පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පිතිකරු කුසල් ජනිත් පෙරේරා යන ක‍්‍රීඩකයෝ අද (22) රාත‍්‍රි අබුඩාබි බලා පිටත්ව යෑමට සූදානමින් සිටියහ. ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවකු වන පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී ලංකාවේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකේදී පන්දු යවන්නකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වීය. ඩිල්රුවන්, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පළමු විස්සයි-20 තරගයේදී කඩුලූ තුනක් දවා ගනිමින් අවධානය දිනා ගත්තේය. ලෝක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී සහ මෙම පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. අජන්ත මේ වන විට විස්සයි-20 තරග 20 කදී කඩුලූ 39 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ යොවුන් කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්, ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වූ පළමු අවස්ථාව මෙය වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්රුවන්ට අපේ සුබ පැතුම්
අජන්ත මෙන්ඩිස් අනිවාර්යෙන්ම සංචිතයට අවශ්‍යයමයි. දිල්රුවන්, අජන්ත, කුසල් ඔබ සැමට සුබ ගමන්.