ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවීසීමට සූදානමින් සිටී. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙන මෙම තරගය දිවා/රාතී‍්‍ර තරගයක් වන අතර තරගය පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිතය.
”ඩිල්ෂාන් අයියා හුගාක් සුව අතට හැරිලා ඉන්නේ. අද එයාට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකුත් තිබ්බා.. මා හිතන්නේ එයාට හෙට තරගයට කී‍්‍රඩා කරන්න පුළුවන්” යයි දිනේෂ් චන්දිමාල් අද (19 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.
පාදයේ ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තුන්කොන් තරගාවලියෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටී. ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ නොසිටින හෙයින් ඩිල්ෂාන්ගේ ආගමනය නව නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි සැනසීමකි.
(බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අසමත් වීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ඬේවිඞ් බූන් මහතා විසින් මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක් පනවන ලදි.)
තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ආබාධයක් සහිතවම කී‍්‍රඩා කළ ළහිරු තිරිමාන්නද මේ වන විට සුවය ලබා සිටී. පළමු තරග දෙක සඳහා තිරිමාන්න උපනායකත්වයටද පත්කර තිබේ.
මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න කිහිපයක්ම බලාපොරොත්තු වූවාට වඩා හොඳින් විසඳී තිබෙන නමුත් කණ්ඩායමේ අවසන් 11 දෙනා සම්බන්ධයෙන් අද සවස් වන තුරුත් නිශ්චිත තීරණයක් නොතිබිණ.
”අපට මේ තරගාවලියට නවකයන් සිටිනවා”
”ජෙහාන් මුබාරක්ටත් ඇන්ජලෝටත් (පෙරේරා) හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් හෙට උදේටත් තණතීරුව බලල අපට තීරණය කරන්න වෙනවා කවුරු එක්කද සෙල්ලම් කරන්නේ කියලා” යයි ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් අද පැවසීය.
කෙසේ වෙතත් තමන් පිතිකරුවකු වශයෙන් තරමක් දුරට අසාර්ථකව සිටීම චන්දිමාල්ට හිසරදයක් වී තිබේ. එහෙත් එයින් මිදීම තමන්ගේම වගකීමක් බවද හෙතෙම දනී.
”පසුගිය සංචාර දෙකේදීම මා පිතිකරුවෙක් විදිහට අසාර්ථක වුණ බව මා පිළිගන්නවා”
”දැන් මට තියෙන්නේ පිතිකරුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් මගේ වගකීම ඉෂ්ට කරගෙන මෙතැනින් උඩට එන එකයි” යයිද චන්දිමාල් පැවසීය.
”තමන්ගේ සුපුරුදු දස්කම් දක්වන්න බැරි කාලයක් සෑම කී‍්‍රඩකයකුටම තියෙනවා. ඒත් මම හොඳ කී‍්‍රඩකයෙක් නම් මම දැනගන්න ඕන එතනින් කොහොමද උඩට එන්නේ කියලා” යයිද ශී‍්‍ර ලංකාවේ ලාබාළතම නායකයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර දකුණු අපි‍්‍රකානුවෝ සිය සැලසුම් වෙනස් කරමින් තරගාවලියට අවතීර්ණ වීමට සැරසෙති.
මෙවර ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින දකුණු අපි‍්‍රකානු පිල නවක කී‍්‍රඩකයන් රැුසකගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තමන්ගේ සංයුතිය සොයා ගැනීමයි. එහිදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ දග පන්දුවයි.
”අපේ වේග පන්දු යවන්නන් ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒත් රොබින් පීටර්සන් සහ ඒරන් පැන්ගිසෝ වගේ දෙන්නෙක් දෙපැත්තෙන් පන්දු යවන විට අපට අවශ්‍ය දේ වෙනවා යයි මා හිතනනවා”
”ජේ. පී.ටත් (ඩූමිනි) අවස්ථානුකූලව පන්දු යැවිය හැකි නිසා ඇතැම් විට අපි දග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක මේ තරගාවලියට එන්නත් පුළුවන්... අපේ උපක‍්‍රම වෙනස් විය හැකියි” දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පැවසීය.
දකුණු අපි‍්‍රකානු පිලේ සිටින ප‍්‍රධාන පෙළේ වේග පන්දු යවන්නන් වන මෝර්නි මෝකල් සහ ලොන්වාබෝ සොත්සොබි දෙදෙනාම ආබාධයන්ට ලක්ව සිටිති. එහෙත් ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, හෙට තරගය සඳහා කී‍්‍රඩා කරවීමට සූදානම් කරවන බවත් ඩිවිලියර්ස් පැවසීය.
