කටුනායක ලංකා බැංකු ශාඛාවේ අද අලුයම ඇමරිකා ඩොලරයක් මිලදී ගැනීමේ රුපියල් අගය ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා නිලධරයන්ගෙන් ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකා ඩොලරයක අගය රුපියල් 141 දක්වා ඉහළ දමා තිබියදී ලංකා බැංකුව ඊට අඩු අගයක් ගෙවන්නේ ඇයි දැයි ඇමැති ඔවුන්ගෙන් දිගින් දිගටම කරුණු විමසීය.
අද අලුයම 1ට එහි පුවරුවේ අගය රුපියල් 137.65 ක් ලෙස සටහන්වී තිබිණි. එම පුවරුව දුටු ඇමැති මෙරටට එන ලාංකිකයන් ඇතුළු සංචාරකයනට 5%කින් පමණ අඩුවෙන් මුදල් ගෙවීම වරදක් බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මීනා,අපි මොකක්ද මේකට කරන්න ඕන,මම මෙචචර කල් මගේ සල්ලි,කොමෙර්ෂල් බැංකුවට දැන්මේ,මට කවදාවත් 141.00 වගේ ගණනක් ලැබුනේ නැ , කොචචර අසාධාරණද ? මට හැමදාම දුන්නේ 135.20,137.55 වගේ ගණන්,නමුත් මහා බැංකුවේ නිල වෙබ් අඩවියේ පෙන්නුම් කරේ ඒ දවස් වලම ඊට වැඩි අගයක්...(ම)
මෙතන 141 යනුවෙන් සඳහන් වන්නේ අදදිනයේ ලෝක විනිමය වෙළඳ පොලේ ඇමෙරිකානු ඩොලරයකට සමාන ලංකා රුපියල් අගයයි. එයට කියන්නේ වෙටෙඩ් ඇවරේජ් කරන්සි රේට් කියා. වාණිජ බැංකු සහ ගනුදෙනු කරුවන් එදිනෙදා විදේශ මුදල් හුවමාරු ගනුදෙනු කරන විනිමය අනුපාතිකය තවත් එකක්. ඔය දෙක පටලවා ගැනීම නිසා තමයි මේ ප්‍රශ්නය . මහා බැංකුවේ විනිමය අගය දක්වන වෙබ් පිටුවේ අද මෙය පැහැදිලිව දැක්වෙනවා. හැකි නම් බලන්න. (අ)
එච්එන්බි තමා වැඩියෙන්ම ගෙවන බැංකුව. පොඩ්ඩක් හොයල බලන්ඩ,(ම)
නිමල් හරියට හරි. නිමල්ට මෝඩයෝ කියන අය තමයි නියම මෝඩයන්. මට කනගාටු ඇමතිවරයා මේක දන්නේ නැති බව. (අ)
මේකේ ප්‍රතිචාර දමන අය හිතන්නේ බැංකු මහත්තුරු හරි හොඳයි කියල, ගුවන් තොටුපොළේ නොදී මීගමුවට ගියාම ඩොලර් එකෙකක්ට රුපියල් 10-12 ක් වැඩිපුර ගන්න පුළුවන්. (අ)
නිමල් සහ අජිත් එල හරක් මි හරක් කතාවට කදිම නිදසුනක්. (අ)
ඔව් අද යුරෝ එකත් ගුවන් තොටුපොළේ 143.50.පස්සේ එළියෙන් මාරු කලා 154.50 ට .මාර හොර බැංකු කාරයන් (අ)
ඔය එකක් පමණයි. තව ගොඩක් දේවල් තිබෙනවා රට ඇතුළේ. ඒවා කතාකරන්න කවුරුවත් නැහැනේ (නි)
ලංකා බැංකුවේ විතරක් නෙමෙයි, තවත් බැංකු වල මේ තත්වය තිබෙනවා. අපි ලංකාවට එනකොට ශ්‍රී ලංකා ගුවන් තොටුපළෙන් මාරුකරන්න ගියාම අපහසුතාවලට පත්වෙනවා (නි)
ඇමතිතුමනි, මෙය ඔබ දුටු එක් දෙයක් පමණයි (නි)
