
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරුවට සම්බන්ධවූ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පවසයි.
කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රාජ්‍ය අමාත්‍යවරිය සහ එම මන්ත්‍රීවරු දෙදෙනා කමිටුව හමුවේ අද (6) පෙනී සිටියහ.
සිද්ධිය පිළිබඳව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු දෙදෙනාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.
සිද්ධිය ඇසින් දුටු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද කමිටුව හමුවට කැඳවා තිබුණද අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් ඔහු එම රැස්වීමට සහභාගී වූයේ නැත. පියල් නිශාන්ත මහතා ලබන 9 වැනිදා පැවැත්වෙන මීළඟ කමිටුව රැස්වීමට කැඳවීමට නියමිතය.
මෙම කමිටුව අවසන් වරට රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 9 වැනිදා පෙරවරු 10.30ටය. එදින විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාව කතානායකවරයාට බාර දෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම ගුටිබැට හුවමාරුව සිදු වූයේ පසුගිය 20 වැනිදාය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රසිද්ධියේ එකිනෙකාට බැන වැදීම්, දෝෂාරෝපණය කරගැනීම්, තල්ලුකරගැනීම්, ගැටුම වීඩියෝ කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමුවී ඇත.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කාර්යාලයේ ශ්‍රවණාගාරයේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරුන් ඇතුළු නිලධාරිහු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගෞරවයක් ගැනද කියන්නේ?
මැතිසබේ කොහෙද හලෝ ගෞරවයක් තියෙන අය? ඕකේ ඉන්න තරමක් ඉන්නේ හොරු, මිනීමරුවෝ, ගණිකාවෝ.... කොටින්ම පාතාලයෝ. එතකොට ඔයා? ඔයාගේ ගංජා හේන පොලිසියෙන් අල්ලපු කතාව? ඔයා බාබා නේද? මල් බබා !!!
ගලි බවුසර්ටනම් කිසිම ගාණක් නෑ...
බම්බුව තමයි. දැන් ඔකෙ ගවුරවය නැති කරන්නෙ වෙන එකෙක් නෙමෙයි කතානායක. මිනිහගෙ හැසිරීම බලන්න අප්පිරියයි.
දඬුවමක් විදිහට ඔවුන්ගේ දීමනා වැඩි කරමු
ඕකේ තිබෙන ගෞරවය කුමක්ද ඕකේ ඉන්නේ වැලි , පස් , කුඩු , අරක්කු ජාවාරම් කාරයෝ , මහා බැංකු හොරු , රත්‍රන් හොරු ඩබල , උසාවියෙන් මරණ දඩුවම නියම වුන මිනීමරුවෝ , බුරුතු පිටින් සිවිල් ජනතාව සහ යටත් වුන පොලිස් නිලධාරියෝ ගාතනය කල හිටපු ත්‍රස්තවධි නායකයෝ , කොමිස් කාරයෝ , ඩිල් දාසල , පවුල් පිටින් එකතුවෙලා මුළු රටම හොරකපු හොර මෛනගේ පවුලේ සාමාජිකයෝ වැනි පුද්ගලයෝනේ , මෙවැනි පුද්ගලයන්ට ගහ මරාගන්නවා කියන්නේ සාමාන්‍ය දේවල්
ඔහොම විමර්ශන කර වැරදි කරුවන් වෙන අයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි එහෙම කරන්න බැරිනම් ඇමති තනතුරු නැත්නම් උප ඇමති තනතුරු (රාජ්‍ය ඇමති නැතුව පුද්ගලික ඇමතිලා නැහැනේ පළාත් කිව්වත් ඒක පළාත් ආණ්ඩු ඇමතිලා තමයි ) සධාකාලිකව නොදීමට කටයුතු කරන්න ඕන එහෙම නැතුව කමිටු පත්කර ජනතා මුදල් නාස්ති කර සභාවේ කාලය කාදැමීම වැඩකට නැති වැඩක් තමයි
පාර්ලිමේන්තුව නෙමේ යකෝ කෑවේ .අපේ මව්බිම බව දන්නැති සක්කි.... හැත්ත ....
පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි කරලා තියෙන්නේ ඔය කියපු කට්ටිය විතරද? ඔය ඉන්න 225 දෙනා අතරින් කවුද එහි නිසි ගෞරවය රැක ගත්තේ?
රම්බා විහාරයේ ඉඩම් අල්ලාගත්තේ කව්ද දන්නේ නෑ නේද ?ගෞරවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කීපදෙනයි ඉන්නේ
ඒක මාරකතාවක් නේ ඒ තුන්දෙනාගේ ආරවුල සිද්ද උනේ පාර්ලිමේන්තු ගැබේ නොවෙයි. පාර්ලිමේන්තුව තුල සිද්දඋන මිරිස් කුඩු ගැහිලි, රනිල්ට වාසුගෙන් ලැබුන වාග් ප්‍රහාර වලදී ඔහොම කිව්වේ නැහැ නේද?