ශී‍්‍ර ලංකා සංචිතය :
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්
දකුණු අපි‍්‍රකානු සංචිතය:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, ක්වින්ටින් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසි, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රෝරි ක්ලින්වෙල්ට්, රයාන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මෝකල්, කි‍්‍රස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැන්ගිසෝ සහ ලොන්වාබෝ සොත්සෝබි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත්ව සිත බැලුවොත් චන්දිමල්ට නායකත්වය දීම සුදුසුයි. එක හේතුවක් ඔහු දැන් උප නායක ,අනෙක් හේතුව ඔහුට අත්දැකීම් දියුණු වෙනවා. ඔහුගේ සහයට ප්‍රබල දිල්ෂාන්, සංගක්කාර, මහේල සිටිනවා.නොබෝ දිනකින් මේ ප්‍රබලයන් සමුගන්නවා. එතකොට කවුද නායකයා? එවිට හොයා හොයා ඉන්නවට වඩා දැන් සිටම සැලසුම් සැදීම සුදුසුයි යැයි මට සිතේ. තිරිමාන්න තවත් හොඳ ක්‍රීඩකයෙක්. සුබ පැතුම් ! (නි)
දිල්ෂාන් නැවත පැමිණීම ගොඩක් සතුටු දෙයක් තිසර හෙට ඉන්නම ඕනි තිරිමාන්න උපනායකයා නිසා පුදුම කේන්තියක් තියෙන්නේ (දී)
චන්දිමල්ට වයස වගේම අද්දැකීම් මදි නේද අනවශ්‍ය පීඩනයක් මේ නවක ක්‍රීඩකයාට දෙන්නේ තේරීම් කමිටුව මෙට වඩා බුද්දියෙන් ක්‍රියා කල යුතු වෙනවා (දී)
චන්දිමාල්ට අර්ජුනට වගේ වාසනාව තියෙනවා.අපි බලමු ඔහුගේ වාසනාව ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද කියල.අමතක කරන්න එපා,චන්දිමාල් පසුපස මහේල,සංගා සහ දිල්ෂාන් යන පළපුරුදු නායකයෝ සිටින බව. (දී)
එදත්( අනු)ශුරයෝ අදත් (අනු )ශුරයෝ මොනව කරයිද කියල මිලියන 20 ම නැතිඋනත් මිලියන 15 වත් බලාගෙන ඉන්නේ (දී)
තිරිමාන්න කියන්නේ සංගක්කාරගේ දෙවන උප්පත්තිය. ඔහු කවදාක හෝ නායකත්වයට හිමිකම් කියයි. ඔහු අත්දැකීම් ලබා ගත යුතුයි.(නදී)
තිරිමාන්න ,සංගක්කාර, තව ටික කාලයක් යයි .(අ)
අද ඇන්ජලෝ පෙරේරාට අවස්ථාවක් දෙන්න. මුබාරක් ගේ තරග 38 ක ලකුණු සාමාන්‍යය 23.20. අන්ජලෝව දාන්න හොද ආයෝජනයක් වයස 23 යි.(නදී)
චන්දිමාල් කියන්නේ ඊ ලග අර්ජුනයි. සුභ පැතුම්.(නදී)
චන්දිමාල් තමයි ඊලග අර්ජුන. සුභ පැතුම්!(නදී)
ඩිල්ෂාන් ගැනත් ටිකක් හිතන්න වෙයි වගේ (දී)
කොහොම හරි සචිත්‍රයි , හේරතුයි සෙල්ලම් කරන්නම ඕන. දකුණු අප්‍රිකාව දඟ පන්දු යවන්නන්ට එච්චර හොඳට සෙල්ලම් කරන රටක් නෙමේ. එත් හෙට මැච් එක තියෙන්නේ ඛෙත්තාරාමේ නිසා සැක සහිතයි. මොකද ඛෙත්තාරාමේ එදා ඉඳලා ප්‍රසිද්ධ බැටින් පිච් එකක් කියලයි. කෙසේ වෙතත් අපි සුභවාදීව බලමු. අපේ කොල්ලන්ට සුභ පතමු. සෙල්ලම් කරන්නේ ඉන්දියාවත් එක්ක නෙමෙයි නිසා විස්වාසයක් තියන්න පුළුවන්.(නදී)
නෑ යාලුවනේ, අර්ජුන නවත්තල ගිය තැන ඉදන් චන්දිමාල් ඕක හරි පාරේ ගෙනියනවා. මිලියන 20 ම චන්දිමාල් එක්ක ඉන්න ඕන හරියට අර්ජුන එක්ක මිලියන 20 ම උන්න වගේ. චන්දිමාල් නොම්බර 17. 17 වැනි නායක. ලෝක කුසලානය දිනලා අවුරුදු 17 කට පස්සේ; ජයෙන් ජය.(නදී)
චන්දිමාල් හොඳට කළොත් නම් හොඳයි. ඒ ළමයාට ජවයක් සහ කැපකිරීමක් කළ හැකි බව පේනවා. ඒ වගේම තිසර පෙරේරා ටීම් එකට ගන්න. එයා තමයි අපිට ඉන්න එකම තුන් ඉරියව් ක්‍රීඩකයා. (නි)
මේ එක තරගාවලියකට කොච්චර නම් ශක්තියක් වැය කරන්න ඕනෑද? 22 න් ටෙස්ට් 3 එක්දින 3 ගැහුවොත් ආසන්න වශයෙන් මිනිස් පැය 3000ක්... අතිරේක ක්‍රීඩකයන්ද ඇතුළුව පුහුණු වීම් ඇතුලත් කලොත් අවම වශයෙන් මිනිස් පැය 10000 ක්... අපි හිතමු මේ කාල සීමාව තුලදී මේගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට ක්‍රීඩාවක ආකාරයෙන් වෙනත් ඵලදායී දෙයක නවීන යන්ත්‍ර යොදාගෙන නිරත වුනොත් කොච්චර සාර්ථක ප්‍රමවේදයක් වෙයිද? අපි මේ සුද්දෝ දීපු කාලේ කන සෙල්ලම් වෙනුවට මොකද අපිට බැරි අපිට ගැලපෙන ඵලදායිත් ක්‍රීඩාවක් නිර්මාණය කරන්න? (නි)
සුමේද හොඳ නැද්ද බතල ටිකක් වත්තේ ඉඩ තියෙන තැනක හිටවුවානම්? මොකද ඒකත් හොඳ ශාරීරික ව්‍යායාමයක් තමයි.(නදී)