ඔව් ඒක ඇත්ත. අපි විදේශ රටවල ඉඳලා එවනකොට අපිට දෙන්නෙත් 137.00යි. හරිම අසාධාරණයි. නමුත් අන්තර්ජාලයේ පෙන්වන්නේ 141යි කියලා. ඇමතිතුමනි, ඔබට ජය! (නි)
ඕක හැමදාම අපිට වෙනවා. රටට අයිති බදු, බැංකු නිලධාරීන් නිසයි රටට අහිමිවෙන්නේ. ඇමතිතුමා හරියටම ඕක හොයන්න. විදේශ මුදල් කොච්චර රටට අහිමි වෙනවද ඔය නිසා? (නි)
එතුමා මේක ගැන දන්නේ දැන්ද? (නි)
අඩුගණනේ දැන් හරි දැනගෙන එතුමා ඒ ගැන ප්‍රශ්න කළානේ. ඉස්සර මොන ඇමතිද ඔහොම සෙව්වේ බැලුවේ? (නි)
හැමතැනම මෙහෙමද දන්නෙ නැහැ (නි)
මෙතුමන්ලා මේවා ගැන හොයා බලන්න ඕනෑ. පේනවා නේද කරන අසාධාරණයක තරම. (නි)
නිරෝධ, ඔයා හිතාගෙන ඉන්නෙ එතුමා මේ බැංකු වල හුවමාරු පුවරු දිහා බලාගෙන ඉන්නවා කියලද? හැම බැංකුවම පාවිච්චි කරන්න ඕනෑ එදිනෙදා මහ බැංකුව විසින් නියම කරන ලද හුවමාරු අගය මිසක්, එක එක බැංකුවට ඕනෑ අගය නෙමෙයි. (නි)
බැංකුවක විනිමය මිලදී ගැනීමේ අගය විකිණීමේ අගයට වැඩ අඩුයි. එක ජාත්‍යන්තර වශයෙන් සිදුවන දෙයක්. නමුත් මෙම පරතරය අඩු කරන්න පුළුවන්. එයයි සොයා බැලිය යුත්තේ. නැතිව වෙළදපල වටිනකමම කිසිම බැංකුවකට ගෙවිය නොහැකියි (ම)
ශ්‍රී ලංකාවේ මේ දිනවල 142.50 . බිඔසි දෙන්නෙත් අඩුවෙන් .වැඩි පිරිසක් පුද්ගලික ආයතන හරහා මුදල් යවන්නේ ඉන්දියල් ක්‍රමේට .මෙහෙන් මුදල් දුන්විට ලංකාවෙන් දානවා .බැංකු අධික ලාභ ලබන නිසා මේ තත්වය උදාවෙලා තියෙන්නේ (ම)
මහබැංකුවේ විද්‍යුත් පුවරුවක් කටුනායක ගුවන්තොට පොලෙයි එකෙ ප්‍රදර්ශනය කරලා හැමෝගෙම දැනගැනීම සඳහා ප්‍රචාරය කලානම් හරි. (අ)
මේවා ගැන හොයන එක නම් බොහොම වටිනවා (නි)
ලංකා බැංකුවේ විතරක් නෙමෙයි, තවත් බැංකු වල මේ තත්වය තිබෙනවා. අපි ලංකාවට එනකොට ශ්‍රී ලංකා ගුවන් තොටුපළෙන් මාරුකරන්න ගියාම අපහසුතාවලට පත්වෙනවා මම මුදල් මාරු කරන්න ගිය වෙලාවේ පිටත පවතින මිලට වැඩිය රුපියල් 2 අඩුවෙන් මට ගෙවුවේ. (නි)
මේ ඇමතිතුමා සංවේදී බව පෙනෙනවා. ස්තුතියි! (නි)
මේනක සමඟ එකඟ වෙමි. වානිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල හෝ විකුනුම් මිල තීරණය කරන්නේ කටුනායක බැංකු කවුන්ටරයෙන් කියල හිතනවනම් මොනව කරන්නද? (ස)
ඩිවුටි ප්‍රී වෙළඳසැල් වලත් එහෙමයි. ලංකාවේ ඩොලරයකට රියල් 3.8 ගන්න වෙලාවේ මගෙන් රියල් 4.10 අරගෙන තිබෙනවා. (නි)
මොනතරම් ලොකු අසාධාරණයක්ද? (නි)
