සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (02) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 255 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. දිවා විවේකය වන විට ඩිල්රුවන් පෙරේරා (නොදැවී 40) සහ රොෂේන් සිල්වා (නොදැවී 35) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 41 කදී 170 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 100 (ඩිල්රුවන් පෙරේරා නොදැවී 40, රොෂේන් සිල්වා නොදැවී 35, රයන් මැක්ලරින් 21/3) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 6 ට 425 (ඞීන් එල්ගර් 171, ෆොෆ් ඩියු ප්ලිසිස් 144, කෝසල කුලසේකර 86/3)
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිල්රුවන් (40*) - රොෂේන් (35*)