ඩෙනිම් රෙදි බවට ව්‍යාජ ලියකියවිලි සකසා ඩුබායි සිට මෙරටට ගෙන ආ රෙදි පෙට්ටි පහලොවක් පරික්ෂා කිරිමේදී එහි රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක් වටිනා සිගරට් කාටුන් හාරදහස් පන්සීයක් තිබූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
කොළඔ 12 ප‍්‍රදේශයේ ලිපිනයකට ලැබී තිබුණු මෙම රෙදි පෙට්ටි 15 සඳහා ව්‍යාජ ලිපිලේඛන සකසා රුපියල් එක් ලක්ෂ හැත්තෑදහසක මුදලකට තක්සේරු කර එක්ලක්ෂ විසිදහසක සෙස් බද්දක්ද ගෙවා තිබූ බව රේගුව කියයි.
මේවා ගෙනවන ලද අදාල ව්‍යාපාර ස්ථානය පරික්ෂා කිරීමේදී එය මියගිය පුද්ගලයෙකුට අයත් කිසිවෙක් පදිංචි වී නොසිටි ස්ථානයක් බව රේගුව සොයාගෙන ඇත.
පසුගිය ජූනි 14 වෙනිදා ඊ.කේ 465 දරණ ගුවන්යානයෙන් කිලෝග‍්‍රෑම් 1293 ක් බර ඩෙනිම් රෙදි පෙට්ටි 15 ක් ලෙස මේවා මෙරටට ගෙනවිත් ඇත.
එම අවස්ථාවේ මෙම භාන්ඩ මුදාගෙන යාමට අදාල ලියකියවිලි පරික්ෂා කර බැලූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් මෙම භාන්ඩ දැඩි පරික්ෂාවෙන් පසුව මුදා හළ යුතු බවට නියෝග කර ඇත.
එසේ වුවත් මෙම භාන්ඩ රැගෙන යාමට සතියක් ගත වන තුරුත් කිසිවෙක් නොපැමිණී බැවින් ඒ පිලිබඳව සැක සිතූ රේගුව මේ පිලිබඳ විමර්ශනය කිරීමට කටුනායක නයිකන්දේ උප නිවාරණ කාර්‍යයාලයේ නිලධාරීන් වෙත බාර දී ඇත.
පසුව එම නිලධාරීන් විසින් කරන ලද සූක්ෂම පරික්ෂනයකින් මෙයට සම්බන්ධ පුද්ගලයින් හා ස්ථාන සොයාගෙන ඇත. පසුව ඇලකන්ද හා ඔරුගොඩවත්ත යන ප‍්‍රදේශවලදී මීට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාල පුද්ගලයින් සිටි ස්ථාන පරික්ෂා කිරීමේදී මෙයට සම්බන්ධ ලියකියවිලිද ඔවුන් සතුව තිබූ බව රේගුව කියයි.
මෙම පරික්ෂනයේදී ලියිකියවිලි වලට අදාලව තිබූ ඩෙනිම් රෙදි වෙනුවට ටොප් මවුන්ටන් වර්ගයේ සිගරට් කාටුන් 2250 ක් සහ ගෝල්ඞ් සීල් වර්ගයේ සිජරට් කාටුන් 2250 ක් සොයාගත් බව රේගුව කියයි.
මේවායේ අඩංගු වූ සිගරට් ප‍්‍රමාණය සිගරට් ලක්ෂ නවයකි.