මේ ගැන හොයා බැලු එක හොඳයි. බැංකු ජනතාව සුරා කනවා. විශේෂයෙන්ම රජ්‍ය බැංකු දොලරයට නියමිත අගය ගෙවු වොත් මිනිසුන් බැංකුවට ඒවි. (අ)
ගයාන්, මොකක්ද මේ උන්ඩියල් ක්‍රමය අපටත් දන්වන්නකෝ සෞදි වල තියෙනවද ?(අ)
මේ මොන කුණුහරුප කතාවක්ද. මොකක්ද අතටම අහුවුණා කියන්නේ. හොරෙන් කරපු දෙයක්ද? තිරයේ ගණන දිස්වෙනවානම් ඕනේ කෙනෙකුගේ ඇහැට අහු වෙනවනේ. විකුණුම් මිල සහ ගැනුම් මිල අතර වෙනස දන්නේ නැද්ද? අද මේ එසැනේ තියෙන්නෙත් ගැනුම් මිල 139.75 කියල. (අ)
මම නම් කවදාවත් බැංකුවට මගේ සල්ලි දෙන්නේ නැහැ. අවසරලත් විදේශ මුදල් ගැණුම්කරුවන් බැංකුවට වඩා ඩොලරයට රුපියල් 7 ක 8 ක වැඩි මිලක් දෙනවා. (නි)
බැංකු කියන්නේ දන්සල් නෙවී.ලාභය මත තමා ගැනුම් මිල තීරණය වන්නේ.(අ)
ලංකාවේ එයාර් පෝට් එක කියන්නේ හැම මගියෙකුගෙන්ම ගසා කන තැනක්. පොඩි නෙස්කැෆේ කෝප්පයක් ඩොලර් එකයි. එළියේ 50යි. (ම)
තායිලන්තේ බැංකොක් ගුවන්තොටුපොළ් බැංකු වලින් ඩොලර් එකට ගෙවන්නේත් බැංකොක් නගරයේ බැංකු වලින් ගෙවන මිලට වඩා අඩු මුදලක්... මේක සාමාන්යෙන් ලෝකේ කොයි ගුවන්තොටුපොලෙත් වෙන දෙයක්... බොරු ෂෝ ....! (අ)
කොමර්ෂල් බැංකුවෙත් එහෙමයි. මගේ සල්ලි මාරු වෙලා තිබුණේ 137.55 ට , මේ ගැන කරන්න දෙයක් තියනවද? (ම)
යම්කිසි අයෙකු විසින් කරන සාධනීය වැඩක් ඇත්නම් එය ඇගයීමට ලක්විය යුතුයි (නි)
වාණිජ බැංකු විසින් ගෙවිය යුත්තේ මහ බැංකුව විසින් නියම කරන ලද විදේශ මුදල් අනුපාතයට අනුකූලවයි. අතට අහුවන බැංකුවෙන් හුවමාරු කරගන්නේ නැතුව මහාබැංකුවේ නියමිත අනුපාතය දැනගෙන හුවමාරු කරගත්තහම ඉවරයි. (නි)
ඇමැතිතුමා ඇඩ්වර්ටීස්මන්ට් එකක් දාගෙන පව් අහිංසක මිනිස්සු. ඉතින් රැවටෙනවා (බ)
මට තේරෙන්නේ නැහැ මේ දේවල් වෙන්නේ කොහොමද කියලා (නි)
හරි ඉතින් දැන් අතටම අහුවුණානේ. ඒ වරදට දඬුවම් නැද්ද..? (නි)
මුදල් ඇමති ගණකාධිකාරවරයෙක්ලු නේද? විදෙස් මුදල් වල ගැණුම් මිල විකුණුම් මිල කියන නොදැන ඉඳීම කණගාටුවක්, මේක වංචාවක් වත් හොරකමක් වත් නෙමෙයි. ඩොලරයක ගැණුම් මිල කියන්නෙ ගනුදෙණුකරුගෙන් ඩොලර් මිල දී ගන්නා අගය. විකුණුම් මිල කියන්නේ ගනුදෙණු කරුට ඩොලර් නිකුත් කරන අගය. ගැනුම් අගයට වඩා විකුණුම් අගය වැඩී. එය තමයි බැංකුවේ ලාභය. 137 ගාන ගැනුම් මිල. 142 ගාන විකුණුම් මිල .ඒ දෙක පටල ගෙනයි මේ හැමෝම කතා කරන්නේ. ඒ ගැනුම් විකුණුම් මිල තීරණය කරන්නෙත් මහ බැංකුවයි. ඒ නිසා බැංකු වල වරදක් නෑ.අනික බැංකු හොරකම් කරනවා නම් මේ රටේ ආර්ථිකය මෙහෙමවත් ඉතුරු වෙන්නෙ නෑ. නිකන් කියන්නන් වාලේ කියවනවට වඩා දැනුවත් වීමයි වැදගත්. (අ)
