
(විමුක්ති එස් රුද්‍රිගු)
මොස්කව් නගරයේ මූල්‍ය සහ ව්‍යාපාර සමාගම් පිහිටි දිස්ත්‍රික්කයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් කාර්යාල ගොඩනැගිලි දෙකකට සුළු හානි සිදුවූ බවත් ඒ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් කෙටි වේලාවකට වසා දැමීමට සිදු වූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
ඩ්‍රෝන ප්‍රහාරය සඳහා යානා 3 ක් පැමිණි බවත් එක් ඩ්‍රෝන යානයක් උඩු ගුවනේදී විනාශ කළ බවත් අනෙක් ඩ්‍රෝන යානා දෙක ගුවන් ආරක්ෂණ පද්ධතීන් විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd