ශ්‍රී ලංකාවෙන් ගොස් රටරටවල පදිංචි දෙමළ ජනයා නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයේ නියෝජිත පිරිසක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් එම සංසදයේ සභාපති එස්.ජේ.එම්මානුවෙල් පූජකවරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරයට එක්වන බව පැවසේ.
ඉකුත් මාර්තු මාසයේ දී වත්මන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ලන්ඩන් නුවරදී හමුවූ අවස්ථාවේදී ලංකාවේ සාමය හා සහජීවනය ගොඩනැඟීමේ කටයුතු වලට සහාය දක්නව ලෙසට ආරාධනා ලැබුණු බවත් එම ආරාධනා සලකා බලමින් මෙලෙෂ ලංකාවට පැමිණිමට ගෝලීය ද්‍රවිඩ සංසදය තීරණය කොට ඇත.
රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමටත්, ගැටුම් පැවති අවදියේදී අතුරුදන් වූ සිංහල, දෙමළ ,මුස්ලිම් සියලූ වැසියන් සම්බන්ධයෙන් සොයා බැලීම ආදිය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බවද ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කර ඇතැයි පැවසේ.
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය සංසදයේ මෙරට යුද ගැටුම් පැවති ඉකුත් කාලයේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස කටයුතු කළ අතර මේවන විට ඔවුන් එම ලේබලයෙන් ඉවත් වෙමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයස්පෝරාව කොටි පුල්ලි හලයි : ලංකාවටත් එයි
වින්සන්ට් Sunday, 01 November 2015 11:30 AM
නාමල් මහතා, "සහෝදරත්වයේ දෑත් දිගුකිරීම "සිදුවිය යුතුය. නමුත් දකුණේ සමහර දේශපාලකයන්ට වගේම උතුරේ සමහර දේශපාලකයන්ටද මේ නිසා පැවැත්මක් නොමැති වීම අද ඇති ගැටළුවයි. තුවාලය සුවවීම දේශපාලන හිඟන්නන්ගේ එදා වේල සපයා ගැනීමේ අපහසුතාවයක් ඇතිවෙනවා ඇත. එය රැකදීමට යම් ජනතාවක්ද රටේ සිටින බව අප තේරුම් ගත යුතුය.....(රේ).
පසිදු Sunday, 01 November 2015 07:54 AM
දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)
නාමල් Sunday, 01 November 2015 09:50 AM
මම ලන්ඩනයේ කාලයක් ජීවත්වෙලා තිබෙනවා... යුරෝපයේ වසන බහුතර ශ්‍රී ලාංකික ද්‍රවිඩයින් බෙදුම්වාදීන් හෝ කොටි හිතවාදීන් නොවේ..නමුත් ඔවුන්ට දකුණේ ආරක්ෂක අංශවලින් 1983 සිටම විවිධ කරදර වෙලා තිබෙනවා.. ඒ අවිශ්වාසය තමා තිබෙන්නේ.. ඔවුන්ට සහෝදරත්වයේ දෑත් දිගුකර යුතුයි..(බ)