කුමාර් සංගක්කර (නොදැවී 112) සහ තිලකරත්න ඩිල්ෂාන් (92) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 173 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී ඊයේ (3) ආරම්භ වු තුන්වැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල දිනය අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 245 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයේ වෙනසක් සිදු කරමින් තරංග පරණවිතාන සමග තිලකරත්න ඩිල්ෂාන් පිටියට පැමිණි නමුත් උමාර් ගුල් යැවු පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදීම පරණවිතාන ලකුණු හතරක් ලබා සිටියදී දැවී ගියේ ආරම්භක සබඳතාව ද ලකුණු 4 ක් ලෙස සටහන් කරමින් කරමිනි. පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වු ඩිල්ෂාන් මෙම තරගයේදී සුපුරුදු පිතිහරඹයට එමින් පන්දු 168 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමග ලකුණු 92 ක් ලබා ගත්තේය. ඊයේ සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය ලබාගත් ඩිල්ෂාන් ශතකය පෙනි පෙනී දැවී ගියේය. ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 9000 පසු කළ දෙවැනි ක‍්‍රීඩකයා වීමට කුමාර් සංගක්කාර ඊයේ සමත්විය. ඒ අනුව වසර 134 ක් වන ලෝක ටෙස්ට් ක‍්‍රිකට් වංශ කතාවේ ලකුණු 9000 පසු කළ 11 වැනි පිතිකරුවා ද සංගක්කාර විය.
මහේල ජයවර්ධන ලකුණු 9895 ක් ලබා ලකුණු 10,000 සීමාව අබියස සිටින්නේ එම කඩඉම පසු කරන පළමු ශ්‍රී ලංකා කී‍්‍රඩකයා වීමේ ද අපේක්‍ෂාවෙනි.සංගක්කාර ලකුණු 49 ක් ලබා සිටියදී සයීඞ් අජ්මල්ගේ පන්දුවකට ඉදිරියට පැන ගැසු පහර උඩ පන්දුවක් ලෙස කඩුලූ රකින අද්නන් අක්මාල් අතින් ගිලිහී ගියේ ස්ටම්ප් කිරීමෙන් දවා ගැනීමට තිබු අවස්ථාවක්ද අහිමි කරගනිමිනි. එතැන් සිට ආපසු නොබැලූ සංගක්කාර කිසිදු අපහසුවකින් තොරව පන්දු යවන්නන්නට මුහුණ දුන්නේය. සංගක්කාර සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 27 වැනි ශතකය ඊයේ වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. සංගක්කාර දිනය නිමාවන විට පන්දු 263 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 112 ක් ලබා සිටියේය.මහේල ජයවර්ධන නොදැවී ලකුණු 32 ක් ලබා සිටියි. මහේල ලකුණු 26 දී සයීඞ් අජ්මල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමට තිබු ආසන්නතම අවස්ථාවක් ද අහිමිව ගියේය. කෝසල කුලසේකර ශ්‍රී ලංකාවේ 121 වැනි ක‍්‍රීඩකයා ලෙස ඊයේ ටෙස්ට් වරම් ලැබීය. 26 හැවිරිදි කුලසේකර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් බිහි වු තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් වෙනුවට සුරාජ් රන්දිව් සහ කුලසේකර කණ්ඩායමට එක්ව සිටිති.
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩිල්ෂාන්-සංගක්කර විශිෂ්ට සම්බන්ධතාවක