IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩිල්ෂාන් - සංගක්කාර දෙදෙනා එක්ව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට සටනක

කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව ගොඩනැංවූ ලකුණු 225  ක සම්බන්ධතාව නිසා පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය මූලික අරමුණ සාක්ෂාත් කරගැනීම තවත් ලකුණු 74 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලූ 5 ක් පමණි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 273 ක් පසුපසින් සිටිති. දිවා ආහාර විවේකයේදී ඇද හැළුණු වර්ෂාව නිසා පැය දෙකකට වැඩි තරග කාලයක් අපතේ ගිය නමුත් තේ පානයෙන් අනතුරුව සාර්ථක පන්දු යැවීම නිරත වූ ජුනයිඞ් ඛාන් ශී‍්‍ර ලංකා පිල බලාපොරාත්තු නොවූ අසීරු අඩියකට ඇද දැමීය. ජුනයිඞ් සිය තුන්වැනි පන්දු වාරයේදී  ඕවර 6 ක් යවමින් ලකුණු 13 කට කඩුලූ 2 ක් දවාගැනීම නිසා ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව, කඩුලූ 1 කට 236 සිට  ඕවර 8 ක් ඇතුළතදී කඩුලූ 4 කට 259 ක් වශයෙන් වෙනස් විය. එස්. එස්. සී. පිටියේදී ටෙස්ට් තරග 25 කදී ඉනිම 37 කට කී‍්‍රඩා කර ඇති මහේල ජයවර්ධන තමාගේම කී‍්‍රඩා සමාජ පිටියේදී ටෙස්ට් තරගයකදී ලකුණු නොලබා දැවී ගියේ පළමු වතාවටය. තිලාන් සමරවීරද තමන්ගේ කී‍්‍රඩා සමාජ පිටිය වන එස්. එස්. සී. පිටියේදී පළමු වතාවට ලකුණු ලකුණු නොලබා දැවී ගියේ ටෙස්ට් තරග 15 කදී ඉනිම 21 ක් කී‍්‍රඩා කිරීමෙන් පසුවය. ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවෙන් ඉවත් කළහොත් ඉතිරි වන්නේ ලකුණු 13 ක් පමණි. ඊයේ ලබාගත් ශතකයත් සමගින් කුමාර් සංගක්කර, ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ටෙස්ට් ශතක 29 වාර්තාව පසුකර ගිය නමුත් සංගක්කාරට වැඩියෙන් ටෙස්ට් ශතක ලබාගත් කී‍්‍රඩකයෝ 9 දෙනෙක් සිටිති. සංගක්කාර ඊයේ සිය 60 වැනි ලකුණ ලබාගැනීමත් සමගම පාකිස්තානු පිලට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා වශයෙන් ඉන්දීය ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් සතුව තිබූ වාර්තාව තමන් සතුකරගත්තේය. ගවස්කාර් ටෙස්ට් තරග 24 ක ඉනිම 41 කදී පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 2089 ක් ලබාගත් අතර සංගක්කාර ටෙස්ට් තරග 15 ක, ඉනිම 28 කදී පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් ලකුණු 2173 ක් ලබා සිටී. පැය හයකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු සංගක්කාර සිය ලකුණු 144 සඳහා පන්දු 254  කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිම අලංකාර හතරේ පහර 14 කින් සමන්විත විය. සංගක්කාර සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 225 ක අමිල සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් ඊයේ ලබාගත්තේ සිය 14 වැනි ටෙස්ට් ශතකයයි. මෙම ඉනිමත් සමගින් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවූ ඩිල්ෂාන් සිය කඩයිමට පැමිණීමත් සමගම ජුනයිඞ් ඛාන්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. පන්දු 195 කට මුහුණ දුන් ආරම්භක පිතිකරුවා හතරේ පහර 13 කින් සිය ඉනිම සැරසූ අතර ශතකය ලබාගත්තේ සයීඞ් අජ්මල්ගේ පන්දුවක් මිඞ් විකට් කලාපයට ඉහළින් හතරේ සීමාවෙන් එපිටට පියාඹා යවමිනි. මේවන විට ටෙස්ට් තරග 81 කදී ලකුණු 5000 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා, තවත් මාස කිහිපයක ඇවෑමෙන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. තිලකත්න ඩිල්ෂාන්ගෙන් හතරේ පහරක්...කුමාර් සංගක්කාර ලකුණක් කරා...



අදහස් (0)

ඩිල්ෂාන් - සංගක්කාර දෙදෙනා එක්ව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් විශිෂ්ට සටනක

රවී Wednesday, 04 July 2012 10:26 AM

විශිෂ්ටයි

:       0       0

ඉන්දික Wednesday, 04 July 2012 10:35 AM

දිල්ශාන්, සංගා බැටින්නම් නියමයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site