මේ පිළිබඳ විමර්ශන වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් බඩු අංගනයේ රේගු අධ්‍යක්ෂක ජූඞ් ඩිලූක්ෂාන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ස්ටීවන් පීරිස්, කේ.ආර් සෙනවිරත්න යන නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රධාන සහකාර නිවාරණ නිලධාරී දුමින්ද වීරක්කොඩි, සහකාර නිවාරණ නිලධාරී වයි.එම්.එස් කුමාර, අජිත් ඉලේසිංහ, කේ.ඒ.ආර්.එස් කුරුප්පු, ඩබ්ලිව්,ඒ.එස්.අයි වන්නි ආරච්චි, ලලිත් කාරියවසම්, නාලක වීරසිංහ, සම්පත් ජයරත්න, අසංක ගුණසිංහ යන නිලදාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ රේගු නිලදාරීන් මෑතක සිට හොර බදු අල්ලා රටට ලබා දුන් කිර්තියටත්, රටට නොලැබෙන රේගු මුදල් ලබා දීමත්, රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීමටත් ඔවුන්ට අපගේ හදවතෙන් ස්තුතියි. රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය (නි)
සුදු සිගරට් නම් මගේ නෙමෙයි රජෝ.... (නි)
අපි මොනවා හරි ලංකාවට එව්වත් ගන්න ගියාම රේගු පරික්ෂාව තදට. අපි නොදන්නා බීඩි සිගරට්. (දී)
සිගරට් තහනම් කලානම් වැඩේ ඉවරයිනේ. ඊයේ ලංකාදීපේ තිබ්බා සිගරට් නිසා අවුරුද්දකට ලක්ෂ හැටක් මැරෙනවලු. (දී)
අනිත් දවස්වල මේවා බලලා නෙමේද එලියට දාන්නේ. මම අවුරුදු දෙකක් කටාර් වල ඉඳලා දාපු පෙට්ටිය ගන්න වෙලාවෙ ඒකේ තිබුන බඩු ඔක්කොම බිමට දාලා, තිබුන බඩු ටිකටත් ඩියුටි ගහලා තමයි නිදහස් කලේ .පොඩි මිනිහට තමයි ඔක්කොම නීති අකුරට (නි)
රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීම වෙනුවෙන් රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය.අපි දැක්කනේ කුඩු කිලෝ අකසිය ගානක් අල්ලපු ඉන්ස්පෙච්ටෝර් සිසිර කුමාරට දුන්නු තෑග්ග මොකක්ද කියල. (අ)
සරෝජ් රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය.මෙයාල දවසට රුපියල් 50000-ලක්ෂයක් හොයාගෙන තමා හවසට ගෙදර යන්නේ.එන්නේ ලක්ස 100 පන්නපු චාර් වල.ඉන්න රජ මදුරු වගේ ගෙවල් වල.දරුවෝ ඒගෙන ගන්නේ ඇමෙරික වල ලන්ඩන් වල.වගකීන් මම කියන්නේ. (අ)
සරෝජ්, කුඩා දරුවෙක් වඩාගෙන ආච්චි කෙනෙක් ආවා ඒ දරුවගේ මව කුවේට් ඉදන් එවපු කිරිපිටි ,සීනි,සබන් වගේ කුඩා පෙට්ටියක් අරගන්න. ඔය පෙට්ටිය එලියටම ඇදලා අර අසරණ ආච්චිගෙන් රුපියල් 8000 ක් ගසා කෑවනේ. මීගමුවේ ඉදලා ආව නිසා ඒකට රුපියල් 4000 ක් ගෙව්වම රුපියල් 12000 ක් වෙනවා. බඩු ටික රුපියල් 12000 ක් වටින්නේ නැහැ. මේවා අහස පොලව නුහුලන අපරාද නෙමෙයිද?(නදී)
අපි මේවා කැමැත්තෙන් නෙවෙයි කරන්නේ අයියා. ආදායම් මාර්ග නැති කර ගන්න කවුද කැමති? මේවා උඩින්ම එන නියෝග. නොකර බැහැ. (නි)
අපගේ රේගුවයි, විදේශ සේවා එකයි දෙකම එකයි. ලංකාවේ පොලිසිය ඊට වඩා හොදයි.(නදී)
අපගේ රේගු නිලදාරීන් මෑතක සිට හොර බඩු අල්ලා රටට ලබා දුන් කිර්තියටත්, රටට නොලැබෙන රේගු මුදල් ලබා දීමත්, රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීමටත් ඔවුන්ට අපගේ හදවතෙන් ස්තුතියි. රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය (නි)