හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයෙන් අඟහරුවාදා සිංගප්පූරුවට යෑමට ආ නමුත් ඔහුට එම ගමන් බලපත්‍රයෙන් එහි යෑමට අවසර නොලැබුණු බව ආගමන විගමන ආරංචි කියයි.
ඊකේ 348 යානයෙන් සිංගප්පූරුවට යාමට ඔහු අඟහරුවාදා පස්වරු 2ට ගුවන්තොටට පැමිණ සිටියේය.
අද (11) සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පූරුවට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරෙත් ඔහේ ගිහින් එනකොට මුන්නහැගේ මතකය අමතක වෙලා තියේවිද දන්නේ නැහැ? (බ)
මතක නැති කමට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අරන් ගුවන්තොටුපලට යන්නැති. (ස)
ඉහත දැක්වෙන පරිදි සාමාන්‍ය ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පුරුවට ගොස් තිබෙනවා. ඔහු එහි ගියේ ප්‍රතිකාර ලබන්නද? (නි)
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි? (නි)
මම හිතුවේ වේදිකාවල ගිරිය පුප්පගෙන මේ පුද්ගලයාගේ නම කියනකොට ජනවාරි 9 වැනි දා පස්සේ යහපාලනය අාපු ගමන් මේ පොරව කෝටු මස් කරලා මහා උළු ගෙදර දායි කියල. (ම)
ඩී පි එල් පාස්පෝර්ට් එක , රජයට නොගත්තානම් එය වලංගු ඇති, එය අවලංගු නම් නීතිමය පියවර නොගත්තේ මොකද ? ලොකු එකාට එක නීතියක් , පොඩි එකාට තව නීතියක් ලංකාවේ (ම)