ශ්‍රී ලංකාවෙන් ගොස් රටරටවල පදිංචි දෙමළ ජනයා නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයේ නියෝජිත පිරිසක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් එම සංසදයේ සභාපති එස්.ජේ.එම්මානුවෙල් පූජකවරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරයට එක්වන බව පැවසේ.
ඉකුත් මාර්තු මාසයේ දී වත්මන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ලන්ඩන් නුවරදී හමුවූ අවස්ථාවේදී ලංකාවේ සාමය හා සහජීවනය ගොඩනැඟීමේ කටයුතු වලට සහාය දක්නව ලෙසට ආරාධනා ලැබුණු බවත් එම ආරාධනා සලකා බලමින් මෙලෙෂ ලංකාවට පැමිණිමට ගෝලීය ද්‍රවිඩ සංසදය තීරණය කොට ඇත.
රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමටත්, ගැටුම් පැවති අවදියේදී අතුරුදන් වූ සිංහල, දෙමළ ,මුස්ලිම් සියලූ වැසියන් සම්බන්ධයෙන් සොයා බැලීම ආදිය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බවද ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කර ඇතැයි පැවසේ.
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය සංසදයේ මෙරට යුද ගැටුම් පැවති ඉකුත් කාලයේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස කටයුතු කළ අතර මේවන විට ඔවුන් එම ලේබලයෙන් ඉවත් වෙමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් මහතා, "සහෝදරත්වයේ දෑත් දිගුකිරීම "සිදුවිය යුතුය. නමුත් දකුණේ සමහර දේශපාලකයන්ට වගේම උතුරේ සමහර දේශපාලකයන්ටද මේ නිසා පැවැත්මක් නොමැති වීම අද ඇති ගැටළුවයි. තුවාලය සුවවීම දේශපාලන හිඟන්නන්ගේ එදා වේල සපයා ගැනීමේ අපහසුතාවයක් ඇතිවෙනවා ඇත. එය රැකදීමට යම් ජනතාවක්ද රටේ සිටින බව අප තේරුම් ගත යුතුය.....(රේ).
දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)
මම ලන්ඩනයේ කාලයක් ජීවත්වෙලා තිබෙනවා... යුරෝපයේ වසන බහුතර ශ්‍රී ලාංකික ද්‍රවිඩයින් බෙදුම්වාදීන් හෝ කොටි හිතවාදීන් නොවේ..නමුත් ඔවුන්ට දකුණේ ආරක්ෂක අංශවලින් 1983 සිටම විවිධ කරදර වෙලා තිබෙනවා.. ඒ අවිශ්වාසය තමා තිබෙන්නේ.. ඔවුන්ට සහෝදරත්වයේ දෑත් දිගුකර යුතුයි..(බ)