(සුජිත් හේවාජුලිගේ )

පුත්තලම කල්පිටිය වෙරළ තීරයේ සිදු වන්නේ යැයි  කියන සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන්  ධීවර අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී  ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව්වෙන් පසු එම පරීක්ෂණය ආරම්භ කළ බව අමාත්‍යාංශය පවසයි.

කල්පිටිය පුත්තලම වෙරළබඩ ප්‍රදේශවල කොරල්පර සහ සමුද්‍ර ජීවීන්ට හානි කිරීම සඳහා නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිත කරන බව ගුණවර්ධන මහතා හෙළි කළේය.

අතිරික්ත පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ ක්‍රියාවලිය නිසැකවම කොරල්පරවලට හානි කරන බවත්, ඩොල්ෆින්, තල්මසුන් සහ අනෙකුත් සාගර ජීවීන්ගේ ජීවිත විනාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.