 2014 01:13 AM

ලංකාවට කරන කුඩම්මාගේ සැළකිළි කවදා හෝ ආපසු හැරී ඔවුන්ටම යාවි. මා උපන් මාගේ මවුබිමට යම් කෙනෙක් නින්දා අපහාස කරයි නම් එය ඔවුන් විසින් ඔවුන්ට කරගන්නා දෙයකි. (නි)

:       0       0

සේන Thursday, 27 March 2014 02:35 PM

බලයෙන් මත්වීම කාටවුනත් හොදදෙයක් නෙවෙයි. (අ)

:       0       0

උමේෂ් Thursday, 27 March 2014 03:09 PM

අපේ රටේ ඉදන්ම රටට වින කරන ඔය වගේ අයව හොයල... ගාලු මොදරදි එල්ලලා.. ගල් ගහල මරන්න ඕනේ.... මොනම ජාතියක උනත්... සිංහල අයත් ඉන්නේ ඔය වගේ.... (අ)

:       0       0

ටෙනිසන් Thursday, 27 March 2014 03:19 PM

ශ්‍රී ලංකාව 1972න් පසු බ්‍රිතාන්යයෙන් සම්පූර්ණයෙන් නිදහස් රටක් වූ බව ඩේවිඩ් කමරූන්ට අමතක වෙලාද?.මොන රජය තිබුනත් ඔහුන් ගහන පදයට නටන්න තරම් අප දීන වියුතු නැහැ.ඇමෙරිකාවේ පදයට නටන තාක් කල් සදාම් හුසෛන්ලා බින් ලාඩන්ලා බොහොම හොද මිනිස්සු. එයට අවනත නොවුණුද සිට ඔහුන් ත්‍රස්තවාදියෝ.මුන්ට ඕන ඒ තත්වයට අපවත් ගෙනවිත් රට අරාජිත කරවන්න එවිට උන්ගේ යටිඅරමුනු සාර්ථක කරගත හකිවෙයි .දේශපාලනය මොක වුනත් සැවොම මෙයට අවදානයෙන් සිටියුතුයි. (අ) .

:       0       0

ලංකාතිලක Thursday, 27 March 2014 03:34 PM

මා සිතන විදියට අපි තවම බ්‍රිතන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් නැහැ . අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටීමත් ; එකතරා යටත් කමකි . අනික් කරුණ අපේ රට කියන පරිදි නොබෙදුන ජාතීන්ගේ රටකුත් නොවේ . අනික් කරුණ අපේ රටේ රාජ්‍ය නොවන විදෙස් සංවිධන කොපමණ මුදල් වියදම් කරමින් අපේ රටට වින කරනවද ? එහෙත් රජයවල් නිහඩව ඉන්නේ ඔවුන්ගේ මුදල් නිසා (අ)

:       0       0

පෙරුමාල් Thursday, 27 March 2014 05:13 PM

උමේෂ්, අන්න ඒ වගේ වැඩ කරපු අය හොයන්න තමයි ස්වාධීන පරීක්ෂණයක් තියන්න කියන්නේ (අ)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 05:15 PM

කාට කාටත් ඕන උනේ ඉස්සර හිගන්නාගේ තුවාලේ වගේ යුද්දේ වවන් කෑවා.දැන් එක ඉවර උනාම උන්ගේ ආයුද විකුණා ගන්න විදියක් නැහැ. අපේ රට දියුණු වෙනවා බලන් ඉන්නත් බැහැ.අපේ දැන් තියන සමගිය එකමුතුවට අකමැතිවයි මේ චෝදනා කරන්නේ. (අ)

:       0       0

සාලින්ද Thursday, 27 March 2014 05:58 PM

සත්‍යය කවදා හෝ ජය ගනීවි. (නි)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 28 March 2014 07:39 AM

පෙරුමාල් , උමේෂ්, මතක නැද්ද, ඒ වගේ කෙනෙක් නන්දිකඩාල් වලදී වෙඩි කාලා මියගියා? (නි)

:       0       0

සේරම් Friday, 28 March 2014 08:42 AM

අපේ අයගේ සමහර අදහස් බලපුවහම කියන්න වෙන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ දන්නේ ලිදේ තරම විතරයි . එකම සැනසීම ඉඳල හිටලා දකින බාල්දිය විතරයි.(නදී)

:       0       0

චානක. Friday, 28 March 2014 12:09 PM

රොෂාන් ඔයා කියපු දේ දැන් සිදුවෙලා තිබෙනවා. (නදී)

:       0       0

විජිත ‍ Thursday, 27 March 2014 09:22 PM

විජිත ඕස්ට්‍රේලියාව,කැමරන්ලාගේ සීයලාගේ කෲරත්වයෙන් බැටකාපු ජාතීන් ආපසු නැඟී සිටින්න උත්සාහ කරන විට ඊට එරෙහිව මානව අයිතිවාසිකම් කොල්ලකෑමත් තමන්ගේ ධර්මය කරගෙන. (නි)

:       0       0

ගාල්ලේ කෙනෙක් Thursday, 27 March 2014 09:45 PM

ශ්‍රී ලංකාව 1972න් පසු බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් රටක් වූ බව ඩේවිඩ් කැමරන්ට අමතක වෙලාද? මොන රජය තිබුණත් ඔහුන් ගහන පදයට නටන්න තරම් අප දීන විය යුතු නැහැ. ඇමෙරිකාවේ පදයට නටන තාක් කල් සදාම් හුසේන්ලා, බින් ලාඩන්ලා බොහොම හොඳ මිනිස්සු. එයට අවනත නොවුණ දා සිට ඔවුන් ත්‍රස්තවාදියෝ.මොවුන්ට ඕනෑ ඒ තත්ත්වයට අපවත් ගෙනවිත් රට අරාජික කරවන්න. එවිට ඔවුන්ගේ යටි අරමුණු සාර්ථක කරගත හැකිවෙනවා.දේශපාලනය කුමක් වුණත් සැවොම මෙයට අවධානයෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site