කෝ? පසුගිය ආණ්ඩුව මේවා සෙව්වේ නැහැනේ (නි)
මෙච්චර කාලයකට හැමදාමත් ඕක වුණා ඇමතිතුමා (නි)
මේක අද ඊයෙ සිදුවුණ දෙයක් නොවෙයි. (නි)
ඉතින් අපි වගේ පිටින් මාරුකරන්නකෝ. අපි නම් දන්නවා බැංකු වල මිල අඩුයි කියලා (නි)
ගැනුම් මිල සහ විකුණුම් මිල කියා දෙකක් තිබෙන බව දන්නෙත් නැතිව ද මෙතුමා වරක් බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමා සමඟ රුපවාහිනිය හරහා වාදයකටත් එන්න හැදුවේ? (බ)
අපිට ස්ටර්ලින් පවුමට ගෙවන්නේ 197යි. පුද්ගලික බැංකු වලිනුත් අපිට හරිම අසාධාරණයි (නි)
මොනතරම් ලොකු අසාධාරණයක්ද අපිට වෙන්නේ? (නි)
තිබෙන සන්තකයම ගුවන් තොටුපළේදී මාරු කර ගන්න යන්නේ ඇයි? ගෙදර යන්න වාහන කුලියයි, ඔය තේ එකක් කෑම ටිකක් ගන්න සල්ලි මාරු කරගෙන ඉතිරි සල්ලි නිවිසැනසිල්ලේ පසුව මාරු කරගත්තහම ඉවරනේ. (නි)
හැමෝගෙම අදහස් පිළිගන්නවා. ඩියුටි ෆ්‍රී සාප්පු වලත් ඩොලරය අඩුවෙන් ගන්නේ. ඒ වගේම එළියට ආවට පස්සේ එතන තිබෙන හැම බැංකුවකම අඩුවෙන් ගන්නේ. අපිට එතන රස්තියාදු වේවි ඉන්න බැරි නිසා කියන ගන අරගෙන යනවා තමයි. මේක අද ඊයේ නෙමෙයි, දැනට අවුරුදු 25 - 30 කාලෙක ඉඳලා ඔහොමයි. නමුත් ඉතින් ඕවා ගැන හොයා බලන්න කවුරුවත් නැහැ. (නි)
ගරු ඇමතිතුමනි , කරුණාකර මීට මැදිහත්ව සාධාරණය ඉටුකරන්න. විශේෂයෙන්ම ඉතා සුළු වැටුපක් ලබන කාන්තාවන් පුදුම විදියට මේ මුදල් හුවමාරුවේදී සුරාකනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ. අසරණයි. ඔවුන්ට කරන්න දෙයක් නැහැ. (නි)
අනේ! මේවා මේ අද ඊයේ වෙන දේවල් නෙමෙයි. බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. (නි)
විදේශ මුදල් මාරු කරද්දී ගැනුම් මිල සහ විකුණුම් මිල කියල දෙකක් තියෙනවා එහිදී අපිට විදේශ මුදල් මිලදී ගනිද්දී වැඩි මුදලක් ගෙවන්න වෙනවා ඒ වගේම අපි විකුනද්දී ලැබෙන්නේ අඩු මුදලක්. බැංකුවේ සදහන්වන ගැනුම් මිලට තමයි අපිට විකුනන්න ලැබෙන්නේ ඒ අනුව අද අපි ඩොලර් එකක් දුන්නම ලැබෙන්නේ 139.17 ඒ වගේම අපි ගන්න ඕන වුනාම ගන්න වෙන්නේ 143.73 බැංකුවේ විකුණුම් මිල තමයි අපේ ගැනුම් මිල එසේම බැංකුවේ ගැනුම් මිල තමයි අපේ විකුණුම් මිල වෙන්නේ. වැදගත් දේ තමයි අපේ මුදල් ඇමති මේක දන්නේ නැති එක. (බ)
රුපියල තව බාල්දු කරන්නකෝ ඇමති තුමනි... (ම)
