IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩිලාන්, කබීර් හෂීම්ට දෙහි කපයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරනුයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලය බෙදීමේ සංකල්පයේ පිහිටා සිටිමින් යැයි එහි මාධ්‍ය ප‍්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

රටේ ඒකීයභාවයට හානියක් නොවන අයුරින් හා රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට බලපාන්නා වූ ගැටලූවලට නිවැරදි විසඳුම් සොයන රාමුවක් යටතේ තම පක්‍ෂය කටයුතු කරන බව ද ඔහු කීවේය.

පහුගිය සන්ධාන රජය කාලයේ ලංකාව ධනපති අර්ථ ක‍්‍රමයේ කක්කුස්සිය වී තිබූ බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට කාලයක් කුස්සිය හා කක්කුස්සිය පැටලූණා තමයි. කක්කුස්සිය වීමට ගියෙ 2016 අයවැයයි. එය බේරා ගත්තේ සම්මුතිවාදී ආණ්ඩුවේ ශ්‍රී ලංකා පාක්ෂිකයන් වූ අපියි. ධනපති හෝ මොනඅර්ථ ක‍්‍රමයක්වත් රටේ ක‍්‍රියාත්මකවීමට නම් මිනිසුන්ට හුස්ම ගැනීමේ අයිතියවත් තිබිය යුතුයි.

පහුගිය සන්ධාන රජය බලයට පත්වන විට මේ රට ත‍්‍රස්තවාදයෙන් පීඩා විඳිමින් සිටියා. ඊළාම්  උසාවි, ඊළාම් පොලිසි පවා ක‍්‍රියාත්මක වුණා. අපේ පක්‍ෂය මැතිවරණ දෙකකින් පරාජයට පත්වුණේ සන්ධාන ආණ්ඩුවේ වැරදි තිබූ නිසා තමයි. ඒත් සන්ධාන ආණ්ඩුව කළ හොඳ වැඩ සියල්ල අවත්කසේරු කිරීම කළ යුතු වන්නේ නැහැ.

සම්මුතිවාදී ආණ්ඩුවක ඉඳගෙන එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා මෙවැනි ප‍්‍රකාශ කිරීම සුදුසු නැහැ.

වැරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, ශ්‍රී.ල.නි.ප තරුණ කමිටුවේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

dilan_151223(2) dilan_151223(1)



අදහස් (0)

ඩිලාන්, කබීර් හෂීම්ට දෙහි කපයි

නිමල් ලාලිත Wednesday, 23 December 2015 04:31 PM

ඇමතිකම් ගන්නේ නැතුව ප්‍රබල විපක්ෂයක් වශයෙන් හොඳ වැඩවලට පමණක් සහය දෙමින් ඔබතුමාලා කටයුතු කළා නම්, මෙවන් කතා අසන්නට සිදුවන්නේ නැහැනේ. (නි)

:       0       0

කීර්ති Wednesday, 23 December 2015 05:19 PM

විදේශගත ශ්‍රමිකයන් දුක් මහන්සියෙන් හම්බකළ සල්ලි පිල්ලිගහලා ඒ අසරණ මිනිසුන්ගේ කක්කුස්සියත් හූරාගෙන කෑවේ කවුද එතකොට? (නි)

:       0       0

මලී Wednesday, 23 December 2015 07:35 PM

මෙයා දැන් රාජිතගේ ජොබ් එකටද තරඟ කරන්නේ? (ස)

:       0       0

සමන් Wednesday, 23 December 2015 12:49 PM

ජනතාවනේ අන්තිමට කක්කුස්සියට එළවලා දාලා තියෙන්නේ... (නි)

:       0       0

නිලාන් Thursday, 24 December 2015 05:01 AM

අම්මෝ! කාලෙකට පස්සේ දැක්කේ ඇමතිතුමා. අර වහ බෝතල් ටික ඉල්ලාගන්න බැරිද දන්නේ නැහැ. දැන්නම් අපිටත් ටිකක් බොන්න වෙලා තියෙන්නේ (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 23 December 2015 01:36 PM

අපි නම් ගොඩක් දෙනා කක්කුස්සියට දැම්මා. නමුත් ඉතින් සමහරු තාමත් එල්ලිලා ඉන්නවා. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 24 December 2015 05:47 AM

කබීර් හෂීම්ට දුන් පිළිතුර ඉතාම හොඳයි. (නි)

:       0       0

තුසිත Wednesday, 23 December 2015 03:07 PM

අයවැය මුල්වර කියවීමට ඔබතුමාලා ඡන්දෙ දෙනකොට මොකක් වගේද පෙනුනේ? කුස්සිය වගේද? කක්කුස්සිය වගේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site