(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ අවසන් දිනය අවස්ථා ගණනාවක් වෙනස් කිරීම සැක සහිත බවත් එය යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදුවූවක් දැයි රජය මේ සභාවට දැනුම් දිය යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.
ඩිජිටල් හැඳුනුම්පත් මුද්‍රණයට ඉදිරිපත්ව සිටින සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් කළ සමාගමක් බව පවසන දිසානායක මහතා විවිධ සැකකටයුතු ගණදෙනුව හේතුවෙන් මේ සමාගම රටවල් ගණනාවක අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයිද ප්‍රකාශ කළේය.
මෙරට මත්පැන් බෝතල්වල ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය 2016 වසරේදී බාරගෙන තිබුණේද මෙම සමාගම බවත් මෙම ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් කෝටි 6000 ක පාඩුවක් සිදුවූ ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ බවත් ඔහු කීවේය.
තාක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා:
කැබිනට් මණ්ඩල තීරණ අනුව ලංසුව ප්‍රකාශයට පත් කළා. ලංසු පැහැදිලි කිරීම් ගණන 613 යි. ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව මෙතනදී ගත්ත තීරණය හරියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ. එතන වරදක් වෙලා තියෙනවා. ලංසුව අවසන් කරන දිනය ඒ අනුව පස්සට ගත්තා. එක සමාගමක් ඉලක්ක කරලා මේක කරන්න බෑ. ලංසු කැඳවීමේදී හැම සමාගමකටම එකම කාලයක් දුන්නා. පුද්ගල දත්ත වලට කිසිදු බලපෑමක් කරන්න බැහැ ස්වෛරීභාවයට හානියක් වන්නේ නැහැ. පෞද්ගලික දත්ත පනත අනුව දත්ත සියල්ල ආරක්ෂා කරනවා. අපේ දත්ත කිසිම කෙනෙකුට ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක රටට වැදගත් වැඩසටහනක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කවෙ රජයෙ මුඩ්‍රන දෙපාර්තමෙන්තුවට මුද්‍රණනය කරන්න පුලුවන් හැදුනුම්පතක් නිර්මනය කරන්න, ලජ්ජා නැද්ද මෙව පිටරටවල් වලට දෙන්න ?
මට, හිනා.... මේ අයම තමයි 88-89 කාලවලදී අපේ හැඳුනුම්පත්, තුවක්කු පෙන්නලා අරන් ගියේ... අද පුරවැසියන්ගේ ආරක්ෂාව කතාකරනවා...
මෙයාලට පිස්සු... හැමදාම සැකයි...
හැමදාම සැකයි... කරපු දෙයක් නැහැ...
හැඳුනුම්පතක්වත් මුද්‍රණය කරගන්න බැහැ. නමුත් දේශපාලඥයෝ කයිය ගහන්නේ... සියලු දේම මෙහි නිෂ්පාදනය කරගන්න... තිබෙන හැඳුනුම්පත හොඳටම ඇති. ලංකාවේ මුද්‍රණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම... නැතිනම් මේ පව් කරගහන්න වෙන්නේ අපිට...
මොනදේටත් අකුල්හෙලන කුහක හැත්ත...!