මම නම් ගුවන් තොටුපළෙන් මාරුකරන්නේ සුළු මුදලක්. පසුව වෙළඳ සැළකට දීලා ඉතිරිය මාරුකර ගන්නවා (නි)
නිමල් පණ්ඩිත කතා කියන්න කලින් අද දිනයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් බලල ඉන්න මෝඩකම තිබුනට එ්ක ප්‍රකාශ කරන්න එපා. (බ)
මේවායින් මොනතරම් ලාබ ලබන්න ඇද්ද? (නි)
මම ඇමැති නම් ගිහිල්ලා අහන්නේ චෙයාර්මන්ගෙන්. පහල මට්ටමේ සේවකයන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. මොකද ඒගොල්ලන් නෙමෙයි මිල තීරණය කරන්නේ. ඒ මිනිස්සු කරන්නේ ජොබ් එක. ඇමැති පත්කරපු චෙයාර්මන් නේ මේවට වග කියන්න ඕන? (බ)
ඔය හේතුව නිසාම තමා ලංකා රජයට පිට රට සිට එන බහුතරයක මුදල් නොලෙබෙන්නේ , ගුවන් තොටුපලේ සහ බැංකුවේ මුදලට වඩා තව සත 25ක් වත් ගෙවන පෞද්ගලික මුදල් වෙළදාම කරනා අය වෙත ඔවුන් යනවා , දුක් මහන්සියෙන් පිට රට උපයන මුදල් නිසි විදියට මාරු කරන්න රජය උදව් කරන්නේ නැහැ.(හේ)
නිමල් කියන කතාව හරි. ගැනුම් මිල සහ විකුණුම් මිල අතර වෙනස තමා බැංකුවේ ලාභය. මුදල් ඇමති තුමා මෙය නොදැන සිටීම පුදුමයි. (හේ)
ගුවන් තොටුපලේ තියෙන බැංකු සියල්ලගේම සහ රටේම බැංකු අනුගමනය කරන්නේ එකම අනුපාතය බව හා එය මහ බැංකුව මගින් නියම කරන ලද අනුපාතය බව පොදුවේ දන්නා කරුණකි.(ම)
මුදල මාරු කිරීම කෙසේ වෙතත් රාජ්‍ය බැංකු වල දේශපාලන පත් වීම් ලබා සේවයේ යෙදෙන තරුණ කාර්ය මණ්ඩලය නම් වැඩ කරන්නේ බොහොම අකාර්යක්ෂම විදියට. (ම)
මම පිළිගත් හැම වෙබ් එකකම බැලුව . ඔය කියන විදිහට ඩොලරයේ ගැනුම් මිල රුපියල් 141 දක්වා පසුගිය කාලයටම ගිහින් නැහැ . පැහැදිලිවම යහපාලකයන් නැවත ජනතාව නොමග යැවීමක්. මේ කියන මිලට ඩොලරයේ ගැනුම් මිල වැඩි වුණානම් ඒ බව පළමුව ඔප්පු කරන්න . (ම)
ඕක අද ඊයේ වුනු දෙයක් නෙවෙයි ඇමති තුමෝ. අපි අවුරුදු ගානක් තිස්සේ ගෙනාපු මුදල් වලට කළේ ඔය ටික තමයි. අරන් බලන්න දිගටම පහුගිය මස සහ අවුරුදු වල වෙලා තියෙන දේ. මගේ එන්ආර්එෆ්සී ගිණුමේ තියෙන සල්ලි ගන්න ගියාමත් දෙන්න හැදුවේ රු6 ක් විතර අඩුවෙන්. මම කෑගහල ඩොලර් අරන් පිටින් මාරුකරගත්ත. (බ)
හැම රටකම බැංකුවල මිලට ගන්න මුදල හා විකුණුම් මිල කියලා දෙකක් තියෙනවා. අන්තර්ජාලයට ගියාම හැමදේම පැහැදිලිව දර්ශනය වෙනවා. (බ)
හොද වැඩක්. (ර)
ගරු ඇමති තුමනි, මේ කරුණ අනාවරණය කිරීමට ඔබතුමාට හිතක් පහළවීම ගැන ස්තුතිය පළකර සිටිනවා. (ර)